පක්ෂයක් වශයෙන් ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට පක්ෂ නායක වාසු දේව නානයක්කාර මහතා කිසිම පියවරක් නොගෙන අත්තනෝමතික ආකාරයෙන් කරන වැඩ දිහා තව දුරටත් බලා සිටීමට නොහැකි නිසා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු වීමට තීරණය කළ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ හිටපු ජාතික සංවිධායක ප්‍රදීප විජේසුන්දර මහතා පැවසීය.
වාසුදේව යනු වෙනුවට ‘වාසිදේට’ යන්න ඔහුට වඩාත් සුදුසු බවත් සිරිකොත මුලස්ථානයේදී මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අතින් එජාප සාමාජීකත්වය බාර ගනිම්න් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුජීව කියන විදියට වාසු අවංක හා හොඳ දේශපාලන චරිතයක් නම් මර්වින් සිල්වා පිස්සු(නීතියට පටහැනිව) නටනකොට කොහෙද හිටියේ? වැලිවෙරියේ වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියනකොට කොහෙද හිටියේ? ටෙන්ඩර් වලින් මිලියන ගණන් වලට මිල ගණන් ඉදිරිපත් කරනකොට බිලියන ගණන් වලට ලබා දෙනකොට කොහෙද හිටියේ? නිදන් හොරුන්ට විරුද්දව ක්‍රීයා නොකොරන කොට කොහෙද හිටියේ? කැසිනෝ වලට අනුමැතිය දෙනකොට කොහෙද හිටියේ? දැන් ආපසු ප්‍රතිසොදන සමග කැසිනෝ ඉදිරිපත් කරනකම් මොනවද බලාගෙන ඉන්නේ? ප්‍රතිපත්ති මත මම ගරු කරපු වාසු මෙහෙම කරනකොට අපි කොහොම කරන්න ඕනද?දැන් තමයි හොඳම වෙලාව වාසු කව්ද කියල ඔහු විසින්ම කියල දෙන එක. ඇමතිකම ගන්නකොටම මමනම් හිතුව ගොනා හැරෙන්නේ කොහාටද කියල? අනේ අනිච්චන් අවංක දෙසපලනයක් කරන අවංක දේවල් ? (නදී)
බලමු මේ පාරවත් ඡන්දෙන් ගොඩ එන්න පුලුවන්ද කියලා (නි)
මේ අළුත් නම නම් හොදටම ගැළපෙනවා (නි)
කොහොම හරි කමක් නැහැ ගොඩඑනවා නම්.... (නි)
අජිත්, යන්න පටන් අරන් ගොඩක් කල්. (නි)
රටේ ජනතාව එකතුකරගන්න නම් වුවමනාවක් නැහැ වගේ. පනින රිලවුන්ට ඉනිමන් තබන එක නවත්වන්නේ කවදද? (නි)
ඇයි ගෝලයා විතරක්? වාසුත් ගියා නම් හරිනෙ (නි)
චන්දන. පොඩ්ඩක් ඉවසන්නකෝ. (නි)
ආරියසේන, ඔයා කියන්නේ කොහේ තිබෙන ගාල්ල ගැනද..? (නි)
අපි බලමුකෝ ඉදිරියට මොකද වෙන්නේ කියලා (නි)
දැන් මට ලොකු බයක් තිබෙනවා. මොකද ළගදී උතුර වෙනම රජයක් වෙයි කියලා (නි)
ඔන්න තව මෝඩයෙක් විපක්ෂෙට පය ගහලා. (ස)
ආරියසේන, යය කියන්නේ අර ගාල්ලේ පිල උඩ..කට්ටිය රෙදි හෝදන්නේ ගලේ ගහලා.. (ස)
රනිල් නායකතුමා ගැන ප්‍රශ්න කරන අයට මෙතුමා හොඳ උත්තරයක් දීල තියෙනවා. මෙය සුබ නිමිත්තක්. (ස)
ආරියසේන මහත්මයා හරි පුදුම කතාවක්නේ ඔයා කීවේ? ලංකාවේ එක නගරයවත් ඔයාට පෙන්වන්න පුලුවන්ද මේ රජය බලයට පත්වුනාට පසුව කිසිම දියුණුවක්/සංවර්ධයක් නොවුණු? ඔයාට ඔයාගේ පක්ෂය වටිනවා වෙන්න පුළුවන්. නමුත් අනුන්ව ගොනාට අන්දන්න නම් පුළුවන් වෙන එකක් නැහැ. (ස)
වසුදෙවගේ අනිත් ඉතුරු සිය ගණනත් පිටේ නැග ගත්තත් අර කෙට්ටුවෙලා උනත් අලියට දැනේවිද... (ස)
දේශපාලකයන්ගේ වාසි ඇති මේ පැනිල්ලෙන් ජනතාවට කිසි සෙතක් නැත. (නි)
කවුද මේ?මොනවද කරන්නේ? (නි)
ෂා... අර දයාසිරි ආව වගේ දැන් ඉතින් යූඑන්පී එකට ඡන්ද ලක්ෂ දෙක තුනක් ලැබෙයි. අනේ වාසනාවන්. (ස)
පව්. බංකොලොත් පක්ෂෙට තවත් බංකොලොත් කාරයෙක් මුක්කු ගහලා. (ස)
බලමුකෝ කවුද බංකොලොත් කියලා (නි)
අලියා බංකොලොත් නැහැ.අලියා ඉක්මනටම නැගිටිනවා.හැමදාම වැටිලා ඉන්නේ නැහැ (නි)
වාසුදේව වාසිදේට යනකොට මෙතුමා අවාසි දේටද ගිහින් තියෙන්නේ? (ස)
ගත්තොත් ගන්නේ නියම කට්ටිය. ලබන පාර නම් ගොඩම තමයි !!!!!! (නි)
එයාට හම්බවෙන ගණන හිතා ගන්නත් අමාරුයි !! (නි)
වාසුදේව මොන තැන සිටියත්, මොන අමාත්‍ය ධූරයක් දරුවත්, ඔහු අද ඉන්න ඉතාමත් අවංක දේශපාලන නායකයෙකි. ප්‍රදීප්ට පෞද්ගලික වුවමනාවක් හෝ වාසියක් බංකොලොත් යූඑන්පී එකෙන් ලබනවා නම් අප සියලු දෙනා එයට ඔබට සුබ පතන්නෙමි. (ස)
ඡන්දෙ ලැබෙයිද බලමුකෝ (නි)
මොන දේශපාලකයත් එකයි (නි)
ෂා නියම කෙනෙක් ඇවිල්ල ඉන්නවා පක්ෂය ගොඩ ගන්න. දකුණු පළාත් සභාවට ප්‍රධාන ඇමති අපේක්ෂකයා වශයෙන් එ.ජා.පයෙන් ඉදිරිපත් කරන්න (දිල්)
අපි බලමු පොඩි වෙනසක්වත් වෙයිද කියා (නි)
මේ එන්න පටන් ගත්ත විතරයි(දිල්)
අජිත්, අනේ ඉතින් ඔයාගේ සිහින..! (නි)
අන්තිමට ඔය කොයිකව්රුත් නගින්නේ අලියා පිටේ තමයි (නි)
ගාල්ල කවදත් එක්සත් ජාතික පක්ෂයට නේ.ඒක කවදාත් වෙනස් වෙන්නේ නැහැ.ගාල්ලට යමක් කළා නම් ඒ එක්සත් ජාතික පක්ෂයේ රජයකින් පමණයි. (නි)