IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


‘‘වසංගතය පාලනය වන තෙක් සංචරණ සිමා තිබිය යුතුයි‘‘

රජය මගින් පනවා තිබෙන සංචරණ හා අනෙකුත් සීමා  කොරෝනා වසංගතය පාලනය කළ හැකි මට්ටමකට පැමිණෙන තෙක් තවදුරටත් පවත්වාගෙන යා යුතු යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයට යෝජනා කරයි.

රජය මගින් පනවා ඇති සීමා නිසා තමන්ගේ එදිනෙදා කටයුතුවලට කොරතම් බලපෑම් කළ ද බහුතර ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඒවාට උපේක්ෂාවෙන් මුහුණදිමට ජනතාව කටයුතු කළයුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසයි.

කොරෝනා වසංගතය සීග්‍ර ලෙස වැඩිවුවහොත්  පුද්ගල මරණ සංඛ්‍යාව වැඩිවිය හැකි අතර සෞඛ්‍ය අංශද අඩපණ විය හැකි බව ද ලක්කුමාර් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

කොරෝනා පාලනය කර රට නැවත යථා තත්ත්වයට පත් කිරීමට සියලු දෙනා පොදු අරමුණකින්  කටයුතු කළ යුතු බව  ද හෙතෙම පැවැසීය.



අදහස් (14)

‘‘වසංගතය පාලනය වන තෙක් සංචරණ සිමා තිබිය යුතුයි‘‘

Liyanage Monday, 31 May 2021 02:50 AM

මෝඩයන් විසින් පාලනය කරන්න රටක දොස්තරවරුන් මොනවා කරන්නද? මෙඩිකල් කන්සල්ටන්ට් නාමල් කුමාරයා නේ දැන් තීරණ ගන්නේ. රට බල්ලන්ට ගියාම ඔහොම තමයි. කාදිනල්තුමනි, මේ මෝඩයන්ට දෙන්න බෙහෙතක් දෙවියන්ගෙන්වත් ඉල්ලා සිටින්න.

:       40       35

prasannaMonday, 31 May 2021 03:47 AM

දෙවියෝ ඉනවනම් මේවා නැති වෙන්න ඔනි නේද බෙහෙත් මොකටද?

:       9       16

ලියනගේ Monday, 31 May 2021 04:25 AM

දෙවියන්ගේ බෙහෙත් ඉලලන අතරේ අනික් අයට මෝඩයොලු

:       8       20

චාමර Monday, 31 May 2021 04:12 AM

එදා වෙලක් හම්බකරන් ජිවත් වන අපි පව් .රස්සාවක් නැහැ සතියේ ගෙදර.

:       2       20

සමිත සේනක අලුත්ගමගේ. Monday, 31 May 2021 04:19 AM

වෛද්‍ය විද්‍යාවේ 'අ' යන්න හෝ නොදන්නා අනුවණ දේශපාලුවන් හා උදේ හවස ඒ අයගේ අනුවණ බස් ජනතාවට දෙසන හා ක්‍රියාවේ යොදවන එහෙයියන් ඒ දිනවල වෛද්‍ය මතය තඹ දොයිතුවකට මායිම් නොකළ හැටි මේ රටේ කාටත් හොඳහැටි මතකයි.තමන්ට හිතෙන හිතෙන හැටියට සංචරක සීමා දැම්මේ දේශපාලකයන් වෛද්‍ය විද්‍යාවේ කෙල පැමිණි ඇත්තන් වගේ. ඒකෙන් වුනේ මේ රටට විනේ කැටපු එක තමයි.ඒත්,ඒ ගැන වගේ වගක් නැතිව තමයි දැන් වැඩ කරන්නේ. අණුවනයන්ගේ වරදට පරිප්පු කන්න වෙලා තියෙන්නේ රටේ ජනතාවට.

:       5       23

jayath Monday, 31 May 2021 05:06 AM

මේකට තමයි ආඳා යවා වලපත ගන්නවා කියන්නේ... මුලින්ම මම තමයි පොර කියලා හිතාගෙන උද්දච්චකමට තීරණ ගත්තේ නැහැ වැඩේ ඇනුණාට පස්සේ වෛද්‍යවරු කිව්ව හින්දා කරගන්න දෙයක් නැතිම හින්දා කියලා සංචරණ සීමා දැම්මා... දමලා ගාර්මන්ට්, කම්හල් ඇරියා.. මොකද හාම්පුතුන් සතුටු කරන්න එපායෑ. දැන් ඒවා ආශ්‍රිතව පොකුරු බිහිවෙනවා. බොරුවට පාරවල් වහගෙන, කඩවල් වහගෙන ඉන්නවා. දැන් අර ඕකේ ඉන්න මෝඩ හැකරයින් ටික කියාවි ඔන්න වහන්න කිව්වා... අපි වැහුවා. කෝ අඩු වුණාද කියලා..? අනේ මෙහෙමත් ගොබ්බයින් ටිකක් !!

:       4       15

suga Monday, 31 May 2021 05:07 AM

සංචරණ සීමා පවතින කාලය තුළදී එන්නත් දෙකම ලබාගෙන ලංකාවට එන විදේශගත ශ්‍රමිකයන් පළමු PCR එක නෙගටිව් නම් ගෙදර යවන්න පුළුවන් නේද? මේ දවස්වල එලියට යන්න බැරි හින්ද ආරක්ෂාවක් තියෙනවනේ. එහෙම නොකරන්නේ ඇයි?

:       1       8

Ranuka Monday, 31 May 2021 05:12 AM

ඒක ඇත්තටම හොඳ අදහසක්... ගොඩක් හොඳයි...

:       1       11

යෝගා Monday, 31 May 2021 05:30 AM

ගෙවල්වල ඉන්න බල්ලෝ පූසෝ හැර අනෙකුත් හැමෝම එන්නත් කරන්නේ නැතුව අවදානම් කාණ්ඩය වන වයස 60 න් ඉහළ අයට පලමුව එන්නත දෙන්න. අඩුම ගානේ මැරෙන ගාන අඩු කරගන්න පුළුවන්

:       1       17

නස්නීන් Monday, 31 May 2021 07:50 AM

විශේෂඥ වෛද්‍යතුමනි. සංචරණ සීමා පැනවීම තුළින් පමණක් ප්‍රශ්නය විහිදෙන්නේ නෑ. එහෙම නම් පළමු වටයේ දී මාස තුනක් ඇඳිරිය පැනෙව්වා නේද?. හරි ගියාද?. සියළු දේවල් සැලසුම් සහගත ලෙස සිදුකළ යුතුයි. ඵමනිසා සම්පූර්ණ සැලැස්ම සකස් කර රජයට ඉදිරිපත් කරන්න. එය කාල වකවානු සහිත විය යුතුයි. මුදල් නොමැතිකම ගැන හිතන්න එපා. සැලසුම් අරගෙන ආධාර සොයා ගැනීමට හැකියි.

:       1       5

sama Monday, 31 May 2021 08:31 AM

දොස්තර මහත්වරු කිසිම දේශපාලනයකට කඩේ ගිය උගත්තු නෙවෙයි... එසේ වුවත් අද එම වෘත්තීය සමිති වලට කෙළින් කතා කරන කොන්දක් නැතිවෙලා තියෙනවා. එවන් කාලෙක මෙවන් සැබෑම වෛද්‍ය වෘත්තීකයන් අගේ කළ යුතුය.

:       0       7

fairoos Monday, 31 May 2021 10:22 AM

මෙයාලා කියයි. එදාවේල හම්බ කරන අපිට විකල්පයක් දෙන්න ආණ්ඩුවට බලකරන්න... ඊට පස්සේ රට වහන්න සතියක් නොවේ මාසයක්...

:       0       2

Sri Lanka Monday, 31 May 2021 10:56 AM

කොරෝනා කියන්නේ තනිකර බොරුවක් ජාත්‍යන්තර මාෆියාවක්

:       0       2

de silva Tuesday, 01 June 2021 01:37 AM

කල් ඇතුව එන්නත් ඇනවුම් කර ලංකාවට ගෙන්වා..., ඒවා මුළු දිවයිනම ආවරණය වන පරිදි ගමේ ඡන්ද හිමි නාමලේඛනයට අනුව වයස වැඩිම පුද්ගලයින්ගෙන් පටන් අරන්... මීට අමතරව හෘද රෝගීන්, ගැබිනි මව්වරුන් සහ සෞඛ්‍ය සේවකයින්, බස් කොන්දොස්තර, රියදුරු වැනි පිළිවෙළකට නාම ලේඛනයක් සකස්කර එන්නත් විදින දිනවල ඔවුන් කාණ්ඩ වශයෙන් ගෙන්වා දුරස්ථභාවය ආරක්ෂා කරගෙන එන්නත් කරන්නේ නැතිව, මිනිස්සු උදේ 4 සිට පෝලිම් ගස්සවා චිට් එකට එන්නත් විදීම වැනි ක්‍රමවලට එන්නත් ගැසීමෙන් රෝග පැතිරීම වැළකිය නොහැක. කොරෝනා සාධක බලකායේ ලොක්කා සෞඛ්‍ය අංශය පිළිබඳව කිසිම දැනුමක් නොමැති අවුරුදු 70ක් පමණ පුද්ගලයෙකි. නන්දසේන මහත්තයෝ ඔබ ෆේල්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 542 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 56 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 263 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මාතරින් දේශබන්දුට දුන් නියෝගය
2025 අප්‍රේල් මස 25 1251 0

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
2025 අප්‍රේල් මස 25 355 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.


ලාංකිකයෝ දෙදාහකට ඊශ්‍රායලයේ රැකියා දොර ඇරිලා
2025 අප්‍රේල් මස 25 337 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 805 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 532 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site