විල්ගමුව වස්ගමුව ජාතික වනෝද්‍යානයේ කදගහකන්ද කදුවැටියේ අක්කර දෙකක කංසා හේනක් වැටලු විල්ගමුව පොලීසය අඩි හතක් උසට වැවුණ පැළ හාරදහසක් ගිනි තබා විනාශ කළේය.
විල්ගමුව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ධම්මික සෙනවිරත්න දඹුල්ල විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ද සමඟ මෙම වැටලීම සිදු කැර ඇත.
කංසා තොගයේ වටිනාකම රුපියල් අනු ලක්ෂයක් වෙතියි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් මේක දකින්නේ වීර ක්‍රියාවක් ලෙස නෙවෙයි.මේවා බෙහෙත් ,මේවා වැරදි විදියට භාවිත කිරීම තමා මත් ද්‍රව්‍ය ලෙස සැලකෙන්නේ .ගිනි තබනවා වෙනුවට රාජ්‍ය ඖෂධ සංස්ථාවට ලබා දුන්නනම් එකෙන් වැඩි වෙන්නේ රටේ දළ දේශීය නිෂ්පාධිතයට හොඳ වෙයි (දිල්)
අක්කර 2 ක් වවලත් ලක්ෂ 90. අක්කර 1/2ක ඉඟුරු වැව්වනම් ලක්ෂ 120 ක් ඇත. නීත්‍යානුකුලව...(දිල්)
අඩි 7ක් උසට වැවෙනකම් කිසිම වගකිවයුතු නිලධාරියෙක් ඔය පැත්තට ගියේ නැද්ද? මොකද දවසෙන් දෙකෙන් අඩි 7ක් උසට වැවෙන්නේ නැහැනේ.(දිල්)
ෂෙහාන් ඔබ හරියටම හරි. එපමණක් නොවේ ඕනෑම කෙනෙක් කුඩා ඉඟුරු කෑල්ලක් පිරිසිදු කර කුඩාවට කපා ලීටර් භාගයක් පමණ වන උණු වතුරේ දමා සිසිල් කර නිතර ඒ වතුර පානය කරයි නම් ඔහුට නිරෝගී ජීවිතයක්ද ගත කළ හැකිය. ඉඟුරු සොබාදහමින් අපට ලැබී ඇති ඉතාමත් වටින ඖෂධයකි. (නදී)
මේ දුම ආග්‍රහණය කරන සත්තුන්ට මොකද වෙන්නේ?(දිල්)
මතට තිත කුඩු කන්ටේනර් වලට නොව දේශීය කංසා වලට බව කරුණාවෙන් සලකන්න.(දිල්)
මේ සම්පත් වලින් නිසි ප්‍රයෝජන ගැනීමට බලධාරීන්ගේ නැණැස පෑදේවා! (දිල්)
ෂෙහාන් අපි ඔක්කොම ඉඟුරු වැව්වොත් විකුනන්නේ කාටද? එතකොට මිල පහල යනවා නේද? (නදී)
මේවා විනාස කරනකොට කුඩු ව්‍යාපාරිකයන්ට තමා සරු වෙන්නේ (දී)