වස්ගමුව ජාතික වනෝද්‍යානයට අයත් අඹන්ගග රදවැල්ල ප්‍රදේශයේදී මහා පරිමාණ වැලි ජාවාරමක නිතර වී සිටි 15 දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වු බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
වැලි පැටවු ට්‍රැක්ට්‍රර් 8 ක් හා ඩෝසරයක් සමග මොවුන් අත්අඩංගුවට ගනු ලැබුහ.
ජනාධිපති ලේකම් කාර්යාලයයේ සේවකයින් බව පවසමින් ප්‍රෙද්ශයේ ප්‍රාදේශිය දේශපාලනඥයින්ගේද සහය ඇතිව මෙය සිදු කර ගෙන ගොස් ඇති බව තොරතුරු අනාවරණය වී ඇත.
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සේවකයකු කියා සිටියේ වැලි ගොඩ දමන ප්‍රදේශයට කිසිදු අයකුට යෑමට අවසර නෙදුන් බවත් ජාවාරම්කරුවන් රක්ෂිතයේ විදුලි වැටටද හානි සිදු කැර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වැලි එකතු කලේ ජනාදිපති ලේකම් කාර්යාලයේ මිදුලට දමන්න වෙන්න ඇති.(නදී)
මේවට තමයි කියන්නේ ගුරා හිටගෙන කරන දේ ගෝලයෝ දුව දුවා කරනවා කියලා (නි)
සහය දක්වාපු දේශපාලකයන්ට ද දඩුවම් දිය යුතුයි. (ස)
දර්ශන්, 'සහාය දැක්වූ දේශපාලකයෝ" මෙතන නැහැ. ඒ අය තමයි කෙලින්ම වැඩේ කරන්නේ. හැබැයි, සහාය දැක්වූ කට්ටියක් නිසැකවම ඔතන ඇති. ඒ මහත්තුරු දැන් පසුබිමට සේන්දුවෙලා ඔලුව හංගාගෙන ඇති. (නි)
හෙට වෙනකොට එළියට ඇවිල්ලා අල්ලපු පොලිසියේ අයටත් කණට ගහයිද දන්නෙ නැහැ. එහෙම රටක්නේ! (නි)
මෙන්න ජාතික අපරාධ. ගරු ස්වාමීන් වහන්ස, කැසිනෝ පැත්තක තබා මෙන්න මේවාට විරුද්ධ වෙන්න (නි)