බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරිකයකු වු මොහොමඩ් සියාම් ඝාතනයේ සැකකරුවකු වු වාස් ගුණවර්ධනට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් උසාවියේදී තවත් නඩුවක් අද (23) පැවරිණි.
එම ඝාතන පරීක්ෂණ කළ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඇතුළු රහස් පොලිස් කණ්ඩායමට මරණ තර්ජන එල්ල කළැයි ඔහුට විරුද්ධව මේ නඩුව පවරා තිබේ .
ලබන 26 වැනිදා ගුණවර්ධන මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වැලිකඩ බන්ධනාගාර අධිකාරීට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල හිතාගෙන හිටියේ යුනිෆොර්ම් එක ඇගට දා ගත්තම ඕනේ දෙයක් කරන්න පුළුවන් කියලා, මේවා හොද පාඩම් අනිත් නිලදාරින්ට.(නදී)
මුළු රටේම අපරාද අල්ලපු ඔබ තුමාට මේ සිද්ද වුනු දේ ගැන නම් හිතාගන්නවත් බෑ,ඒත් වරදක් කලානම් ඒකට දඩුවම් විදින්නම වෙනවා. ඒත් තාම සැකකරුවෙක් විතරනේ. ඔබ තුමා රටට මහත් සේවයක් කරපු පොලිස් නිලධාරියෙක් ඒ සේවය අගය කරමි.(නදී)
අපි අහල තියෙන හැටියට කීර්තිමත් නමක් දිනාගත් නිලධාරියෙක් ශානි අබේසේකර. රේගු නිලධාරී සුජිත් පෙරේරාගේ මිනීමරුවන් ඉතා දක්ෂ ලෙස කොටු කරගත්තෙත් ඔහු. මෙතෙන්දි මට මතක් වෙන්නේ තවත් කීර්තිමත් නිලධාරියෙකු වූ සමුද්‍රජීව මහතාට මරණීය තර්ජන කරපු ලොකු නිලධාරියෙකුට හිරේ යන්න වුන හැටියි. (දී)
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ, හපොයි අපි මොනවා කරන්නද? (ස)
එයාගෙන් වැඩ අරන් දැන් අයින් කරලා වගෙයි (නි)
ලාරා, බලය තිබුන පලියට ඒක පාවිච්චි කළහම ඔහොම තමා. බලන්නකෝ වැලිවේරියේ පට පට ගාලා වෙඩි තියපු කට්ටියට මොකද වෙන්නේ කියලා. කරපු පවු වලට වන්දි ගෙවන්න වෙනවාමයි (නි)
කරනකලට පව් මිහිරිය මි සේ
දේශපාලකයන්ට රජයේ නිලධාරීන් ඕනවට වඩා කිට්ටු වී වැඩ කිරීමෙ ආදිනව (දී)