(රංජිත් රාජපක්ෂ)
තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ තිබි සොයාගත් කාන්තා මළ සිරුර කඳුමුදුනේ සිට පහළට රැගෙන ඒමට ගිය පිරිස අතර සිටි යුද හමුදා කෝප්‍රල්වරයකු හදිසියේ රෝගාතුරවී නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව ළිඳුල පොලිසි කියයි.
මෙසේ මියගොස් ඇත්තේ යුදහමුදා තුන්වන සිංහ රෙජිමේන්තුවෙන් කෝප්‍රල් හේරත් නමැති අනුරාධුර ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද පොලිසිය කියයි.
ග්‍රේට් වෙස්ටර්න් කදුවැටියේ කදවුරු බැදිම සදහා (01) දින එම කදු වැටියට ගිය පිරිසක් ග්‍රේට් වෙස්ටර්න් කන්දේ එක් පසක ප්‍රපාතයට ආසන්නයේ කාන්තා මල සිරුරක් දැක තලවකැලේ පොලිසිය වෙත කරන ලද දැනුමට අනුව එම මළ සිරුර සොයාගත්තේය.
මේ සම්බන්ධයෙන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය දැනුමත් කිරීමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් ජේ.අඹගහවත්ත මහතා ලිදුල පොලිසියට අද (2) දින නියෝග කළේය.
මල සිරුර තිබු ස්ථානයට ගිය නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සංජය විරසේකර මහතා අධික්ෂණය යටතේ නුවරඑලිය පොලිස් කොට්ඨාසයේ ආපරාධ ස්ථාන පරික්ෂාගාර නිලධාරින් සහ ලිදුල පොලිසියේ නිලධාරින් සිරුර දැඩි පරිශ්‍රමයක් දරා යුද හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ භට පිරිස් සහයෝගයෙන් කදු මුදුණේ සිට රක්ෂිතයෙන් පිටතට රැගෙන එනු ලැබුහ.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ බිරිද ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන
අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්
නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය
මාතර, කැකනදුර ,රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ කළ වෙඩිතැබීමකින් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
සිංහරාජ ලෝක උරුම වනාන්තරයට සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුල්වි මෙරටට ආවේනික ජෛව සම්පත් රැස් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් රුසියානු සරසවි සිසුන්
දිවයිනට බළපා ඇති වැසි තත්වය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) දහවල් සිට විවෘත කළ බව ජලාශය භාර වාරි ඉන්ජිනේරු එම්.ජී
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වෙස්ටර්න් කන්දේ මළ සිරුර ගේන්න ගිය කෝප්‍රල් මිය යයි
Bunny Preena Thursday, 03 August 2023 09:25 AM
හද සසල කල පුවතක් .ජීවිතය තන අග පිනි බිඳු වැනිය .අවදානම් වැඩවලට ඕනෑම වෙලාවක සූදානම් පිරිසක් තමයි යුද හමුදා සොල්දාදුවන් .තමාට පැවරුණු රාජකාරිය ඉටුකොට ජීවිතයට සමුදුන් ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමි
රට වැසියා Thursday, 03 August 2023 11:55 AM
ඇත්තෙන්ම ඉතාම කණගාටු දායක පුවතක්. අපේ රටේ මේ වගේ අවස්ථාවන් කලමණාකරණය කරන්න අවශ්‍ය තාක්ෂණික දැනුම, පුහුණුව, සහ තාක්ෂණික සම්පත්වල හිගයක් තියෙනවා. මල සිරුර ලීයක ගැට ගසා ගෙන ආකාරයක් දැකිය හැකියි! මෙය වෘත්තිය මට්ටමේ අවස්ථාවක් නොවේ! - මේ සඳහා විශාල පිරිසක් එහි ගොස් ඇති බවද ඡායාරූප වලින් දැකිය හැකියි, මෙසේ කිරීම අවශ්‍ය දැයි සිතිය යුතුය.
6733 Friday, 04 August 2023 05:40 PM
මෙවැනි මෙහෙයුමකදී තම කාර්ය බාරය මැනවින් ඉටුකර ජීවිතයට සමුදුන් ඔබට අජරාමර නිවන් සුව ලැබේවා. උතුම් වූ නිවන් සුවයම ළඟාවේවා.. !
Sammy Saturday, 05 August 2023 02:06 PM
පව් ඒ මැරුණු කෙනා...!