IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


වසූදා වූ මීනා කුමාරි

2016-12-29-ent-73

”වසූදා” කියන්නෙ අපේ රටේ නූතන ටෙලිනාට්‍ය කලාවෙ එක් යුගයක්. ඉන්දියානු කතා රැුල්ලට සමීප ලෙස බිහිවුණු මේ ටෙලි නාට්‍ය මාලාව වටා පේ‍්‍රක්ෂකයො බොහෝ පිරිසක් එක්රොක් වුණා.

2016-12-29-ent-75ලංකාවෙ දීර්ඝතම ටෙලිනාට්‍ය වශයෙන් ඉතිහාස ගත වූ මේ ටෙලිනාට්‍යය වඩා විචිත‍්‍රවත් වුණේ අපූරු කාන්තාවක් නිසා. ඇයව ඔබට මතකද? ඇය රුව ගුණ වගේම ඉවසීම, දරා ගැනීමේ ශක්තිය හිමි දයාබර හදවතක් ඇත්තියක්. යකඩ ගැහැණියක්. මේ ආදරණිය චරිතයට පණ පෙවූ ඇය තමයි මීනා කුමාරි.

මෙම ටෙලිනාට්‍ය විකාශය නිමාවී බොහෝ කලක් ගත වුවද මීනාව තවමත් බොහෝ දෙනෙක් හඳුන්වන්නේ වසූදා නමින්. ඒ තරමට ඒ නාමය පේ‍්‍රක්ෂක හදවත් තුළ ලැඟුම් ගන්නට සමත් වුණා.

මෙවර සිත් ගත් රංගනයෙන් එක්වන්නේ ඒ සුන්දර චරිතය ‘‘වසූදා’’ වූ මීනා කුමාරි.

 

මීනා කොහොමද වසූදා ටෙලිනාට්‍ය සඳහා සම්බන්ධ වෙන්නෙ?

වසූදා කියන්නෙ ඉන්දියාවෙ තිබුණු නාට්‍යයක්. ඉතින් මේ නාට්‍යය ලංකාවෙ විදියට කරන්න යනවා කියලා මේ සඳහා සුදුසු රංගන ශිල්පිනියන් තේරුවා. රාධාන් ටැලන්ට් ෆැක්ටරි නිෂ්පාදන ආයතනයෙන් තමයි සම්මුඛ පරීක්ෂණ පැවැත්වුවෙ. මේ සඳහා සුදුසු නිිළියන් තෝරන්න දකුණු ඉන්දියානු රංගන ශිල්පිනියක් වන රාධිකා ලංකාවට ඇවිල්ලා හිටියෙ. මේ වෙනුවෙන් මගේ සමකාලීන ජනප‍්‍රියම නිළියන් සම්බන්ධ වෙලා හිටියා. ඒ දවස්වල ලංකාවෙ ජනප‍්‍රියම නිළිය ලෙස හිටපු කාංචනා මෙන්ඩිස් පවා දායක වුණා. කොහොමහරි අවසානයේ ඒ හැමෝම අතරින් මාව තමයි වසූදා චරිතයට තේරී පත්වුණේ.

 

ඒ චරිතය ඔබටම ලැබීම ගැන මොකද හිතුණෙ?

ඇත්තටම මාව මේ චරිතෙට තෝර ගත්තෙ එහි ප‍්‍රධානියාගේ අත්‍යවශ්‍යතාව මත කියලා මම පසුව දැනගත්තා. ඒ සඳහා බාධාත් තිබුණා. මොකද වෙන අයගේ නම් ගොඩක් යෝජනා කරලා තිබුණේ. නමුත් ඒ කාන්තාවට මමම සුදුසුයි කියලා තමයි මට අවස්ථාව ලැබුණේ. ඉතින් ඒ චරිතය ලැබීම වාසනාවක් විදියට මම දකින්නෙ.

 

ලංකාවෙ ගොඩක් දීර්ඝ ටෙලිනාට්‍යවල දිගට ඇදෙන චරිත කතාව අවසානය තෙක් රැුඳී සිටිනවා හරි අඩුයි. නමුත් ඔබ වසූදා අවසානය තෙක් රැුඳී සිටියා නේද?

ඔව්, ඒක තමයි විශේෂත්වයක් විදියට සලකන්නෙ. ගොඩක්ම දිගට ඇදෙන ටෙලිනාට්‍යවල ප‍්‍රධාන චරිතය බොහෝ දුරට වෙනස් වුණා. මෙහි කොටස් 900 ක් තිබුණා. නමුත් මම ඒ කොටස් අවසන් වනතෙක්ම රැඳුණා. ඒක මගෙ ජීවිතේ ලොකු සංධිස්ථානයක්.

 

පේ‍්‍රක්ෂකයෝ ගොඩක් මේ චරිතය හරහා එක්වුණා නේද?

ඔව් අනිවාර්යෙන්ම. මේ වෙනුවෙන් රසික රසිකාවියො ගොඩක් එකතු වෙලා හිටියා. විශේෂයෙන්ම කියන්න ඕනෑ දමිළ, මුස්ලිම් අය තමයි ඒ අතර වැඩිපුර හිටියේ. හේතුව මොකද්ද කියලා මම හරියටම දන්නේ නෑ. සමහර විට ඉන්දියානු ටච් එක එහි තිබුණු නිසා වෙන්න ඇති.

 

ලැබුණු ප‍්‍රතිචාර ගැන කතා කළොත්?

අදටත් මම පාරෙ යද්දී ඉතා ඉහළ ප‍්‍රතිචාර තියෙනවා වසූදා චරිතයට. තවමත් මට ඒ නමින් කතා කරන්නෙ. ඒ ගැන ඇත්තටම හරි සතුටුයි. ඒ ලැබුණු තෘප්තිය, වටිනාකම ගැන කියන්න වචන නෑ. මට අදටත් ඒ ගැන තෘප්තිමත්ව කතා කරන්න පුළුවන්. ඇත්තටම මේ චරිතය හරහා ඉවසීමේ ගුණය, දරාගැනීමේ ආකාරය, ප‍්‍රශ්නවලට මුහුණ දෙන විදිය ඒ හැමදේම දරාගැනීමේ උපේක්ෂාවෙන් ඒක තමන්ගේ ජීවිතේට එකතු කරගෙන ගොඩනැඟුණු චරිත තියෙනවා. අදටත් මට කතා කරලා ප‍්‍රශ්න කියන අය ඉන්නවා. ජීවිතේට කොහොමද මුහුණ දෙන්නෙ? ඒ වගේ දේවල් කතා කරන අය ඉන්නවා. වසූදා චරිතය මතක් කරගෙන ජීවිතේට මුහුණ දෙනවා කියන කට්ටිය ඉන්නවා. මම ඇත්තටම රංගන ශිල්පිනියක් විදියට පුදුම සතුටක් ලබනවා. මොකද මේ චරිතය හරහා සමාජයට ලොකු පණිවිඩයක් ලබා දුන්නා කියන එක හෝ ඒ චරිතයෙන් ජීවිතේට යම් දෙයක් එකතු කරගත්තා කියන තැන සමහරු ඉන්නවා. වසූදා කියන්නෙ හරි ඉවසිලිවන්ත යකඩ ගැහැනියක් කිව්වොත් නිවැරදියි.

 

සැබෑ ජීවිතයේ ඔබත් ඒ වගේද?

සැබෑ ජීවිතේ මම හිතනවා සමානකමක් තියෙනවා කියලා. ඒ සමානකමට හේතුව වෙන්නෙ ඒ චරිතෙ තුළම ජීවත්වීම නෙමෙයි. ඒ චරිතය මට කරන්න පහසු වුණේ ඒ හැඟීම් මට විවෘතව ප‍්‍රකාශ කරන්න හැකිවුණේ මම හිතනවා මම ජීවිතේ ලබපු අද්දැකීම්වලින් කියලා. ඒ අද්දැකීම් ලැබුණේ මූලික අධ්‍යාපනය ලැබුණ තැන සිටමයි. පාසල සහ නිවසින් ලැබුණු අද්දැකීම් සහ මම අමතරව කරපු ගායනය, නර්තනය, ක‍්‍රීඩාව ඒ හැම දේකින්ම. ඒවායින් ඉවසීම, දරාගැනීමේ ශක්තිය හැමදේම ලැබුණා. ඒ වගේම ශිෂ්‍යභට කණ්ඩායමේ හිටියා, මගේ මුල්ම රැකියාව වුණෙත් ගුවන් හමුදාවේ සේවය කරන එක. එහිදී දක්ෂතම ගුවන් කාන්තාව බවටත් පත්වුනා. ඒ ලබපු අද්දැකීම් මත තමයි මේ චරිතෙ ගෙනිච්චෙ.

 

වසූදා ඇඳුම් විලාසිතාවත් ජනප‍්‍රිය වුණා නේද?

ඇත්තටම වසූදා සාරි කියලා මම ඒ ටෙලිනාට්‍යයට ඇන්ද සාරි විලාසිතාව ගොඩක් ප‍්‍රචලිත වුණා. ඒ වගේම මම පැළඳුව මාලෙත් කාන්තාවන් අතර ජනප‍්‍රිය වුණා. මට ස්වර්ණාභරණ අළෙවිසැල්වලින් පවා කතා කළා දැන්වීම්වලට. නමුත් මම ඒවට ගියේ නෑ. මොකද මට ඒ තැනට පත්වෙන්න ඕනෑ වුණේ නෑ. මුදල නෙමෙයි මගේ ජීවිතේ. ඉතින් ඒ සඳහා වසූදා නාට්‍යයට සම්බන්ධ වුණු වෙනත් කෙනෙක් තමයි එයට දායක වුණේ. මට අවශ්‍ය වුණේ මේ චරිතය හරහා සමාජයට කාන්තාවන්ට දෙයක් කරන්න සහ විඳින්න පුළුවන් චරිතයක් බවට පත් කරන්න විතරයි.

 

මේ චරිතය තරුණ අවධිය, මැදි වයස, වැඩිහිටි අවධිය දක්වාම ගෙන ගියානේ. ඒ තරමට ඇදෙද්දී මීනාට එපා වුණේ නැද්ද?

මේ චරිතෙ අවුරුදු 19 වයසේ ඉඳන් පටන් ගත්තෙ. ඉතින් ඒ 19 වයසෙදි ඒක ඇත්තටම මට දැනුණා. මම ඒ කාලවකවානුවට ගියා. ඒ කාලවකවානුව ක‍්‍රම ක‍්‍රමයෙන් ගෙවිලා ඒ අනුව දීර්ඝ කාලීනව වයසට පත්වෙලා. දරුවන්ගේ ප‍්‍රශ්න, ඔවුන්ගේ විවාහ ජීවිතවල ප‍්‍රශ්න ඒ හැමදේම මිනිස්සු තමන්ගේ කරගත්තා. ඉතින් මට මේ චරිතය කරද්දි ඒකාකාරී බවකින් මිදුණේ චරිතෙ වයස් ප‍්‍රමාණ වෙනස්වීමම තමයි. මම මෙමඟින් සතත අභ්‍යාසය කියන දේත් ඉගෙන ගත්තා.

 

ධනු විජේරත්න

 

2016-12-29-ent-74



අදහස් (0)

වසූදා වූ මීනා කුමාරි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 21 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 162 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 212 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 420 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 153 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 111 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26088 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site