මාළඹේ තාක්ෂණ ආයතනයේ නිපුණ රාමනායක ශිෂ්‍යයාට පහර දුන්නැයි සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා ඔහුගේ පුත් නිපුනට අදත් චෝදනා ගොනු නොකැරිණි.
චෝදනා ගොනු කරන ලෙස නීතිපි උපදෙස් ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
ගුණවර්ධන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ඊට එරෙහිව කරුණු දැක්වූහ.
සැකකරුවන් ලබන 14 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත් කමල් විජේසිරි මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය වැරදි වලට සම්මබන්ධ ඔය දෙන්න විතරමද, ඔය ලොකු ලොකු පුටු වල ඉන්න අනික් කට්ටිය වැරදි කරලම නැද්ද? අපේ කට්ටිය කොහොමත් දන්නේ වැටුන මිනිහටම ගහන්න තමා. (ස)
වාස්ගේ පුතත් වැඩ කරලා තියන්නේ හැසිරිලා තියෙන්නේ අර අහවල් ඇමතිගෙ පුතා වගේ. (ස)
ගිම්හානි ඔබ හරි මොකද සත්‍ය ජයගන්නවා බොරුව ,අපරාද හැමදාම කරන්න බැහැ. ඒකනේ වාස් අහු උනේ ටිකක් ඉවසල බලාගෙන ඉන්න කරපු පව් ගෙවන හැටි.(නදී)
අර නිපුනට ගහපු කෙනාට මොකුත් කරදරයක් නෑ නේද ?? නිපුන බේරුනේ තම මාමා බලගතු දේශපාලකලෙක් නිසා. (ස)
ලංකාවේ මිනිසුන් මහා පුදුම කොටසක්. වාස් සහ ඔහුගේ පුතා කල වැරදී වලට ඔවුන් නීතියෙන් දඬුවම් ලැබෙන තුරු නඩුවක් යනවා. මෙහෙන් අපේ කට්ටිය තීන්දුවත් දීලා ඉවරයි. වාස් හොඳ මිනිහ කියලා. ඒත් මෙයාලගෙ පවුලම කරපු වැඩ මුළු රටම දන්නවා. (ස)
නිපුනට ගහනකොට හිතුවේ නැහැ නේද තමුන්ගේ ළමයටත් මේ වගේ වුණොත් කොහොමද කියලා? දැන් පුතා අපා දුක් විදිනවා. දැන් තමුන්ගේ පුතාට පොලීසියෙන් සළකනවා. බලය තියෙනකොට නිහතමානී වෙන්න ඕනෑ (නි)
වාසුයි පුතයි කියලා කියනකොට මම ඒත් හිතුවෙ වෙන දෙයක් (නි)
පිය පුතු දෙදෙනාටම වුණේ එකම දේ (නි)
ලංකාවේ ඉන්න මිනිසුන්ට හරි දේ කරන මිනිසා පෙනෙන්නේ වැරදියට. මිස්ටර් වාස් කියන්නේ ලංකාවට ඉතාමත් ආදරය කළ කෙනෙක්. මේවා දරාගෙන ඉන්න බැරි අය මේ මහත්තයාව හිරේ දාන්න දගලනවා (නි)
ජයවේවා නියමයි (දී)
ඔහොම තමයි මොනවා කරන්නද (දී)
ගිම්හානි,ගජ මෑන් දෙන්නා කියන දේ මමත් අනුමත කරනවා. ඔබට මේ සියල්ල විදදරා ගැනීමට ශක්තිය ලැබේවා! (නි)
වාස් වීරයකු මෙන් සිටියේ අහිංසකයන් අල්ලා ඔවුන් වැරදිකරුවන් කරමින්. වාස්ගේ අඩම්තේට්ටම් වලට වැරදි නොකරපු මිනිහත් වැරදි කළා කියලා බාර ගන්නවා කියලා කියනවා. අද හිරේ සිටින බොහෝ දෙනෙක් වැරදි කළ අය නොවේ. දුප්පත්කමත් අහිංසකකමත් නිසා නිකරුනේ වැරදිකරුවන් වෙලා. සැබෑ වැරදිකරුවන්ට එළියේ රජ සැප. සල්ලි තිබේ නම් නීතියත් අතේ. දැක්කේ නැද්ද ඔලුව පලා ගත් මේජර්ලත් එයාම ඔලුව පලා ගත්තා කිව්වා. සමහරු තමන්ම ගස් බැඳ ගත්තා කිව්වා (නි)
මැරෙනකම්ම හිරේ තමා. (ස)
කකුළුවො නැටුවෙ හැලිය රත්වෙන තුරු. (ස)
ගිමිහානිටත් එහෙනම් වාසු මහත්තයා හොඳට සලකලා තියෙනවා වගේ. හොඳා හොඳා. (ස)
හොද ලක්ෂයක් කළත් නරක එක වැඩ කළත් නරක දෙය නරකමයි. ස්වභාවිකව හෝ දඩුවම් ලැබනවාමයි. ෆස්රුල් ගෆූර් - කටාර්, ඔබගේ අදහස අගෙයි (නි)
කල හොඳ අපේ නම් හිතේ තියෙනවා. අපි උදේ හවා ප්‍රර්ථනා කරන්නේ මෙතුමාට මේ චෝදනා වලින් නිදහස ලැබේවා කියලා. (ස)
නැහැ මංජු කතාවක් තියෙනවා පැරදුන කුකුලට කිකිලියොත් කොටනවා කියලා .අපේ සිංහල උන්ට මතක තියෙන්නේ කරන තුරු පමණයි .මොනවා උනත් වාස් මහතාණනි, ඔබ දිනකදී වීරයෙක් වෙලා හිටියා.ඔබ තුමා කවුද කියල දන්නෝ දන්නවා.සියල්ල විසදේවි. ශක්තිමත්ව ඉන්න.ඔබට දෙවි පිහිට පතනවා. සමහරු ඔබ ගැන දන්නේ පත්තර වලින්.කවදම හෝ සත්‍ය ජය ගන්නවා. (ස)
මංජු පිළිතුර නැ යන්නයි. (ස)
මෙතුමා කරපු හොඳ දේවල් බුක්ති විදින ජනතාව ලංකාවේ නැද්ද? (ස)
"රජකම් කලත් කළකම් පලදේ" අහිංසකයින්ට අඩත්තේට්ටම් කිරීම තුලින් ඔවුන් කායික හා මානසිකව මොනතරම් වේදනාවක් විදින්නට ඇත්ද? එම වේදනාව අපේ විනාශයට මුල් වෙනවාට කිසිම සැකයක් නැහැ. සමහරු තමන්ට ලැබෙන බලය අයුතු ලෙස පාවිච්චි කරලා මොනතරම් අපරාධ කරනවාද? ඒ මදිවට අපරාධ කරුවන් ආරක්ෂා කරන්න කීදෙනෙක් ඉදිරිපත් වෙනවාද? මේ සියලුදෙනා අනිවාර්යයෙන් දඩුවම් විඳීම වැඩි ඈතක නොවේ. ඔවුන් කවුරු වුනත් දඩුවම් ලැබිය යුතුය. විධායක හෝ ව්‍යවස්ථා වෙන් සිදුනොවුනත් ස්වාභාවික විපත් වලින් හරි දඩුවම් විදින්න සිදුවේවි. යම් කෙනෙකුගේ සිත රිදෙන ආකාරයට හෝ වචන භාවිත නොකිරීමට අපි වග බලාගතයුත්ය. එවැනි උසස් මානසිකත්වයක් තිබිය යුතු මිනිස් වර්ගයා අද තිරිසන් ලෙස හැසිරීම කනගාටු දායකය. (නදී)
දාන්න එපා එලියට.දැම්මොත් ලෝක ලෙඩක් .මතකනේ මෙයා කියපුවා. (ස)
ඔව් ඔව් වැරදි කලාම දඬුවමකුත් තියෙන්න ඕනිනේ ! (ස)
"නපුරු කලට සත හට පැමිණෙන වෙහෙස - ඒ දුරු නොවෙයි කල කම් පල දෙවා මිස". ඔහොම වෙයි කියල අපිවත් හීනෙකින්වත් හිතුවද හිටපු හැටියට? (ස)
චෝදනාවක් තියේ නම් ගොනු කරලා ඉක්මනට ව්භාග කරලා දඩුවම් කරන්න ඕනේ. හැමදාම රිමාන්ඩ් කරලා වැඩක් නෑ නීතීඥවරුනට තමි හොදයි ඉතින් දුප්පත් අපේ බදු සල්ලි තමා නිකරුනේ වියදම් වෙන්නේ (නදී)
මොනවා කරන්නද ඉතින් කරුමේ (දී)