(ජනුර් කිවිලාන්)
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පසුගිය වසර දහය තුළ තුන් ලක්ෂ පනස් දෙදාහක් පොල් ගස් කපා දමා තිබෙනවා. පොල් අක්කර 4072 කට්ටිකර ඇති බව හිටපු ලේකම් ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ආචාර්ය පද්මකාන්ත වඳුරාගල මහතා පැවසීය.
දැනට වසර තිහකට පෙර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල් අක්කර ලක්ෂ තුනක් තිබූ අතර 2024 වර්ෂය වන විට ඇත්තේ පොල් අක්කර 93.000.ක් පමණ බවත් පොල් ගස් ලක්ෂ දෙකකට වැඩා කපා විනාශ කර ඇති බවත් ඒ මාහතා පැවසීය.
ඉහළ යන පොල් මිල පාලනය කිරීම සඳහා කෙටිකාලීන විසඳුමක් ලෙස පොල් ආශ්රිත නිෂ්පාදන අපනයන කිරිම තාවකාලිකව නවතා එම පොල් දේශීය වෙළඳ පොළට දැමිය යුතුය.එසේ නැතිනම් පොල් මිල පාලනය කිරීම සඳහා පොල් ආනයනය කළ යුතු බවද ඒ මහතා කිය.
පොල් ඵලදාව ආරක්ෂා කර ගැනීම සඳහා දිගු කාලීන විසඳුමක් ලෙස රිලව් පන්නා දැමීම සඳහා ලංකාවේ පර්යේෂණ ආයතනයක් විසින් උපකරණයක් සාදා ඇති අතර එය වෙළඳපොළට නිකුත් කර නොමැති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වසර 10ට පොල් ගස් ලක්ෂ තුන හමාරක් කපලා
යෝගා Sunday, 20 October 2024 02:14 PM
අපනයනය නතර කලොත් ඒ වෙලඳපල සදහටම නැති වෙනවා. ආනයනය කලොත් මිල හොඳටම බැහැලා ඉතුරු ගස් ටිකවත් නඩත්තු කරගන්න බැරි වෙනවා. වන සතුන්ගෙන් වෙන හානිය මර්ධනය කරන්න වැඩ පිළිවෙලක් ගේන්න. ඒකයි විසඳුම.
බුද්ධික Sunday, 20 October 2024 02:34 PM
පොල් සංවර්ධන අධිකාරියේ පරණ දූශිතයෝ වටකරගත්ත අලුත් සභාපති මේවට විසදුම් දීම පැත්තක තියලා හම්බකරන්න මාර්ග හොයනවා. මාලිමාවත් මෙහෙම කරයි කියල කවුරුත් හිතුවේ නෑ.
Prasanna Sunday, 20 October 2024 03:40 PM
පොල් මිල බස්සන්න, බාර හාර වලට පොල් ගහන එක නවත්වන්න ඕනෑ. පොල්තෙල් පහන්වලට පොල්තෙල් ලීටර දහස් ගණන් ඕනෑ...
කමල් Sunday, 20 October 2024 05:55 PM
සුදු මැස්සා පාලනයට අදාල ආයතන වලින් කිසිම උත්සාහයක් නැහැ.
SuranjithSunday, 20 October 2024 08:55 PM
සුදු මැස්සෝ පමණක් නොවෙයි රිලවුන්ගෙන් පොල් ඵලදාවට බොහෝ හානි වෙනවා කියලා. අපේ හිතවත් අයෙක් කිව්වා ඔහුගේ වත්තේ පොල් ගෙඩි දහස් ගණනකට රිලව් හානි කළා කියලා තමයි කිව්වේ. සාමාන්‍යයෙන් ඔහු කියපු ආකාරයට නම් මේ වසරේ මේ වනවිට ඔහුගේ පොල්ගෙඩි දහ පහලොස් දාහකට රිලව් හානි කළා කියලා තමයි කිව්වේ. ඔහුට පමණක් නොවෙයි ඒ ගමේ අනෙක් අයටත් එහෙම කියලා තමයි කිව්වේ. එහෙම නම් ඉතින් හිටපු කෘෂිකර්ම ඇමතිවරයා රිලව් රට යවන්න හදපු වෙලාවේ විරුද්ධව හිටපු අයට රිලා ප්රශ්නය විසදීමට පැවරීම කරන්න.
මාර් Monday, 21 October 2024 03:32 PM
වර්තමානයේ ලංකාවේ පොල් වලින් පොල් තෙල් නිෂ්පාදනය නොකරයි. අපනයනය හා ආහාරයට පමණක් යොදාගනියි . වසරේ මාස කිහිපයක් අපනයනය නොකිරීම එක විකල්පයක් .