IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


වසර තුනකට පසු කාසල්රී වාන් දමයි

 

( රංජිත්  රාජපක්ෂ)

ජල විදුලි උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශය වාන් දැමිමට ආරම්භ වි ඇති බව එම ජලාශය භාර ඉංජිනේවරුවරයා පැවසිය.

වසර තුනකට පසු කාසල්රි ජලාශය මෙසේ වාන් දැමිමට ආරම්භ වි ඇති බවත්, එම ජලාශයේ එක් ගෙට්ටුවකින් අගල් 2 ½  බැගින් ගේට්ටු 13 කින් ජලය වාන් දමන බව එම ඉංජිනේරුවරයා කියා සිටියේය.

එම ජලාශය වාන් දැමිමත් සමග ඊට පහලින් පිහිටි විමලසුරෙන්ද්‍ර ජලාශයද (22) දින මධ්‍යම රාත්‍රියේ සිට වාන් දමයි . ජලාශ දෙකම වාන් දමන නිසා කැළණි ගගේ ජල මට්ටම ඉහල ගොස් ඇත.

මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 03 ක් ආසන්න වි ඇති බවත්, ජලාශ දෙකේම ජල මට්ටම් ඉහල ගොස් ඇති නිසා විමලසුරෙන්ද්‍ර , කැනියොන් ,  ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල ජල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවන්ද පැවසිය.



අදහස් (3)

වසර තුනකට පසු කාසල්රී වාන් දමයි

Dharmatileke Thursday, 23 November 2023 01:17 PM

මෙච්චර වතුර තියන රටක, වතුර නැතිව දුක් විඳින්නේ ගැමි ජනතාව දකිනකොට බඩ යනවා.

:       0       1

රංබොඩ Thursday, 23 November 2023 01:51 PM

ෂඃ අපරාදේ... පෞද්ගලික බලාගාරවලින් මිල දී ගැනීම් කරන්න බැරි වෙනවා...!

:       0       1

චන්දිම ෆොන්සේකා Thursday, 23 November 2023 04:00 PM

මොලයක්, කල්පනාවක් පරිකල්පන හැකියාවක් තියෙන මිනිස්සු නම් මෙවැනි වැසි කාලයක මේ අපතේ යන ජලයෙන් දිවා රෑ විදුලිය නිපදවා කර්මාන්ත ශාලාවලට සහනමිලට හෝ නොමිලේ විදුලිබලය සපයා අඩු තරමින් මේ දින ටිකේවත් නිෂ්පාදන පිරිවැය අඩුකර රටට යම්කිසි විදේශ විනිමයක් හොයාගන්න තිබුණා. මේ දවස්වල කරන්න තිබුණේ දිවා රෑ කර්මාන්ත ශාලාවල වැඩ කරමින් ජාතික නිෂ්පාදනය වැඩි කර ගන්න. ජර්මනිය වගේ රටක නම් වායු සමීකරණ ශීතකරණ වගේ දේවලින් පිටවන උණුසුම් සුළඟ පවා වෙනත් වියළීමේ කටයුතු සඳහා යොදනවා. බල ශක්තිය නිකරුනේ අපතේ යවන්නේ නැති බවට හොඳ උදාහරණයක් ලෙසයි මම එහෙම කියන්නේ. අපේ රටේ මිනිස්සුන්ගේ මොලයට තවම මේ වැහි කාලෙට උතුරායන ජලයෙන් රටේ ආර්තිකයට ප්‍රයෝජනයක් ගන්න එක ගැන හිතිලා නැහැ.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
2024 ඔක්තෝබර් මස 09 287 0

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
2024 ඔක්තෝබර් මස 09 291 1

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත


ලොව ධනවත්ම ගායිකාව ’’ටේලර් ස්විෆ්ට්’’
2024 ඔක්තෝබර් මස 09 370 0

ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.


විද්‍යාගාර පරික්ෂණයේදී සිසුවියෝ හතක් පිළිස්සිලා
2024 ඔක්තෝබර් මස 09 295 0

පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච


ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 417 1

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


පාප් වහන්සේගෙන් ජනපතිට සුබ පැතුම්
2024 ඔක්තෝබර් මස 09 444 0

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39600 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25771 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1204 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site