රුපියල් එක් කෝටි දොලොස් ලක්ෂයක් වටිනා රත්තරන් බිස්කට් 20 ක් සහ නිම නොකල ස්වර්ණාභරණ හතක් නීති විරෝධී ලෙස ගුද මාර්ගවල සගවාගෙන ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිනි ශ‍්‍රී ලාංකික පිරිමින් දෙදෙනෙකු දෙදෙනෙක් සහ කාන්තාවක් කටුනායකදී ගුවන්යානයට ගොඩවීමට යත්ම අද අත්ඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරුවෝ කොළඹ ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54,55 සහ 38 වියේ පසුවන රෙදි පිළි ව්‍යාපාරිකයෝ බව රේගුව කියයි.
එක් අයෙකු රන් බිස්කට් දහය බැගින් පිරිමින් දෙදනා තම ගුද මාර්ගවල රන් බිස්කට් 20 ක් සගවාගෙන යාමට උත්සහ කර තිබූ බව රේගුව කියයි. ඉවතට ගත් රන් බිස්කට් වල බර කිලෝග‍්‍රෑම් දෙකකි.
රන් බිස්කට් 3 බැගින් කාබන් කොල වලින් ඔතා ඊට උඩින් පොලිතින් ආවරනයක් දමා තිබූ බව රේගුව කියයි. රන් බිස්කට් එකක බර ග‍්‍රෑම් සීයකි.
මොවුන් සමග සිටි කාන්තාව නිම නොකළ රන් වළලූ හයක් සහ මාලයක් පැළඳ සිටි බව රේගුව කියයි. එහි බර ග‍්‍රෑම් දෙසිය හැට හතකි.
රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ රන් කිලෝග්‍රෑම් එකක් මෙලෙස ප්‍රවාහනය කිරීම සදහා ඉන්දියන් රුපියල් දස දහසක මුදල් කොන්ත්‍රාත්තුවක් මත බව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී දැනගත් බවයි.
මේවා ඉවතට ගන්නා අවස්ථාවේදී එක් සැකකරුවෙක් සැනෙකින් රන් බස්කට් ඉවතට ඇද දුක් බවත් අනිත් සැකකරුවා දැඩි වේදනාවකින් මහත් පරිශ්‍රමයක් දරා ඉවතට ගත් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂනයක් කිරීම සඳහා අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් තිලක් පෙරේරා මහතාද අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ තිබූ අතර ඔහු පැවසූවේ නුවන් අබේනායක, නිශාන්ත ජයසිංහ සහ හසන්ත ගුරුගේ යන සහකාර රේගු නිලධාරීන් තිදෙනා මාසයක පමණ කාලයක් විමර්ශනය කරමින් සිට මෙම මෙහෙයුම සිදු කළ බවයි.
එම අවස්ථාවේ අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් එම රේගු නිලධාරීන්ව ඇගයීමටද ලක් කළේය.
ශරීර අභ්‍යන්තරරයේ සගවාගෙන ඉන්දියාවට රන් ප‍්‍රවාහනය කිරීමේ ජාවාරම් කරුවන් කොටුකරගැනීම සඳහා අදාල රේගු නිලධාරීන් තිදෙනා මාසයක් පමණ විමර්ශනය කරමින් සිටි බව ද ඔහු කීය.
සැප්තැම්බර් මාසයේ පමණක් මෙවන් වැටලීම් දා හතරක් කළ බවත් මෙම වසරේ ලොකුම වැටලීම මෙය බවත් ඔහු කීය.
සැකකරුවෝ නිතර නිතර ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර යාම් ඊම් කරන බව මෙතෙක් කරන ලද පරීක්ෂන වලින් අනාවරණය වී ඇත.
සැකකරුවෝ අද උදෑසන ජෙට් ගුවන්සේවයට අයත් ඩබ්ලිව් 252 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු අතිරේක රේගු අධ්‍යක්ෂක ජෙනරාල් තිලක් පෙරේරා මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන කේ.ඒ ධර්මසේන, ස්ටැන්ලි සේනාරත්න සහ දීපාල් සිරිබද්දන යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, නිශාන්ත ජයසිංහ සහ හසන්ත ගුරුගේ යන නිලධාරීහු සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුද පරීක්ෂණ ඇමතිතුමෙකුත් පත්කරන්න වෙයි වගේ (නි)
අපේ රේගු දෙපාර්තමේන්තුවේ ඇත්තෝ මොනතරම් කැපවීමෙන්ද මේ වැඩේ කරන්නේ? මේ ගුද ප්‍රවාහකයින් ගේ නම් එක්ක ෆොටෝත් පළ කරන්න බැරිද? (නි)
අධෝ මාර්ගය (ගුද මාර්ගය ) උදරය (බඩ ) සහ රහස් ප්‍රදේශ රන් පොලු සහ මුදල් ප්‍රවාහනය සඳහා යොදා ගන්නා අවස්ථා බොහොමයක් නිතර අප දැක්කා. පකිස්ථානුවන් ඉන්දියානුවන් මෙන්ම ශ්‍රී ලාංකිකයන් මේවා කොපමණ ඇල්ලුවත් තවත් එයම කරනවා. රේගු නිලධාරින්ට මගේ හද පත්ලෙන් ස්තුතිය! අපේ රටට කරන සේවය වෙනුවෙන් (නි)
කුසුම් නම් හොදට තමන්ගේ පස්සත් අදායම් මාර්ගයක් කරගෙන වගෙයි කතාවෙන් පෙනෙන්නේ
මගේ පැරණි සුහද මිතුරන් රේගුවේ කීර්ති නාමය බබළවන හැටි දැකීම බලවත් සතුටක්. ඔබ සැමට උණුසුම් සුබ පැතුම්! (නි)
අචිනි, සාමාන්‍යයෙන් ගෙනයා හැකි රත්තරන් බර ප්‍රමාණය කොපමණද? මෙලෙස අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන භාණ්ඩ වලට වෙන්නේ මොනවද ? ඔන්න එතින් වැරදි ප්‍රශ්නයක් ඇහුවා.ඕවා අහලා මොකටද දේශද්‍රෝභියෙක් වෙන්නේ? (නි)
අල්ල ගන්න රත්තරන් මහා භාණ්ඩාගාරයට බාර දෙනවා. එතනින් ඔය රත්තරන් වලට මොකද වෙන්නේ? (නි)
රත්තරන් නිසා ගුදය නැතිකර ගන්නවා කියන්නේ ඕවට තමයි (නි)
ගැහැනු එක්කෙනා ළඟ රත්තරන් බඩු තිබුනෙ එයාගේ කොහේද? (නි)
කින් බෙනට්,ඔහේ නම් හරිම චාසනාවන්ත කෙනෙක්නෙ. (නි)
ඉතාලියේ ඉඳලා ලංකාවට එන කහ කුරුල්ලන්ගේ බෙලි වලයි අත් වලයි කිලෝ ගණන් බරට තියෙනවනේ. ඔය මොනවද අල්ලලා තියෙන්නේ? සමහරු බැඳගෙන එන්නේ බයිසිකල් චේන් වගේ මාල. (නි)
ගුවන් තොටුපොල පිටවෙන දොරටුවෙන් මුදල් දීලා ඇතුලට යන්න පුළුවන් කියන්නේ ඇත්තද? (නි)
මේ ආදායම් මාර්ගය තුලින් විවෘත රත්තරන් ආර්ථිකය නංවමු. එන්න ඉන්දියාවෙන් ලංකාවට. රත්තරන් ලංකාවට දීලා යන්න.ඔයාලට පින්. (නි)
මේ අයට මොකද වෙලා තියෙන්නේ (අ)..
හොර බඩු, මත්ද්‍රව්‍ය ගෙනියන අයගේ විදේශ ගමන් බලපත්‍රය නීතියෙන් අවලංගු කළයුතුයි. (නි)
අනේ බන්දුල, ඔය දිසානායක ඉඳල හිටලා මෝඩ කතාවක් ලිව්වා කියල එයාට වැරදි අවවාද දෙන්න එපා.පවුනේ! ඔයා වගේ කුල්එකේ ඇතුලටම වෙලා එකතැනක ඉඳගෙන රාජකීය උෂ්ණය සහිත පස්සවල් හෝදලා සල්ලි හොයන විදිය එයාටත් කියල දෙන්නකෝ.(නදී)
අල්ලන රේගු නිලධාරින්ට අලුත් නමක් දමමුද? (නි)
මේ බන්දුල පෙරේරා වගේ අය දමන ප්‍රතිචාර කිසිම වැදගත්කමක් නෑ (අ)
නසාර්, මේක පස්සවල් අත ගෑමේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. අපි රේගුවට ස්තුති වන්ත වෙන්න ඕනා මේ වගේ දේවල් සොයා ගන්නවට. නසර්ට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඔබලාගේ අයගේ පස්සවල් අතගානවට නේද...? (ස)
මේක හරි කතාවක්නේ, ඔයිට වැඩිය රත්තරන් පැළඳගෙන අපි දන්නා ගොඩක් ඔතනින් එහාට මෙහාට යනවා. මේ ඔක්කොම හොරුද? (ස)
"ගුද ගුද ගතම්" කියලා පදයකුත් තියෙනවනේ... (ස)
තිලක් ඩුබය් ටත් පුංචි ටිකිරි ප්‍රස්නයක්..රජය සතු කලාට පස්සේ රත්තරන් වලට මොකද වෙන්නේ කියල..වහෙන් ඔරෝ කියන්න හදන්නේ ඊට පස්සේ ඒවා යන්නේ සාක්කුවලට කියල..අනේ මේ වගේ මිනිස්සු,,වැලිවේරියේ මිනී උතුරට පා කරවපු එව්වොනේ..
බන්දුල, ඉස්සරහ පැත්ත හොඳින් තියාගෙන පස්සෙන් වැඩ ගන්න මට නොවේ කිසිවෙකුටත් අවශ්‍ය නැහැ. (නි)
ඕව එලියට ගන්න වෙලාවේ ගත්ත පින්තුරයක් තියෙනවා නම් දාන්නකෝ. බලන්න අපිට. (ස)
රනා, ගුද මාර්ග හා ගුද පරීක්ෂණ ඇමති කමට නියම සුදුස්සෙක් ඉන්නවා ,"බන්දුල පෙරේරා" මහත්මයට ඒකට ඕනෑවටත් වඩා සුදුසුකම් තියනවා. (ස)
මෙවැනි කාර්යක්ෂම නිලධාරින්ව අගය කර විවේචන කරනවා මිස කල දෙය හාස්‍යට ලක් කොට එයාලව හැල්ලුවට පත් නොකර යුතුයි. අද ඇතැම් උගතුන් කියන අය කරන්නේ එම උගත්කමට නින්දා වෙන දේවල්. අපේ උණුසුම් සුබ පැතුම් ඔබතුමලගේ අවංක කාර්යක්ෂම සේවයට.... (ස)
වසරේ වැඩිම ආදායම ලබා දුන් පශ්චාත් බාගයන් දෙකක් සොයාගත් අපගේ දක්ෂ රේගු නිලධාරින්ට මගේ සුබ පැතුම්! (නි)
ගුද ටෙස්ටර්ලා ටික දැක්කම ආසාවේ බැහැ. මම දවසක් මෙහෙම කිව්ව්වම පිටිගල මහත්මයා කියලා තිබුනා අපේ වැදගත් රේගූ මහත්වරුන්ට එහෙම කියන එක වැරදියි කියලා. (නි)
අනාගත පරපුරට දැක බලා ගන්න මේ ගුද මාර්ග ගුදම් දෙක කටු ගෙදරට යවන්න. එසේම එයට විශේෂ ආරක්ෂාවක් යොදවන්න. නැතිනම් කැමරා අක්‍රිය වෙනකම් බලා ඉදලා කන් ගැට්ටෝ කටු ගේ ඇතුලට බහීවි. (නි)
ඔය ගුද මාර්ගයේ ලංකාවට මොනවා ගේනවද කියලත් හොයලා බලන්න, ගෙනාපු දේ දීලා මුදල් වෙනුවට රත්රන් ගෙනියනවා ඇති. (නි)
මම හරිම කැමතියි ඔය වගේ හොර වැඩ කරන කට්ටියගේ බඩු ඔහොම එලියට ගන්න වෙලාවට ඒවා වීඩියෝ කරලා ඒ කට්ටියගේ මුහුණු සමග වීඩියෝ එක ජනතාවට දකින්න සළස්වන එකට (නි)
අපේ රේගුවට විශාල ආදායමක් ලැබෙන්නෙ ගුද මාර්ගයෙනි.මේ විදියට මේවා පත්තරවල වැටෙද්දී, පාසල් යන පොඩි ළමයි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තර වල රටට ලැබෙන ආදායම් මාර්ග විමසුවොත් කෙලින්ම ලියන්නෙ ගුද මාර්ගය එක කියලයි. (ස)
ඔය වළලුත් එතනමද දාගෙන ඇවිත් තියෙන්නේ? මාරයි (ස)
මම අහන්නේ රන් වළලු හයක් මාලයක් දාගෙන යන්නත් තහනම්ද ????එහෙනම් දෙමළ අය ඕනි තරම් දාගෙන යන්නේ .. (ස)
රේගුව නෙමෙයි.... රේගුද දෙපාර්තමේන්තුව කියලා අලුත් යුනිට් එකක් හදලා ක්‍රියාත්මක කරමු..!! රත්තරන් වල සුවඳ මොන වගේද කියා රේගු නිලධාරීන් කියලා නැද්ද..?? (ස)
ගුදය දෙන වදයක්.... (ස)
මේක මේ මෑතක සිට කරන දෙයක් වෙන්න බැහැ. අනිවාර්යයෙන්ම කාලාන්තරයක් තිස්සේ කරගෙන ගිය ජාවාරමක් වෙන්න ඕනෑ. මෙතන ඉන්නවා මෑතකදී ආව රේගූ විශේෂඥයෙක් ගුද මාර්ග පිළිබඳව. (ස)
"ගුද රේගු දෙපාර්තමේන්තුව" (නි)
පවතින තත්ත්වයන් යටතේ රේගු නිලධාරීන් වෛද්‍ය විද්‍යාවද හැදෑරීම වඩාත් සුදුසු වේ. අනතුරුව ඔවුන් 'රේගු / ගුද දෙපාර්තමේන්තුව' ට අනුයුක්ත කළ හැක. (නි)
අනේ මෙහෙමත් මිනිස්සූ! (නි)
මෙතනට ඔච්චර ලොකු දෙයක් දාගන්න පුලුවන්ද? හිතාගන්නත් බැහැ. (නි)
මෙයාලගේ වයස අනුව නම් ගුද මාර්ගයට මේවා දාන එක අමාරු වැඩක් නෙමෙයි. හොදට පුහුණුවෙලා තිබෙනවා වගේ (නි)
අයියෝ! රිදුනේ නැද්ද අනේ? (නි)
සාමාන්‍යයෙන් ගෙනයා හැකි රත්තරන් බර ප්‍රමාණය කොපමණද? මෙලෙස අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන භාණ්ඩ වලට වෙන්නේ මොනවද ? (නි)
ජනතාව දෙනුවත් කරන්න අවශ්‍යයයි. අපි ගුවන් යානයට නගින්නට පෙර සපත්තු දෙක පවා එක්ස්රේ කරනවා කියලා. එතකොට මේ ප්‍රශ්න එන්නේ නැහැ (නි)
යකෝ මේ වැඩේ නම් හරියන්නේ නැහැ ! ඉන්දියාවට යන හැමෝගෙම ගුද මාර්ග බලන්නත් රේගුවට බැරි නිසා අලුතෙන් යුනිට් එකක් ආරම්භ කරමුද ගුද රේගු දෙපාර්තමේන්තුව කියලා . (ස)
එකෙක් පහසුවෙන් අදිනවා අනිකා අපහසුවෙන් අදිනවා. පුරුදු සහ නුපුරුදු බව.(නදී)
ශ්රී ලංකා රේගුව,ගුද මාර්ග පරික්ෂා කිරීමේ අංශය , කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ , කටුනායක (නි)
ප්‍රශ්නය - ලංකාවේ රත්තරන් විදේශ වලට ගෙන යන්නේ කෙසේද ? උත්තරය -ව්‍යාපාරිකයන්ගේ ගුද මාර්ගය ඇතුලේ ඔබාගෙන... ප්‍රශ්නය - මේ දිනවල මිනිසුන්ගේ පස්ස පැත්ත දිහා පරීක්ෂාවෙන් බලා සිටින්නේ කවුද ? උත්තරය - ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සේවකයන් .. (නි)
මේ මට ගිය සතියේ කටුනායක ගුවන් තොටුපොල තුලදී දක්නට ලැබුන අප්‍රිය දසුනකි. මමත් මගේ බිරිඳත් නිවාඩුවට ලංකාවට පැමිණ නැවත පිටවෙන අවස්ථාවේ එහි සිටි යම් පිරිසක් මා සහ මගේ විදේශ බිරිඳගේ පස්ස පැත්ත දෙස ඉතාම දීර්ඝ වෙලාවක් ඉතාම ගිජු ලෙස විටින් විට බලා සිටීම. මෙය මාහට දක්නට ලැබුන විස්තර කල නොහැකි අප්‍රිය දසුනකි. අපගේ පමණක් නොව එහි සිටි සියලු දෙනාගේම පස්ස පැත්ත දෙස මෙහි සිටි එම පිරිස කෑදර කමින් බලා සිටි බව මට දක්නට ලැබුණි. ලංකාව කොතරම් නොදියුණු ක්‍රම බාවිතා කරනවාද කියා මේ මගින් සිතා ගත හැක.(නදී)
මේක හොද අවස්ථාවක් ,මෙතුමලාට විවිධ පස්සවල් අල්ලන්න සහ බලන්න, වගේම අතගාන්න (නි)
ශ්රී ලංකා ගුද පර්යන්තය වෙයිද දන්නෙ නැහැ (නි)
අපි හැමදාම කියනවා මේ මත්වරුන්ට දොස්තර රක්ෂාව ටිකක් කියලා දෙන්න කියලා.එහෙම වුණහම මීට වඩා හොඳ ප්‍රතිපල ලැබෙනවා.(නි)
මාර්ටින්, ඔබ ලංකාවට යනකොට බිරිදට රටට ගැළපෙන ඇදුම් අන්දවන්න. ලංකාවේ ජනතාව ගෙන ඉගෙනගන්න. තමා සහ බිරින්දෑ පරෙස්සම් කරගන්න. ඔබගේ ජීවිතේ තම බිරියට පමණක් දෙන්න(නි)
රේගුවට අපේ උපහාරය! ප්‍රශ්නයක් ඇත. කොපමණ ග්‍රෑම් ප්‍රමාණයක අභරණ පැලද යන්න පුලුවන්ද එක මගියෙකුට?(නි)
දැන් ගුද මාර්ගය හතරැස් වෙලා ඇති (නි)
වහාම ක්‍රියාත්මක වන පරිදි ගුද මාර්ග දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කර , රැකියා විරහිත උපාදිධාරීන් එයට අන්යුක්ත කර ලංකාවේ රැකියා ප්‍රශ්නෙට ස්ථිර විසදුමක් ලබාදෙන මෙන් රජයට යෝජනා කිරීමට ඉල්ලා සිටිමි. (නි)
දිසානායක,ඔන්න දිසෝ හෝදනවා නම් පස්සවල්.ඔය අදහස් වලින් ආණ්ඩු පෙරලන්න හීන දකින්නේ නැතුව ගිහින් කාගෙ හරි ඔය වගේ දෙයක් අල්ලලා හේදුවා නම් දිසා ගොඩ. (නි)
ළඟටම වෙලා වටවෙලා අල්ලා අල්ලා ඉන්නේ ගඳ නැද්ද?(නදී)