IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


විස්සට පස්ස හැරෙව්වොත් විශ්වාස භංගයට හෙළ උරුමයත්

නව මැතිවරණ ක්‍රමයක් ඇති කරන විසි වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පස්ස හරවමින් ජනතා විශ්වාසය කඩකරන දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට ජාතික හෙළ උරුමය පක්ෂ බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා බත්තරමුල්ල පක්ෂ කාර්යාලයයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

විසි වැනි සංශෝධනය සම්මත කිරීමට උත්සාහ කරන මේ අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය විසි වැනි සංශෝධනයට පෙර විශ්වාසභංගයක් ගෙන එමින් ආණ්ඩුව විසුරුවාහැරීමට කරන උත්සාහය ද එම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම කඩා කප්පල් කිරීමක් බව ද වර්ණසිංහ මහතා කීවේය.

කැබිනට් මණ්ඩලයේ දී නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීමට විරුද්ධව අදහස් දැක්වූ මුස්ලිම් කොංග්‍රසයේ වැඩ පිළිවෙළ ඉතා පිළිකුල් සහගත බව කී වර්ණසිංහ මහතා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්ට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අභියෝගයක් ද කළේය.

_DSC0066



අදහස් (0)

විස්සට පස්ස හැරෙව්වොත් විශ්වාස භංගයට හෙළ උරුමයත්

නිමල් ලාලිත Saturday, 30 May 2015 11:28 AM

මහත්තයෝ උත්සව අවස්ථාවලදී එසවීම සඳහා කොඩියක් නිර්මාණය කිරීමට කාරක සභාවක්ද මොකක් ද පත් කිරීමට යන බව ආරංචි .කොටියෙකුට සහ ඔටුවෙකුට බියෙන් සැලෙන සිංහයෙක් සිටින කොඩියක් නම් නිර්මාණය කිරීමට ඉඩ නොතබන්න. (බ)

:       0       0

පිවිතුරු යහපාල Friday, 29 May 2015 03:11 PM

දන්නේ නැති නිසා අහන්නේ මහත්තයෝ....ඇත්තටම අත්සන් කියක් විතර දාන්න පුළුවන් වේවිද හෙළ උරුමෙන්..(හේ)

:       0       0

කසුන් Friday, 29 May 2015 03:36 PM

හෙළ උරුමය මුලින්ම ඡන්දේ ඉල්ලුවේ ධර්ම රාජ්‍යක් උදෙසානේ. කෝ මොනාද ඒ වෙනුවෙන් එ කලේ. (හේ)

:       0       0

මොරිස් Friday, 29 May 2015 09:16 PM

අනේ යන්න අනේ යන්න. 18 ට අතයි, කකුලයි, වලිගෙයි තුනම උස්සල දැන් එනවා කතාකරන්නත්.(ම)

:       0       0

වැකෝ Friday, 29 May 2015 10:38 PM

ශ්‍රී ලංකාවේ දැන් ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ . තර්ජන ගර්ජන වලට බයේ වැඩ කරන්න වෙලා තියෙන්නේ. (ම)

:       0       0

යටවත්ත Saturday, 30 May 2015 02:47 AM

අපිත් එකතුවෙනවා ඔබ සමඟ (නි)

:       0       0

සත්‍යයා Saturday, 30 May 2015 03:21 AM

"තොටිල්ල පදවන අත (හෙළ උරුමය) ලොව ආණ්ඩු කරයි" එහෙත් තනිව ඉල්ලුවොත් ගෙදර. (ස)

:       0       0

ප්‍රකාශ් Saturday, 30 May 2015 03:51 AM

දැන් හෙළ උරුමය කියන්නේ ලැබෙන ගතමනාවට අනුව ක්‍රියාත්මක වන කණ්ඩායමක් බව රටේ ජනතාව දැන ගත යුතුය. (බ)

:       0       0

දර්ශ Saturday, 30 May 2015 06:14 AM

කවුරු කරලා හරි මේ පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න අවශ්‍යයි.විවේචනය කරනවට වඩා කරන හොඳ වැඩකට සහය දෙන එකයි වටින්නේ (නි)

:       0       0

සෝමචන්ද්‍ර Saturday, 30 May 2015 06:32 AM

ඔබතුමාලගේ පක්ෂෙට දෙවිපිහිටයි. මොකද මේ රට නිදහස් කරපු ණයට ගරහන නිසා (බ)

:       0       0

රොෂාන් ධනංජය Saturday, 30 May 2015 06:43 AM

ඔය හෙළ උරුමෙ නඩය තනියම එන්නකො මැතිවරණෙකට ඔයාලගෙ තරම ඔයාට පෙන්නනල දෙන්න.. 19 වැනි සංශෝධනය දියාරු කරල ජනතා අපේක්ෂා විනාශ කළේ මේ අය. චම්පික ව්‍යවස්ථා දායක සභාවෙ ජනාධිපතිතුමාගෙ නියෝජිතය වුනේ කොහොම කියන එකත් ප්‍රශ්ණයක්..(බ)

:       0       0

සුරන් Saturday, 30 May 2015 07:18 AM

මෙයාලගේ පක්ෂය දැන් දියරුවෙලා ගිහිල්ල. මේ සැරේ එක මන්ත්‍රී ධූරයක්වත් ලැබෙන්නේ නැහැ. සිංහලයන් වෙනුවෙන් පෙනී සිටිමින් සිංහල ජාතිය වනසනවා. මෙයාල දැන් සෝම හාමුදුරෝව මතකත් නැහැ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2346 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1539 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2326 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 557 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3224 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37182 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24491 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site