(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගය නැමැති නිවසේ ඔප්පුව තිබෙන්නේ තමාගේ අතේ යැයි පක්ෂයේ සියලු දෙනා හොඳින් සිහියේ තබා ගත යුතු බව පත් කළ මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය(සජබ) පාර්ලිමේන්තුවේ දී අද (8)පැවසුවාය.
මහ වැස්සකට මඟ නන්නත්තාර වී සිටි පිරිසකට තමාගේ ගෙදර නොතෙමී ඉන්න ඉඩ දුන් බව කී ඩයනා ගමගේ මහත්මිය දැන් එම නිවසේ යතුරු මාරු කර ඒ ගෙදර ඔවුන්ගේ යැයි කියන බවද කීවාය.
පක්ෂයේ අයිතිකරුවා ලෙස තමා තවම සමගි ජන බලවේගයේ සිටින බවද ඩයනා ගමගේ මහත්මිය පැවැසුවාය.
තමා පක්ෂයෙන් නෙරපා ඇතැයි ප්‍රකාශ කරන සමගි ජන බලවේගයේ මහ ලේකම් ගැන ලැජ්ජාවට පත්වන බව කී ඩයනා ගමගේ මහත්මිය තමා ඉවත් කළ බව පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අය වත් නොදන්නා බවද සඳහන් කළාය. " මේ අය හැසිරෙන්නේ බබාලා වගේ.මේ පක්ෂය මගේ මහත්තයාගේ සහ මගේ.මේ කරන විහිළු නවත්වන්න.
සමගි ජන බලවේගයේ ඇතිවෙන්න ප්‍රශ්න තිබෙනවා .ඒ පක්ෂය කෑලි වලට කැඩිලා.නායකයාට වැඩ පිළිවෙලක් නැතැයි පක්ෂයේ අය ම කියනවා.ඇතැමුන් සේනාංක හදා ගෙන ගොස් තිබෙනවා.මෙතැන ඉන්න අය බාගෙට බාගයක් ඇවිත් තිබෙන්නේ මගේ පක්ෂය නිසයි. එසේ නැතිනම් ගොඩක් අයට නාමයෝජනා ලැබෙන්නේ නැහැ.පක්ෂය අයිති සාමාජිකයා වන ලෙස මම හැමදාම සමගි ජන ජනබලවේගයේ ඉන්නවා.අනෙක් අය වගේ මා පඹයෙක් ලෙස නටවන්න හැකිවන්නේ නැහැ මා එසේ නටන්නෙත් නැහැ."යනුවෙන්ද ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය.
2021 වසර සදහා වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාවට අදාළ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් ඩයනා ගමගේ මහත්මිය මේ බව කීවාය .
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘වැස්සෙන් නොතෙමෙන්න මගේ ගෙදර ආපු අය මා එලවන්න හදනවා‘‘
ajith Friday, 08 October 2021 04:29 PM
සමගි ජනබලවේගයේ නායකයා වැස්සට තෙමිලා පුරුදු කෙනෙක්...
AnthonioFriday, 08 October 2021 09:38 PM
ඕවා සුළු දේවල් නෝනා
BamunuarachchiSaturday, 09 October 2021 11:55 AM
යනකොට ටෙලිෆෝන් එකත් අරගෙන යන්න. එතකොට සජබ ලොක්කාට අතින් වහගන්න වෙනවා...
BamunuarachchiSaturday, 09 October 2021 11:57 AM
ඔව් ඔව්, නිධන් කටයුතු කරන්න බැහැ කුඩ අල්ලගෙන...!
Royfedricks Friday, 08 October 2021 05:16 PM
අනේ මේ... ඕවා කිසි වැඩකට ඇති දේවල් නෙවෙයිනේ නෝනා... ඒක නෙවෙයි අර එංගලන්තේ පුරවැසිකම හින්දා ගීතා කුමාරසිංහට වෙච්චි දේම සිද්ද වෙයිද? අනේ මන්දා...!
Pradeep Friday, 08 October 2021 05:19 PM
අනුන්ගේ පානෙන් එළිය බලලා.., ලැජ්ජා නැතිව කියවනවා.
gunarathnaSaturday, 09 October 2021 07:02 AM
අනුන්ගේ පානෙන් එළිය බැලුවේ ඩයනාද? සජිත්ද? පක්ෂය ඩයවනාගෙන් ගත්තේ ඩයනාට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්නවා කියපු පොරොන්දුවට..
BamunuarachchiSaturday, 09 October 2021 12:03 PM
සජබ ගොයියයි මෙයාගේ පානෙන් එළිය බැලුවේ. මෙයා පානේ එළියෙන් සජබ ගොයියාව හරියට දැක්කට පස්සේ සජබ ගොයියා එපා වුණා...
Raveendra Friday, 08 October 2021 05:52 PM
වැස්සට තෙමෙන නරි ටික දැක හද සසල වුනේ... පිළිකන්නට එන්නට ඉඩදී නිහඬ වුවාද නගේ... උස කොට නරි ඔක්කොම ඇතුළට ගියා වගේ... දැන් මක්කරන්නද අනිත්‍ය පමණක් හිතමු නගේ...
Karl Friday, 08 October 2021 06:29 PM
රාජපක්ෂලාගේ හයිය අරන් තියෙන තරමක්...!!!
BamunuarachchiSaturday, 09 October 2021 11:59 AM
නැතුව දිරච්ච ලණුවක එල්ලිලා වැඩක් තිබෙනවද?
ලුම්බිණි Friday, 08 October 2021 06:56 PM
ලැජ්ජා විය යුත්තේ තමා නොවේද?
BamunuarachchiSaturday, 09 October 2021 05:00 PM
ඒ මොකටද ලජ්ජා වෙන්නේ? සජබ ලොක්කනේ එජාපෙන් එලෙව්වාම යන්න තැනක් නැතුව මේ නෝනගේ ටෙලිෆෝන් එකට රිංගුවේ...
Don Friday, 08 October 2021 07:19 PM
ඉඩම 99 අවුරුදු බදු දීලා ගේ හැදුවට පස්සේ ගෙට රිංගගෙන හදපු අයට කොකා පෙන්වනවා කියන්නේ ඕකටයි..
chandima Friday, 08 October 2021 10:28 PM
මදැයි අයාලේ ගිහින් අන්තිමේ ගෙදරින් එලෙව්වා නේද ?දැන්වත් ගිය තැනට වෙලා හොඳින් ඉන්න බලන්න
මසිරිපාල Friday, 08 October 2021 10:37 PM
ගෙය කුලියට දීලා මන්ත්‍රී කෙනෙක් වුනත් ගේ කුලියට නොදුන්නානම් ඒකත් නැහැ. දැන් බලනකොට සමගි ජන බලවේගයේ නායකයාට නොතේරීමත් රනිල්ගේ නායකත්වයට ඇති කැමැත්තත් නිසා එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමට ඩයනා දැන් සිටින පැත්තේ පිරිසක් සමග කුමන්ත්‍රණයක් කරලා කියලා මට හිතෙනවා
Perera Friday, 08 October 2021 11:18 PM
ගංජා නීතිගත කරන්න අවසර දෙන ඕන පැත්තකට මෙයා එනවා. පාර්ලිමේන්තුවේ කතා කරන්නෙත් ඒ වගේ. පක්ෂයේ විනය කමිටුව ගත්ත තීරණය නියමයි.
chandima Saturday, 09 October 2021 02:00 AM
ආදර්ශය මෙච්චරයි .වැහි වෙලාවට අසමජ්ජාතිකයෝ ගෙට වද්ද ගන්න එපා .අන්තිමේ මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ
චන්දන Saturday, 09 October 2021 07:56 AM
පක්ෂ නායකයා හැමදාම කරන්නේ ඔය ටික තමයි. එජාපයට කළේත් ඔය ටික... පුතාණෝගේ හැටි...