දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම කින්මන්තුඩාව අසලදී අද උදේ වාහනයනක් අනතුරට ලක්වීමෙන් රියදුරා තුවාල ලබා බේරුන නමුත් වාහනය අදිවේගී මාර්ග වැටවල් කඩාගෙන ඒවාට දැඩි අලාභ හානි සිදු වී ඇති බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම කින්මන්තුඩාව අසලදී අද උදේ වාහනයනක් අනතුරට ලක්වීමෙන් රියදුරා තුවාල ලබා බේරුන නමුත් වාහනය අදිවේගී මාර්ග වැටවල් කඩාගෙන ඒවාට දැඩි අලාභ හානි සිදු වී ඇති බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාහ්හ්හ්, ජයදේව දන්නා දේවල්??? (ස)
අපේ අධි වේගී මාර්ගයෙ කිසි නිසි ප්‍රමිතියක් නෑ. ලොකු ගැටි තියෙනවා. 80ත් අඩු වේගයෙන් යන එක තමයි හොද.(නදී)
හොද පුවතක්.(නදී)
ජයදේවට පිළිතුරු ලියන්න වචන ලියන්න බැහැ මට මේකේ (නි)
පාරට දොස් කියන්න එපා. ඕක අපිට සම්පතක්.යන මිනිස්සු තමන්ගේ පරිස්සම හිතන්න ඕනෑ.කව්රුවත් රිය අනතුරක් හිතලා කරගන්නේ නැහැ (නි)
ප්‍රමිතියක් නැහැ කියන්නේ විරුද්ධ පක්ෂයේ අය. හැම රටකම ඔයවගේ පාරවල් තමයි තියෙන්නේ. රියදුරෝ ඉගිලෙන්න හදනවනේ. වැහිවෙලාවට ටිකක් පරිස්සමෙන් යන්න ඕනෑ. (නි)
ඩෙස්මන්ඩ්, ලාල් ඔබ හිඝ්වය් වල ගිහින් තියෙනවා නම් තේරුම් ගනී ලංකාවේ එක කොච්චර ප්‍රමිතියට හදලා තියෙනවද යන්න. මොකද මේකත් නිකන් ගාලු පාර වගේ.කිසි සමතල ගතියක් නෑ.ඒ නිසා වේගෙන් යන්න එච්චරම සුදුසු නෑ. (ස)
ඩෙස්මන්, ඔබ හරියටම හරි.වැසි දිනවලදි අධිවේගී මාර්ගයෙහි යන්නන් අවබෝධයක් ඇති රියදුරන් විය යුතුයි. (ස)
අධිවේගී පාරේ වාහන යන්නේ නියමිත වේගයට වඩා වැඩියෙන්. ඒක නිසා තමා මෙහෙම අනතුරු වෙන්නේ. 150 ට 200 ට යන්න පාර හදලා නෑ. ඒක නිසා 100 ට ගියාම හොඳටම ඇති. ලංකවේ ගොඩක් මිනිස්සු මේ දේවල් ගැන හිතන්නේ නැතිව යනවා. ඒක නිසා තමා මේ වගේ නොසැලකිලිමත් අනතුරු වෙන්නේ ලංකවේ. (ස)
තමන්ගේ වැරදී අනුන්ට පටවන්න හදන අය "නටන්න බැරි මිනිහට පොලව ඇදැයි වගේ තමයි'' මොකද හයි වේ එකේ ප්‍රමිතිය නැති වෙන්නේ අනතුර සිද්ධ වෙන කෙනාට විතරයි. දවසකට අධිවේගී මාර්ගයේ යන අනිත් අයත් මේ වගේ දේවල් කියන්න එපැයි, ඕනෑම රටක හයි වේ වල අනතුරු වෙනවා, ඕක ලංකාවට විතරක් ආවේනික දෙයක් නෙවෙයි, ''තමන් කරන දේ වගකීමෙන් පාලනයකින් යුක්තව කරනවා නම් මෙවැනි අනතුරු වලක්වා ගන්න පුළුවන්'' රටක සංවර්ධනයක් ඇති වෙන්න රජයක් විතරක් නෙවෙයි ඒ දේවල් ආරක්ෂා කරගන්න එක අපි හැමෝගෙම වගකීමක්. (ස)
අධිවේගි මාර්ගයේ සිදු වුණ රිය අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් සිදු වුනේ අධිවේගී මාර්ගයන් පිළිබඳව අත්දැකීම් නැති රියදුරන් අතින්.මෙය අධිවේගී මාර්ගයේ ඇති වැරැද්දක් නෙවෙයි. (ස)
ලාල්, මට හිතෙන්නේ ඔයාට වාහන තියෙන අය ගැනත් පොඩි ඉරිසියාවක් තියෙනවා කියලා ඔය කියන කතා වලින්. (ස)
මම ඔය අධිවේගි මාර්ගය ගැන අධ‍්‍යයනයක යෙදුනා. එහිදි මට දැනුන දෙය තමයි, ඉදිකිරිමේදි කලාපයෙන් කලාපයට එකම ප්‍රමිතිය නැති බව.මා පිටරට සිට නිවාඩුවට ආ විට ගියා අධිවේගි මාර්ග නොවන මොණාරාගල සිට සියඹලාආණ්ඩුව,අරුගම්බේ සිට මඩකළපුවට. කි.මි.150කට යම් යම් ස්ථාන වලදි,පුත්තලම් අනුරාධපුර මාර්ගයද එලෙසමයි.එහෙත් දක්‍ෂිණ අධිවේගි මාර්ගයේ කි.මි 60ට වඩා යාම නුසුදුසු බව ප්‍රකාශ කිරිම යුතුකමක්. (නි)
හදලා දුන්නම පාවිච්චි කරන පිළිවෙලත් කියලා දීලා තියෙද්දිත් එකම වැරැද්ද කරන අයට දිට්ට ධම්ම වේදනීය කර්මය තමා ඔය පළදෙන්නේ.ඔය වගේ වාහනයක් අරගෙන සුපිරි මාවතේ යන්නේ සුපිරි ඔලුවක් නැති කෙනෙක් වෙන්න බැහැනේ. (නි)
දෙපලත් මිනිස් ජිවිතත් ආරක්ෂා කරගන්න මිට වැඩ හොද ආරක්ෂක පද්දතියක් මේකේ තියෙන්න ඕන. (අ)
ලාල්, මාර්ගයේ ප්‍රමිතියක් නැත්නම්, ඒත් අනතුරු වෙන්න පුළුවන්. (ස)
මේ හැප්පිල්ලෙන් රියදුරා බේරුනේ නැත්තම් තමා පුදුමේ! (ස)
රියදුරාටත් වාහනයටත් මොන තරම් හානි වුනත් මාර්ගයට සිදු කරපු හානියට නම් එයාලගෙන් වන්දි ගත යුතුමයි. මේවා මහජන දේපළ. (ස)
වැසි සහිත වෙලාවට නියමිත වේගයට" වඩා 30 ක් අඩුවෙන් යන්ට ඕන නේ. අධික වේගය විය හැකියි. රියදුරු බේරුණා නම් ඇති.. (ස)
ඕක අපේ රටේ මිනිස්සුන්ගේ හැටි. ඇස් පෙනීම, දැකීම හරිම දුර්වලයි (නි)