IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


විහාර හල්මිල්ලෑවේ ඝාතනයට හිටපු සෙබළෙක් සැකපිට

අනුරාධපුර විහාර හල්මිල්ලෑවේ පංච පුද්ගල ඝාතනයට සැකපිට හිටපු හමුදා සෙබළෙක් (30) හසලකදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවන් දෙදෙනකු ගැන වැදගත් තොරතුරු අනාවරණය වූ බව පොලිස් ආරංචි කියයි.

 



අදහස් (0)

විහාර හල්මිල්ලෑවේ ඝාතනයට හිටපු සෙබළෙක් සැකපිට

සමරනායක Tuesday, 05 November 2013 10:13 PM

ඔය විඩියෝ වල තියෙන්නෙ මෙයාල හමුදාවෙ ඉන්න කාලෙ කරපුව. (ස)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 06 November 2013 10:16 AM

රටේ සිදුවන සියලු අපරාධ වලට පැනගිය සෙබළුන් වගකිව යුතු නැති වුනත් වැඩි ප්‍රතිශතයකට ඔවුන්ගේ දායකත්වය ලැබෙනවා...මේකට විසදුම එතරම් අපහසු දෙයක් නෙමෙයි..පැන ගිය සෙබළුන් අල්ලන්න මහන්සි වෙන්න ප්‍රථම නිවැරදිව ඔවුන්ගේ සංගණනයක් කරලා ඔවුන්ගේ වර්තමාන තත්වයන් ඔවුන් කරන රැකියා , අදායම් තත්ත්ව පවුල් පසුබිම් සියල්ල ග්‍රාමසේවක, වසමේ පොලිසිය හා හමුදා බුද්ධි අංශ ලවා ලැයිස්තු ගත කල යුතුයි..මේක අපහසු කාර්යයක් නෙමෙයි..ඊට පසුව සමාජයට වැඩදයීව ජීවත්වන්නන් හමුදා වලින් නීත්‍යානුකූලව ඉවත් කල යුතුයි..අනෙකුත් අයගේ ක්‍රියා නිරතුරුව ප්‍රදේශයේ ග්‍රාම සේවක පොලිසිය හා හමුදා බුද්ධි අංශ වල නිරීක්ෂණයට භාජනය විය යුතුයි..රජයේ හා හමුදාවල මැදිහත් වීමකින් හදාගන්න පුළුවන් එව්වෝ හදා ගත යුතුයි..කොහොමටවත් බැරි සමාජ පිළිල බවට පත් වුවන් සමාජ ගත වීම වැළක්විය යුතුයි.. (ස)

:       0       0

ශිරෝ Wednesday, 06 November 2013 10:37 AM

බන්දුලගේ කතාව හරි. ඒක හොඳ ප්‍රායෝගික විසඳුමක්. බලධාරීන් මේ ගැන අනිවාර්යෙන් ක්‍රියා කල යුතුයි. (ස)

:       0       0

ලෙස්ටෙර් Tuesday, 05 November 2013 11:21 PM

අපරාධය කියන එක කවුරු කළත් ඒක අපරාධයක්,තවත් කෙනෙක්ගේ ජිවිතයක් නැතිකරන්න කාටත් අයිතියක් නැහැ (නි)

:       0       0

රසික Wednesday, 06 November 2013 11:05 AM

මරණ දඬුවම නැති නිසා මිනිස්සු අපරාධ කරන්න බය නෑ. දැන් බන්ධනාගාරත් විහිළුවක් වෙලා. දඬුවම් ලබා දීම හරියට ක්‍රියාත්මක උනා නම් ගොඩක් අපරාධ අඩු වේවි. (ස)

:       0       0

දම් Wednesday, 06 November 2013 12:38 AM

පැනපු සෙබළු හරිම හිසරදයක් වගේ. (නි)

:       0       0

සුභාෂිණි Wednesday, 06 November 2013 12:56 AM

මිනීමරුවෝ නිදැල්ලේ අරින්නේ ඇයි.සැලසුම් කළ ඝාතනයක් හෘදයාබාධයකින් වුණා කියලා ඔප්පුකරගන්න සල්ලි වියදම් කරපු කට්ටියකුත් හිටියා මට මතකයේ තිබෙනවා (නි)

:       0       0

චමත් [ලංකාව] Wednesday, 06 November 2013 01:01 AM

ගජමෑන්, ඔබ හරි (නි)

:       0       0

චමත් ඉතාලිය Wednesday, 06 November 2013 01:02 AM

සමරනායක,ගිහින් කියන්න පුළුවන් නම් චැනල් 4 නාලිකාවට .... (නි)

:       0       0

අජිත් Wednesday, 06 November 2013 12:27 PM

සමරනායක නමින් ලියන්නෙ කවුද ඇත්තටම. (ස)

:       0       0

රෝහණ Wednesday, 06 November 2013 12:48 PM

යුද්ධ කාලයේදී කිසි පවුල් පසුබිමක් බලන්නේ නැතුව ගත්ත ඒකේ පල විපාක තමා. මෙය දැන් හුගක් අපරාධ වලට මුල් වෙලා තිබෙන්නේ. මෙවැනි අය හින්ද කැපවීමකින් යුද්ධය දිනවීමට තම ජීවිත ශ්‍රමය කැප කළ වීරයින්ටත් අවමානයක් ගෙන දෙනවා. මොවුන්ට සමාව නොදී උපරියෙන්ම දඩුවම් නියම කරන්න වුමනයි. (ස)

:       0       0

නිශාන්ත Wednesday, 06 November 2013 04:10 AM

ඕකටත් ප්‍රාදේශීය දේශපාලුවෙක් සම්බන්ද ඇති. අනේ රටකට ගිය කල (නදී)

:       0       0

හසන්-අල් ජුබෛල්-සෞදි අරාබිය Wednesday, 06 November 2013 01:41 PM

බන්දුලගේ අදහස තව දුරටත් පුලුල් කරලා සෑම ග්‍රාම සේවා වසමකම සිටින පුද්ගලයන් පිලිබඳ, ඔවුන් කරන රැකියා, ආදායම් තත්ත්ව පවුල් පසුබිම් සියල්ල ඇති දත්ත බැංකුවක් මගින් අපරාධ පිලිබඳ සැකකරුවන් හදුනා ගැනීමට පහසුවෙයි. (ස)

:       0       0

ආරියසේන Wednesday, 06 November 2013 05:08 AM

එල්ලුම් ගහ පේන තෙක් මානෙයක වත් නැති නිසා මේ වගේ මිලේච්ඡ කූර ඝාතන අපේ ශ්‍රි ලංකාවේ එදිනෙදා අසන්නට ලැබේ (නදී).

:       0       0

උපාලි Wednesday, 06 November 2013 05:21 AM

ගජ මන් හරි. යුද්ධය නිසා මෙවැනි පුද්ගලයන් බඳවා ගැනීමට සිදුවුනා. හමුදා සාමාජිකයන්ට ලැබෙන දැඩි විනය සහිත පුහුණුව නොලැබුන නිසා මොවුන් දන්නේ තුවක්කු හැසිරවීම ගැන පමණයි. චරිතය හැසිරවීම ගැන මොකුත් දන්නේ නැහැ. චමත් (ඉතාලිය), සමරනායක කියන්නේ බොරු නෙමෙයි. මොවුන් තමයි අපේ රටේ නමත්, හමුදාවේ නමත් විනාශ කලේ. (නදී)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 06 November 2013 05:24 AM

සමහර නායකයින්ගේ වැඩ සමර වගේ තමා. කිසිම වැදගම්මක් නැහැ. මක බාස් ට හොඳා.(නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 06 November 2013 05:57 AM

යුද්ධය සහ විනය දියුණු කිරීම සඳහා හමුදා පුහුණුව ගත් අය ඒවායින් ලබා ගන්න ප්‍රතිපල තමා මේ. (නදී)

:       0       0

සමදරා Wednesday, 06 November 2013 06:06 AM

යුද්දය දිනීමෙන් පසු අපි උත්සව පවත්වා විනෝද වූවා. දැනුත් කරන්නේ ඒක. යුද්දය කරපු සොල්දාදුවන් ගේ මානසික තත්වය පුනරුත්ථාපනය කිරීමට ක්‍රියා කරනවා කියා මම දැකල නැත. අන්න ඒකේ භයානක ප්‍රතිපලයි ඔය. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 06 November 2013 04:10 PM

මම හැමෝගෙම අදහස් කියෙවුවා. හැබැයි අපේ රටේ වෙන හැම සිදුවීමක්ම කරන්නේ හමුදාව හැර ගිය අය නෙවෙයි. අර කාලෙකට පෙර රත්නපුරේ මැණික් මුදලාලි කෙනෙක්ව මැරුවේ ඔහුගේම පුතා. හැබැයි එයා හමුදාව අතහැර ගිය කෙනෙක් නෙවෙයි. මේ අපරාධ පසුපස තියෙන්නේ කාරණා දෙකයි. එකක් දීර්ඝ කාලින යුද්දේ, හැමදාම දැක්කේ මරනවා මැරෙනවා. මිනිස්සුන්ගේ මුළු ඇඟේම දුවන්නේ කෝප උන ලේ. බලන්න අද කෙනෙක් තව කෙනෙකුට දෙවෙනි වෙන ගතියක් එහෙම තියෙනවද? නැහැනේ. ගැහුවොත් ගහනවා, මැරුවොත් මරනවා. ඊළඟට අද තියෙන්නේ මුදල් පසුපස හඹා යෑමේ මානසිකත්වයක් සහ එවැනි සමාජයක් ලොකු මිනිස්සු කොමිස් ගහනව බැරි එකා මංකොල්ල කනවා. මෙන්න මේ කියන කාරණා වලට විසදුම් ලැබුනොත් තත්ත්වය ටිකක් යහපත් අතට හරවගන්න පුළුවන්. එල්ලුම්ගහ ගෙන ඒමත් මේකට එක විසදුමක් වෙන්න පුළුවන්. (ස)

:       0       0

දෙවිඳු Tuesday, 05 November 2013 08:43 PM

කැළෑ වල අපරාධ කරන්නත් අලි මරන්නත්, හක්කපටස් වැනි දේ හදන්නත් හමුදාව අතහැර ගිය සෙබළුන් සම්බන්ධ බව කියන වාර්තා තිබුනා. නීතිය ස්ථාපිත කිරීම වැදගත් මේ නිසයි. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 05 November 2013 08:49 PM

මේ අය රටට බරක් (නි)

:       0       0

සුමේධ Wednesday, 06 November 2013 04:59 PM

මරණ දඩුවම ලබා දෙන්න. (ස)

:       0       0

අබුඩාබි පොඩ්ඩා Tuesday, 05 November 2013 09:07 PM

අපරාධ ගොඩක් ඒවට සම්බන්ධ හමුදාවෙන් පැනලා අාපු අය. (නි)

:       0       0

අමිල පීරිස් Wednesday, 06 November 2013 09:19 AM

තව මිනීමැරුම්, මංකොල්ලකෑම් වෙන්න කලින්, හමුදාවෙන් පැනලා ගිය සෙබළු අල්ලා ගැනීම ඉක්මන් කරනු ඇතැයි සිතමි . අපරාධය කරපු කෙනා පොලිසියට අසුවුනත් අර මරපු අහිංසක මිනිසුන්ට නැවත ඒ ගත කල ජිවිත ලබා දෙන්න පුලුවන්ද ? මනුෂයන් පිරිසක් සමුල ඝාතනය කරපු හමුදාවේ සෙබලාව එල්ලා මරනවද නැත්නම් නිකන් කන්න දීලා හිරේ දානවද ? (ස)

:       0       0

විරාජ් කාලිංග Tuesday, 05 November 2013 09:26 PM

මොක උනත් මෝඩ ගහක් ,අපරාදයක් කරලා බේරිලා ඉන්නවා කියන එක නම් බොරු මොන වැඩ කාරය උනත්,මැරුණු 5 දෙනාගේත් ජීවිතත් ඉවරයි මුගේ ජීවිතෙත් හිරෙටම ඉවරයි තමා,එකෙක් දෙන්නෙක් එල්ලලා පෙන්නන්න ඔය අපරාද වලට තියෙන බය හරි වැඩි වෙයි ,(ස)

:       0       0

රාහුල Tuesday, 05 November 2013 09:50 PM

හමුදාවෙන් පැනලා ගිය අය අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න. මේක රටට ම විනාශයක් (ස)

:       0       0

ගජ මෑන් Tuesday, 05 November 2013 09:52 PM

ඉස්සර හමුදාවට බඳවා ගන්නකොට තාත්ත ,ආතා ,මුත්තා, කිත්ත, කිරිකිත්තා පිලිබදව හිට සොයා බලලා තමයි බඳවා ගත්තේ. ඒ අනවශ්‍ය පුද්ගලයින්ට හමුදා පුහුණුව ලැබෙන එක වලක්වන්න. එත් අවාසනාවට අපට යුද්ධයකට මුහුණ දෙන්න උනා.ඒ වෙලාවට අනුව වැඩිදුර සොයා බලන්නේ නැතුව බඳවා ගැනීම් සිදු වුනා. එහි ප්‍රතිපලයක් හැටියට හමුදා පුහුණුව ලබා ගත් නූගත් නොහික්මුණ පුද්ගලයින් සන්නද්ධ සේවාවන්ගෙන් පැනලා ඇවිත් සමාජ ගත උනා. මේ අකටයුතු සිදුවන්නේ එහි ප්‍රතිපලයක් ලෙසටයි. සමාජයේ ජනතාවට පුළුවන් මෙවැනි පුද්ගලයින් නීතියට කොටු කර ගැනීමට ආරක්ෂක අංශ වලට සහාය දෙන්න. දැන් ඉතින් වෙනත් විකල්පයක් නැහැ. (ස)

:       0       0

දාමි Wednesday, 06 November 2013 09:36 AM

අපි දේශප්‍රේමින් නමින් හදුන්වපු අය ,මේ කරන අපරාධ වලින් හමුදාවත් රටත් අපකීර්තියට පත් කරනවා. දැන්වත් රට කරවන ඇත්තෝ මේ රටට එල්ලුම් ගහ වගේ දැඩි දඩුවම් ගෙනල්ලා ,රටේ නීතිය දැඩි කරන්න ඕනෑ . (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 617 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 229 0

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 268 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 295 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 339 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 441 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14636 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site