IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


විහාරාධිපති හිමි පාංශු කූලයට එන්න දඩයක් නියම කරලා‘‘

(නිමල් ජයරත්න)

මියගිය තම මවගේ පාංශුකූල කටයුතු ඉටු කිරීමට නම් රුපියල් 24,000 මුදලක් ඉල්ලා සිටි බව කියන භික්ෂුවක් පිළිබඳව දිඹුලාගල අරලගංවිල ප්‍රදේශයන් වාර්තාවෙයි.

මේ පිළිබඳව පොලිසියට ලැබුණු පැමිණිල්ලකින් පසු පොලිසිය මැදිහත්වීමෙන් වෙනත් විහාරස්ථානයක ස්වාමීන් වහන්සේලා දහනමක් වැඩමවා, මවගේ පාංශුකූල කටයුතු පොලිස් ආරක්ෂාව මධ්‍යයේ සිදු කර ඇත.

අරලගංවිල සූරියගල රුහුණගම පදිංචිව සිට 66 හැවිරිදි මවක ඉකුත් දෙවැනිදා මියගොස් තිබේ. පසුව මවගේ පාංශුකූල කටයුතු කිරිමට ගම්මානයේ විහාරස්ථානයට ගිය එම මවග පුතා විහාරාධිපති ස්වාමින්වහන්සේට ආරාධිනා කර ඇත. ,එය සිදුකිරීමට රුපියල් 24,000 මුදලක් ඉල්ලා සිටි බව අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල මහතා පැමිණිලි කර ඇත.

අනතුරුව විහාරාධිපති හිමි පොලිසියට වැඩමකරවා,එම පවුල පත්ව ඇති අසරණ බාවය පිලිබද පැය දෙකකට අධික කාලයක්,තමන් ස්වාමීන් වහන්සේ දැනුවත් කර බවත්,ඉන් පලක් නොවී හෙයින් පොලිසිය මැදිහත් වී ප්‍රදේශයේ වෙනත් ආරණ්‍ය සේනාසනක වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා දහනමක් වැඩම කරවා පොලිස් ආරක්ෂාව මැද පාංශුකූල කටයුතු කර මවගේ දේහයේ අවසන් කටයුතු ,බඩල්කුඹුර පොදු සූසාන භූමියේ සිදුකළ බව ඉදුනිල් හේමපාල මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් කීවේය.

මෙම පවුල වසර දෙකකට අධික කාලයක් මවගේ පැවැති රෝගාතුර තත්ත්වය සහ විවිධ අපහසුතා නිසා විහාරස්ථානයට දානය ලබාදීමට නොහැකි වී තිබේ.

ඊට දඩ මුදලක් වශයෙන් මාසෙකට රුපියල් 1000 බැගින් විහාරස්ථ දායක සභාවට රුපියල් 24,000ක මුදලක් ගෙවන ලෙසට  එම පාංශුකූල ආරාධනාවට ගිය පුතුට විහාරාධිපති ස්වාමින්වහන්සේ පවසා ඇති බවද වාර්තාවේ.

 



අදහස් (24)

විහාරාධිපති හිමි පාංශු කූලයට එන්න දඩයක් නියම කරලා‘‘

ගමේ එකාලා Friday, 04 August 2023 07:52 PM

අනේ මේ වගේ හාමුදුරු නමක්?

:       0       27

C.K.Lankaputhra Friday, 04 August 2023 08:11 PM

බොලේ හැබෑට පන්සල්වල ලොකු හාමුදුරුවන්ටත් දඩ නියම කරන්න පුළුවන්ද, දණ්ඩ නීති සංග්‍රහයට අනුකූලවද? මේ හාමුදුරුවන්ට තවදුරටත් සිවුර දරා සිටීමට සුදුසුකමක් නෑ....!

:       3       130

සම්මා සම්බුදු සරණයි Friday, 04 August 2023 11:21 PM

කළුතර පැත්තේ කතෝලික කෙනෙක්ට ඔහොම වුණා අවුරුදු ගානකට කලින්. ඒ තැනැත්තා ආගම අදහපු පල්ලි ගිය කෙනෙක් නෙවෙයි. බිරිඳ බෞද්ධ. මේ මනුස්සයා පල්ලියට දෙන්න අවශ්‍ය මුදල් දිලත් නෑ පල්ලි ගිහිල්ලත් නෑ. හදිසියේ මිය ගියාම බිරිඳ පල්ලියට ගිහින් භූමදානය කරන්න අවසර ඉල්ලලා තියෙනවා ඔහුගේ ආගමට කරන ගෞරවයක් ලෙස. එතනදි තමයි ඔය ප්‍රශ්නය මතුවෙලා තිබෙන්නේ. පසුව එය නිරාකරණය කරගෙන භූමදානය සිද්ධ කරා. එහෙත් බෞද්ධ පන්සලේ ඔහොම දඩ ගහනවා කියලා කොහේවත් අහලා නෑ. කැත වැඩේ.

:       0       0

ඇබිත්තයා Friday, 04 August 2023 09:09 PM

ඇත්තටම මම හොදයි කියන මම කුඩාකාලයේ දුටු හාමුදුරුවෝ දැන් ඉන්නේ නම් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ සහ කෝලම් කුට්ටමේ පමණයි. මම එහෙම කිව්වා කියලා නාට්‍ය තහනම් කරන්න එපා... ඇත්තටම මෙයට අවුරුදු 40කට පමණ පෙර අපේ ගමේ හාමුදුරුවෝ ගමේ ගෙවල්වල තොරතුරු සොයා බලනවා.. අවශ්‍ය අයට පිහිට වෙනවා මෙතන හාමුදුරුවෝ පමණක් වැරදියි කියන්න බැහැ.. මොකද දායක සභාව ගන්න තීරණ හාමුදුරුවෝ ක්‍රියාත්මක කරනවා වෙන්න පුළුවන්..

:       0       0

Saman Dissanayake Friday, 04 August 2023 09:19 PM

මාගේ මරණයට පාංශුකූලය අවශ්‍ය නොවේ...අවසන් කැමැත්ත.

:       0       0

Piyal weerasinghe Friday, 04 August 2023 09:26 PM

මාසයක් ගානේ පන්සලට දානේ දෙන්න ඕනේ කියලා නියමයක් තියනවාද? අපේ සංඝ නීතියේ. මේ කාලේ වේලක් කලා ඉන්නෙත් බොහෝම අමාරුවෙන්....

:       0       0

Perakum Friday, 04 August 2023 11:06 PM

මෙවැනි අවස්ථාවලදී විනයානුකූල පියවර ගතයුත්තේ අදාල නිකායේ මහනායක ඇතුලු බලධාරීන් විසිනි. ඒත් ඔවුන් ඇහැ කන පියාගෙන අහක බලාගෙන ඉන්නේ දානය වරදින නිසා වෙන්නැති.

:       0       0

k.n.kumarasiri Friday, 04 August 2023 11:22 PM

වැඩකට නෑ

:       0       0

Bamunuarachchi Saturday, 05 August 2023 12:51 AM

දානේ දීම නවත්තන්න. පාන්සකුලේට එන්න සල්ලි ඉල්ලුව කියලා ගම පුරාම පෝස්ටර් අලවන්න. සිවුර ගලෝල යන විදිහට වැඩේ සෙට් කරන්න.

:       0       0

Perera Saturday, 05 August 2023 03:07 AM

මෙහෙම දේවල් රට පුරාම වෙනවා කියලා දැන දැන මහා නායකලා බලන් ඉන්නවා .බුද්ධ ධර්මය විනාශ කරන්නේ බුද්ධ පුත්‍රයින් කියාගත්තු අයවලුන් විසින්මයි

:       0       0

sam Saturday, 05 August 2023 04:15 AM

බුද්ධාගමට විශාලතම හානිය කරන්නේ අබෞද්ධයන් වත්, ගිහියන්වත් නොවෙයි. මෙන්න මේ වගේ චීවරධාරීන්.

:       0       0

රසික සූරියආරච්චි Saturday, 05 August 2023 07:35 AM

බුදුන් දෙසූ ධර්මයේ කුමක් තිබුණත් ලංකාවේ "බුද්ධාගම' නැමැති බිස්නස් එක කරන ව්‍යාපාරිකයින් විසින් මිනිසුන්ගේ සිතට කාවද්දා තියෙන දෙයක් තමයි මැරුණාට පස්සේ ආපහු ඉපදෙනවාය... සුගතියක ඉපදෙන්න නම් හාමුදුරුවකු කැඳවා පාංශුකූලයක් දිය යුතුය කියන මිත්‍යාව...

:       0       0

ඇඹුල් දොඩම් පහල Saturday, 05 August 2023 09:22 AM

හාමුදුරුවෝ මොනවා කලත් ගිහියන්ට දොස් කියන්න අයිතියක් නෑ

:       2       0

Hemapala Saturday, 05 August 2023 11:04 AM

කුලියාපිටියේ දණ්ඩගමුව පන්සලේත් පාංශුකූලයට එන්න කිව්වාම හාමුදුරුවෝ ඉස්සෙල්ලාම පොත අරන් බලන්නේ දඩ සේරම ගෙවලද කියලා...!

:       0       20

උපාලි Saturday, 05 August 2023 11:43 AM

මම කියලා තියෙන්නේ මාව මැරුණාම පාංශුකූලය දෙන්න එපා කියලා. ඒ තරමටම මට ඔය කහ සිවුරු දරන් ඉන්න අය අරහං...

:       2       18

උපාසක Saturday, 05 August 2023 11:56 AM

වර්තමානයේ මළගෙයක් වුණාම සමහරක් ප්‍රදේශවල මිනිස්සු ගෙවල්වල කෑම උයන්නේ නැහැ. මළගෙදරින් කන්න බලාගෙන ඉන්නවා... ඒක හරියට මියගිය කෙනාට අමතරව ජීවත්ව සිටින අයත් මරනවා වගේ වැඩක්. මොකද අසරණයෙක් මව වෙනුවෙන් උපරිමයෙන් මහන්සි වී මවට ප්‍රතිකාර කරලා කියලා පේනවා. එහෙම අසරණ වෙච්චි වෙලාවේ යමක් කමක් කරන්න පුළුවන් කෙනෙකුට වුණත් මුදල් දුෂ්කරතා තියෙන වෙලාවේ මෙහෙම මුදල් ඉල්ලීම විලිලැජ්ජා නැති වැඩක් තමයි.. මේක දායක සභාවේ මිනිස්සු වුණත් කල්පනාවට ගතයුතු කාරණයක් තමයි...

:       1       13

samanSaturday, 05 August 2023 02:34 PM

ඒකට මුස්ලිම් ගෙවල්වල ඒගොල්ලන්ගේ මළ ගෙදරට මාසෙකට පිට අය කෑම හදලා ඇවිත් දෙනවා...

:       0       10

LallaSaturday, 05 August 2023 11:11 PM

මලගේ විකුණාගෙන කෑම වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බොහෝ ගම්වල තියනවා. මලගෙදර මැරිච්ච කෙනා නොවේ ජීවත්වන අයව මරාගෙන කන ක්‍රමයක් ඒක...

:       0       3

පී කලවානගේ Saturday, 05 August 2023 12:06 PM

එක් අතකින් මේකෙ වැරැද්දක් කියන්න බැහැ... මොකද දැන් කාලයේ මිනිසුන්ට පංසල හා හාමුදුරුවෝ මතක්වෙන්නේ මරණයක් වුණාම පාංශුකූලය දීමට හා රැකියාවකට යාමට චරිත සහතිකයක් ගන්න විතරයි... අඩුම තරමින් පසළොස්වක දිනයේදීවත් පංසල පැත්තේ පළාතේ යන්නේ නැහැ... මම හිතන්නේ මිනිස්සු කෙනෙක් රෝගී වුණොත් අඩුම තරමින් බෝධි පූජාවක් තියන්න හෝ පංසල් යනවා....

:       15       8

Mohan Mapa Saturday, 05 August 2023 12:27 PM

පාංශුකූල මොකටද?

:       7       13

පිටිගල මිලානෝ Saturday, 05 August 2023 02:34 PM

පාංශුකූල දේවල් කරන්න ඕනේ කියලා බුදුදහමේ කොතැනද කියැවෙන්නේ…? මේවා ඔක්කෝම පන්සල් යැපෙන්න හදාගත්තු දේවල් මිසක් බුදුන් වහන්සේ දෙසූ දේවල් නොවේ..

:       5       11

ධම්මික Sunday, 06 August 2023 12:09 AM

මිලානෝ, ආගම ගැන දැනගෙන කතාකරන්න. අඩුම පන්සිල් පද ටිකවත් දැනගනින්. ලෝකෙට බණ කියන්න කලින්.

:       2       2

ඇබිත්තයාSunday, 06 August 2023 12:57 PM

මමත් ඒක දන්නේ නැහැ... ඒත් මට අහන්න හිතුණා පාංශූකූලේ ගැන බුදුදහමේ සඳහන් වෙන්නේ කොහේද කියලා... මිලානෝ දන්නවා නම් කියාදෙන්නකෝ...!

:       1       2

පද්මා වීරවන්නි Sunday, 06 August 2023 10:41 AM

ගිහියන්‍ට පන්සල මතක්වෙන්නේ මැරුණාම තමයි. එතෙක්ම හාමුදුරුවන්ට බනිනවා... හාමුදුරුවෝ කියන්නේ බුහුමන් ලැබිය යුතු පිරිසක්...

:       2       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකන් විද්‍යාඥයන්ට
2024 ඔක්තෝබර් මස 15 17 0

2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම


නාසා යානය රහස් සොයන්න යයි
2024 ඔක්තෝබර් මස 15 40 0

අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.


අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 594 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 679 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 1427 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 2656 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 414 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1421 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site