හිඟුරක්ගොඩ පන්සල්ගොඩැල්ල ඉපැරණි පුරා විද්‍යා බිමේ පුරා වස්තු වැනසී යැයි පන්සල්ගොඩැල්ල ශ්‍රී සුගතබිම්බාරාමාධිපති හා ගල් අමුණ විදුහල්පති පන්සල්ගොඩැල්ලේ සෝමරත්න හිමි හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් හාල්පන්දෙනියේ හේවගේ මහත්මිය විසින් ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
2013 දෙසැම්බර් 7 වැනි දින පන්සල් බිමේ පුරා වස්තුවලට හානි කළැයි පොළොන්නරු පුරාවස්තු ආරක්ෂණ පොලිස් ඒකකයේ ස්ථානාධිපති ඊ එම් එදිරිසිංහ මහතා හිමිනම උසාවියට ඉදිරිපත් කළේය.
අනුරාධපුර මුල් යුගයට අයත් යැයි සැළකෙන ඉපැරණි විහාරාරාම පුද බිමක් පන්සල් ගොඩැල්ලේ ඇතැයි පුරා විද්‍යාඥයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරගල පුරාවිද්‍යා ගොඩනැගිලි පිටින් වනසද්දී ඔය පුරාවස්තු ආරක්ෂක ඒකකය කොහෙද හිටියේ............ (දී)
පඩු සිවුරක් දැක්කහම සිංහයෝ වෙන පොලිසියි උසාවි මුස්ලිම් තොප්පි දැක්කහම බලු නකුටෝ වගේ අනේ නීතිය. (දී)
අසේලගේ කතාව හරි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඔල්මාදේ. දේශපාලුවෝ පොලිසිය සමග සිදුකරණ පුරාවිද්‍යා ස්ථානවල නිදන් හොරාගැනීමට නීතිමය පියවර කෝ?(දී)
උරැමය වනසන්න එපා (අ)
පන්සලක් දියණු කරන්න හැදුවොත් ප්‍රශ්න , (අ)
ඔය චෝදනාව සම්පූර්ණ බොරුවක්. මොකද හිඟුරක්ගොඩ පොලොන්නරුව ප්‍රදේශයේ ඉන්න ඉතාම සිල්වත් වැදගත් බුද්ධ පුත්‍රයෙක් තමයි මේ ස්වාමින් වහන්සේ. නිකරුනේ රිමාන්ඩ් කරලා අකුසල් ගෙවන්න ලේසි වෙන එකක් නැහැ අසේල කීව වගේ. ඇත්තටම වෙන දේවල් වලට කිසි පියවරක් කවුරුත් ගන්නේ නෑ. හාමුදුරුවනේ, ඔබ වහන්සේ නොසැලී පන්සලටත් ගමටත් පාසැලටත් කරණ සේවය ඔය විදියටම කරන්න. ඒ වැරදි කල අයට ස්වභාවදර්මය දඩුවම් දේවි.(නදී)
බොරුවට චෝදනා කරන්න එපා. ඒ හාමුදුරුවෝ ගොඩක් හොඳ හිමි නමක්. (නදී)
මම ඒ අවට ගමක කෙනෙක්. මම ගරු කරන ඉතාම හොඳ හාමුදුරුවන් වහන්සේ කෙනෙක්ගේ සේවය පාසලටත් ගමටත් අවට මුළු ප්‍රදේශයටත් අඩුවක් නැතිව කරනවා. මේ පුවත බලන අය වැරදියට තේරුම් ගන්න එපා. හොයා බලන්න කරුණාකර. සාසනේට මෙවන් හිමිවරු ඕනේ.(නදී)