(අංජුල මහික වීරරත්න)
රාජ්‍යයන් කිහිපයක් සමඟ භාණ්ඩ හුවමාරු කර ගැනීම සඳහා නිදහස් වෙළෙද ගිවිසුම් අත්සන් කිරීමට රජය තීන්දු කර ඇත.
ඒ අනුව පළමු වටයේ දී ඉන්දියාව, චීනය හා තායිලන්තය සමඟ නිදහස් වෙළෙද ගිවිසුම් අත්සන් කිරීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් යෝජනා ඉදිරිපත් කර තිබේ.
රජය ඉදිරිපත් කළ යෝජනාවට මේ වන විට තායිලන්තය කැමැත්ත පළ කර ඇත.
ඒ අනුව නිදහස් වෙළෙද ගිවිසුම ගැන ජනවාරි 08 හා 09 යන දෙදින මෙරට දී තායිලන්ත රජයේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. ඒ වෙනුවෙන් එරට ප්‍රධානීන් මෙරටට පැමිණීමට නියමිතව පවතී.
ඊට අමතරව පසුගිය රජය සමයේ නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළ බංග්ලාදේශය සමඟ වන සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන යාමට ද රජය තීරණය කර තිබේ.
බංග්ලාදේශය සමඟ වන සාකච්ඡා සූම් තාක්ෂණය ඔස්සේ ඉදිරියට ගෙන යාමට නියමිතය. මේ වන විට පිහිටුවා ඇති ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය හරහා තවදුරටත් නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් කටයුතු කෙරෙනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වෙළෙදාමෙන් පාලම් බඳින්න ආණ්ඩුව තීන්දු කරයි
de silva Saturday, 31 December 2022 08:48 AM
පාලම් බඳින්න ඕන අපේ නිෂ්පාදන අලෙවි කළ හැකි යුරෝපා සංගමය, සිංගප්පූරුව, ඇමෙරිකාව වැනි පාර්ශ්වකාරයෝ සමග. අපේ නිෂ්පාදනවලට චීන, තායිලන්ත සහ ඉන්දියාවේ වෙළඳපොළක් නොමැත.
de silva Saturday, 31 December 2022 08:52 AM
රුසියන් සංචාරකයන්ට තැනක් දෙනවා කියලා වීසා ගාස්තු එහෙම අඩු කළා. අන්න ඔවුන් මෙහේ ඇවිත් ගෙවල් බද්දට අරගෙන කාමර කුළියට දීම, කොන්ඩා කැපීම, පච්ඡා කෙටීම වැනි දේවල් කරමින් අපේ රස්සා ටිකත් අරගන්නවා. යුරෝපා සංචාරකයන් ප්‍රවර්ධනය කරන්න ආණ්ඩුව කිසිම දෙයක් කළේ නැහැ. වීසා ගාස්තු වැඩි කළා. සංචාරක වීසා මත පුද්ගයෝ ආවට රටට සැලකිය යුතු ආර්ථික ප්‍රතිලාභයක් නොමැත.
don Sunday, 01 January 2023 12:49 PM
මේකෙන් අපේ රටට අත්වෙන වාසිය මොකක්ද කියලා මම මේ දහ අතේ කල්පනා කරනවා.