IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘වෙළෙඳ නැව්වලට රැකවරණ දීමේ තීරණයක් නෑ‘


ජාත්‍යන්තර නැව්වලට මුහුදු මංකොල්ලකරුවන්ගෙන් එල්ලවන තර්ජන නිසා ඒවාට ආරක්‍ෂාව සැලසීම මගින් ලංකා රජයට විශාල ආදායමක් ලැබෙනවා. එම නිසා රක්නා ලංකාහි ඇති දුර්වලතා මගහරවා ව්‍යාපාරික කටයුත්තක් ලෙස මෙය ඉදිරියට පවත්වාගෙන යන ලෙස ආරක්‍ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මට උපදෙස් ලබාදුන්නා යැයි බරපතළ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
”රක්නා ලංකා” ආයතනය පිහිටුවීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකා මගින් වෙළෙඳ නැව් සඳහා ආරක්‍ෂාව ලබාදීමට බලය ලබාදී නැති බවද කැබිනට් පත‍්‍රිකාවක සඳහන් වියයුතු කරුණු හෝ එම කැබිනට් පත‍්‍රිකාවේ සඳහන් වී නැති බවද ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවැසීය.
බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප‍්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශලාවේ (BMICH)හි පැවැත්වූ විභාගයේ දී සාක්කි දෙමින් හෙට්ටිආරච්චි මහතා එසේ පැවැසීය. 2010 ජනවාරි මස 10 වැනිදාත්, 2015 ජනවාරි මස 10 වැනිදාත් අතර කාලය තුළ රක්නා ලංකා ආරක්‍ෂක අංශයේ රාජකාරි කළ භටයින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට යෙදවීම, ඔවුන්ගේ වැටුප්, ආහාර සඳහා රජයේ මුදල් යෙදවීම, ඔවුන්ගේ රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා සිවිල් ආරක්‍ෂක භටයින් යොදවා ඒ වෙනුවෙන් වැටුප්, ආහාර සඳහා මුදල් ගෙවීම් කිරීම මගින් රජයට රුපියල් කෝටියක පමණ පාඩුවක් සිදුකරන ලදැයි කියන සිද්ධියකට අදාළව මෙම විමර්ශනය සිදුකෙරේ.
මෙම සිද්ධියට අදාළව කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රක්නා ලංකා ආරක්‍ෂක සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී විශ‍්‍රාමික මේජර් ජනරාල් කේ.බී. එගොඩවෙල, එහි හිටපු සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ඛනිජ තෙල් සංස්ථාවේ ගබඩා සංකීර්ණයේ හිටපු සභාපති වන මෙල්දුර රෝහණවීර ද සොයිසා, දෙහිවල-ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපති ධනසිරි අමරතුංග, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොළොන්නාව ප‍්‍රධාන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා, කෝට්ටේ මහනගර සභාවේ නගරාධිපති ජනක රණවක, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උපාලි කොඩිකාර, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කෝට්ටේ ප‍්‍රධාන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත බෝගොල්ලාගම යන මහත්වරුන් නම්කොට ඇත.
මහාධිකරණ විනිසුරුවන් වන ප‍්‍රීති පද්මන් සුරසේන (සභාපති), විකුම් කළුආරච්චි, අමේන්ද්‍ර සෙනෙවිරත්න ගිහාන් කුලතුංග සහ විශ‍්‍රාමික විගණකාධිපති පී.ඒ. පද්මතිලක මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම සාක්කි විභාගය කරන ලදී.
ලැසිල් ද සිල්වා මහතා කොමිසමේ ලේකම්වරයා ලෙස කටයුතු කරන අතර, සහකාර ලේකම්වරුන් ලෙස ආර්. කරුණාදාස සිල්වා සහ එස්.ජේ.වී. තමෙල් යන මහත්වරු කටයුතු කරන අතර, භාෂණ කටයුතු සිදුකරමින් විමල් ශාන්ත ද සිල්වා මහතා කොමිසමේ කටයුතුවලට සහය වේ.
කොමිසමේ විමර්ශන නිලධාරීන් ලෙස සහකාර පොලිස් අධිකාරී ලලිත් අබේස්කර මහතාගේ අධීක්‍ෂණය යටතේ කොමිසමේ විමර්ශන නිලධාරී ලෙස එහි ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක බෝධිපක්‍ෂ මහතා ඇතුළු නිලධාරීහු මේ පිළිබඳ විමර්ශන සිදුකරති.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා (65) මෙසේද කීය.
1974 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත්තා. 2000 සිට 2015 දක්වා විවිධ රාජ්‍ය ආයතනවල සභාපති ධුර ඇතුළු විවිධ තනතුරු දැරූ මා සැප්තැම්බර් 09 වැනිදා ආරක්‍ෂක ලේකම් ධුරයට පත්වුණා.
ප‍්‍ර- ආරක්‍ෂක ලේකම් ලෙස ඔබට අයිති විෂය පථය කුමක්ද?
පිළි- ආරක්‍ෂක අමාත්‍යවරයා යටතේ ඇති සියලූ පරිපාලන කටයුතු හා ත‍්‍රිවිධ හමුදාවල පරිපාලන කටයුතුත්, ලංකාවේ ආරක්‍ෂාව සඳහා දීර්ඝ කාලීන සැලසුම් සකස් කිරීමට ආරක්‍ෂක ලේකම්වරයාට සහායවීමයි.
2014.04.30 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට වැටෙන ආයතන හා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ ආඥා පනත, පුපුරණ ද්‍රව්‍ය පනත, ගිනි අවි පනත ආදී දේවල් මේ යටතට වැටෙනවා.
ප‍්‍ර- රක්නා ලංකා එක ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පාලනය වන්නක්ද?
පිළි- ඔව්, එයට වෙනමම සභාපතිවරයෙක් හා අධ්‍යක්‍ෂ මණ්ඩලයක් ඇතුළත් වෙනවා. මේ අනුව එයට යම් නීති සමුදායක් විමධ්‍යගත වෙලා තියෙනවා. ඔවුන් යම් යම් පරිපාලන කටයුතු සඳහා අප වෙත දැනුම්දීම් කරනවා.
ප‍්‍ර- රක්නා ලංකා ව්‍යවස්ථාවට අනුව ඔබගේ නියෝජිතයෙක් තමයි එහි සභාපතිවරයා විය යුත්තේ?
පිළි- ඔව්, කලින් සිටි ආරක්‍ෂක ලේකම් බස්නායක මහතා විසින් වික්ටර් සමරවීර මහතා එහි සභාපති ධුරයට පත් කළා. මැතිවරණයෙන් පසුව නව රජය යටතේ සියලූ අමාත්‍යාංශවල සභාපතිවරුන් ඉවත්විය යුතු වුවත් ආරක්‍ෂක අමාත්‍යාංශ ධුරය වෙනස් වුණේ නැති නිසා බස්නායක මහතා විසින් කරන ලද පත්කිරීම් නීත්‍යානුකූල බව මා හිතනවා.
ප‍්‍ර- රක්නා ලංකා ආයතනය ආරම්භ කළ ආකාරය ගැන ඔබ දැනුම්වත්ද?
පිළි- නැහැ.
ප‍්‍ර- ඔබ දන්නවද, කැබ්නට් අනුමැතියක් මත රක්නා ලංකා එක ආරම්භ කළා කියා.
පිළි- ඔව්, ලිපිගොනු පරීක්‍ෂා කිරීමේ දී එම අමාත්‍ය මණ්ඩල තීරණය සහිත පති‍්‍රිකාව මා දැක්කා.
ප‍්‍ර- මෙම කැබ්නට් පති‍්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද?
පිළි- ඔව්.
ප‍්‍ර- ප‍්‍රධාන ගණන් දීමේ නිලධාරියා හැටියට ඔබද මේ කටයුතු සඳහා වගකිව යුත්තේ?
පිළි- ඔව්.
ප‍්‍ර- රක්නා ලංකා එක සතුව කොපමණ ගිනි අවි ප‍්‍රමාණයක් තියෙනවද?
පිළි- ගිනි අවි 3473ක් තියෙනවා. ඒ අතර ෂොට් ගන්, බෝර 12 තුවක්කු, එල්.එම්.ජී., ටී-56 තියෙනවා.
ප‍්‍ර- මේ ගිනි අවිවලින් බලපත‍්‍ර තියෙන්නේ ගිනි අවි කොපමණකටද?
පිළි- ගිනි අවි 85කට.
ප‍්‍ර- මේ ගිනි අවි තබාගැනීමට ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් බලපත‍්‍රයක් ලබාදී තියෙනවද?
පිළි- නැහැ.
ප‍්‍ර- මෙම ගිනි අවි තබාගැනීමට බලපත‍්‍ර ලබාදී තියෙනවද?
පිළි- නැහැ, ඒ කාලේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඒ සඳහා බලපත‍්‍ර ලබාදිය යුතු වුණත් එවැනි බලපත‍්‍රයක් ලබාදී නැහැ.
ප‍්‍ර- මේ ගිනි අවි කොහෙන්ද ඔහුට ලැබී තිබුණේ?
පිළි- ත‍්‍රිවිධ හමුදාවල තිබූ ගිනි අවි.
ප‍්‍ර- එම්.එල්. ඕ. කියන තනතුරේ වැඩ කරන කෙනකුට හමුදාවේ තියෙන ගිනි අවි තුන්වැනි පාර්ශ්වයකට දෙන්නැයි කීමේ බලයක් ඔහුට තියෙනවද?
පිළි- ඔහුට බලයක් නැහැ.
සභාපති විනිසුරු සූරසේන මහතා x එම්.එල්. ඕ. තනතුර අමාත්‍යාංශ තනතුරක්ද?
පිළි- ඔව්, බොහෝවිට ඒ සඳහා හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පත්කර ගන්නවා.
ප‍්‍ර- හමුදා සම්බන්ධීකරණ නිලධාරියාගේ විෂය පථයට ගිනි අවි පැවරීමේ බලය ලැබී තියෙනවද?
පිළි- නැහැ.
ප‍්‍ර- ගිනි අවි මුදාහරින්න කියා ආරක්‍ෂක ලේකම්වරයාට නියෝග කිරීමට බලය තියෙනවද?
පිළි- ඔව්.
ප‍්‍ර- රක්නා ලංකා ආයතනය පිහිටුවීමේ කැබිනට් පත‍්‍රයට අනුව එය පිහිටුවා ඇත්තේ කුමකටද?
පිළි- ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය වැනි රාජ්‍ය ආයතනවලට ආරක්‍ෂාව සැලසීමටයි.
ප‍්‍ර- ඔය කැබිනට් පත‍්‍රයේ කොහේ හෝ තැනක වෙළෙඳ නැව් සඳහා ආරක්‍ෂාව දීමට රක්නා ලංකා පිහිටුවීමේ බලය ලබාදී තියෙනවද?
පිළි- නැහැ.
ප‍්‍ර- ගිනි අවියක් මිලදී ගැනීම හෝ එය තබා ගැනීමට බලපත‍්‍ර ලබාදිය යුත්තේ කවුද?
පිළි- ආරක්‍ෂක ලේකම්.
ප‍්‍ර- ආරක්‍ෂක සමාගමකට රජය සතු ගිනි අවි විකිණීමට පුළුවන්ද?
පිළි- පුළුවන්.
ප‍්‍ර- අදාළ ආයතනය පිහිටුවීමේ අරමුණ කැබිනට් සංදේශයේ සඳහන් වෙනවද?
පිළි- නැහැ. අඩුම තරමින් කැබිනට් පත‍්‍රිකාවේ සඳහන් විය යුතු කරුණුවත් සඳහන් වී නැහැ.
ප‍්‍ර- ත‍්‍රිවිධ හමුදාවන් සතු ගිනි අවි 3500කට ආසන්න ප‍්‍රමාණයක් වෙනත් ආයතනයකට පැවරීමේ දී ඒ ගැන ඇමැතිවරයාට දැනුම් දිය යුතුද?
පිළි- එහෙම ලිඛිත නියෝගයක් නැති වුවත් සාමාන්‍ය නීතිය අනුව එහෙම කළ යුතුයි. එහෙම නැති වුණොත් ඇමැතිවරයාගෙන් වැඩක් නැතිවෙනවා.
ප‍්‍ර- ගිනි අවි 3500කට ආසන්න ප‍්‍රමාණයක් රක්නා ලංකා එකට විකිණීමට අදාළ කැබිනට් පත‍්‍රිකාවක් ඔබට ලැබී තිබෙනවද?
පිළි- මට දකින්නට ලැබී නැහැ.
ප‍්‍ර- ඒ කාලයේ දී හමුදා සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කළේ කවුද?
පිළි- මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා.
ප‍්‍ර- ඔහු, ඒ තනතුර දරන අතරම රක්නා ලංකා එකේ සභාපති ධුරය දරන බව ඔබ දන්නවද?
පිළි- නැහැ.
ප‍්‍ර- රක්නා ලංකා එක ලබාගත් ගිනි අවි සඳහා යම් මුදල් ප‍්‍රමාණයක් ආරක්‍ෂක අමාත්‍යාංශයට ගෙවිය යුතු බව ඔබ දන්නවද?
පිළි- ඔව්, නමුත් කොපමණ මුදලක්ද කියා මා දන්නේ නැහැ.
ප‍්‍ර- රක්නා ලංකා එකේ වාර්ෂික ලාභය රජයට බැරවෙන බව ඔබ දන්නවද?
පිළි- ඔව්, වාර්ෂික ගිණුම් වාර්තාවල එලෙස සඳහන් වෙනවා.
ප‍්‍ර- රක්නා ලංකා එකේ මුදල් අවභාවිතයක් වෙලා නම් ඉන් රජයට හෝ මහා භාණ්ඩාගාරයට පාඩුවක් වෙනවද?
පිළි- ඔව්.
ප‍්‍ර- එවැනි පාඩුවක් වී ඇත්නම් ඒ ගැන වගකිව යුත්තේ කවුද?
පිළි- ප‍්‍රධාන ගණන් තැබීමේ නිලධාරියා. නමුත් අවභාවිත කළ අය සොයා ඔවුන්්ට විරුද්ධ විනයානුකූලව පියවර ගත යුතුයි.
ප‍්‍ර- ජාත්‍යන්තර නැව්වලට මුහුදු මංකොල්ලකරුවන්ගෙන් එල්ලවන තර්ජනවලට විසඳුමක් ලෙස ඒවාට ආරක්‍ෂාව දීම මගින් රජයට ආදායමක් තියෙනවාද?
පිළි- ඔව්, මේක ව්‍යාපාරික කටයුත්තක්. මින් රජයට විශාල ආදායමක් ලැබෙනවා. එම නිසා පරිපාලන දුර්වලකම් මගහරවා මෙම ව්‍යාපාරික කටයුත්ත කරගෙන යන ලෙස ආරක්‍ෂක ඇමැතිවරයා උපදෙස් දුන්නා.
1-2 නොතිසි ලත් පාර්ශ්වකරුවන් වෙනුවෙන් නීතිඥ සුමේධ මහවන්නිආරච්චි මහතාගේ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් හෙට්ටිආරච්චි මහතා මෙසේද කීය.
ආයතන ප‍්‍රධානියා ලෙස එක් එක් නිලධාරීන් කරගෙන ගිය කටයුතු වෙනත් අයට පැවරීමට හැකියාවක් තියෙනවා.
ප‍්‍ර- මෙම ආයතනය මේ ආකාරයටම කරගෙන යෑමට ඔබ තීරණයක් ගෙන තියෙනවද?
පිළි- තවම තීරණයක් ගෙන නැහැ. නමුත් අමාත්‍යාංශයේ කටයුතු ප‍්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව කරුණු සොයා බලනවා.
ප‍්‍ර- රක්නා ලංකා එකේ හමුදා ආරක්‍ෂණ ඒකකය ඉවත් කිරීමට ඔබ තීරණයක් ගෙන තියෙනවද?
පිළි- එහෙම කිසිම තීරණයක් ගෙන නැහැ.
ප‍්‍ර- රක්නා ලංකා එක සතුව තියෙන ගිනි අවි ආපසු ලබාගැනීමට ඔබලා තීරණය කරලා තියෙනවද?
පිළි- එහෙම කිසිම තීරණයක් ගෙන නැහැ.
ප‍්‍ර- ඔබලාට ගිනි අවි අවශ්‍ය වුණොත් ත‍්‍රිවිධ හමුදාවල අතිරික්ත අවි තිබුණත් ඒවා රක්නා ලංකා එකට මිලදී ගැනීමට ඔබ තීරණය කරනවද?
පිළි- ඒ වනවිට ඇති තත්ත්වය අනුව තමයි කටයුතු කළ යුත්තේ, මේ වනවිට අපි එහෙම තීරණයක් ගෙන නැහැ.
3 වැනි නොතිසි ලත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබාරි මහතා ඇසූ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මෙසේද පැවැසීය.
ප‍්‍ර- මේ වනවිට මිලියන 05ක මුදලක් මුල් ප‍්‍රාග්ධනය ලෙස තියෙනවා කියලා දන්නවද?
පිළි- ඔව්, ඊටත් වඩා ගෙවලා තියෙනවා.
ප‍්‍ර- මුල් ප‍්‍රාග්ධනයට අමතරව තවත් මිලියන 105ක් ලාභාංශ විදියට ගෙවලා තියෙන බව ඔබ දන්නවද?
පිළි- ඔව්.
ප‍්‍ර- මෙය ඉතා හොඳ ලාභදායී ව්‍යපාරයක් නිසා මෙය තවදුරටත් පවත්වාගෙන යෑමට වර්තමාන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ආරක්‍ෂක ඇමැතිවරයා ලෙස තීරණය කරලා තියෙනවා නේද?
පිළි- රක්නා ලංකා එක ගැන එහෙම තීරණයක් ගෙන නැහැ. ඒත් මුහුදු ආරක්‍ෂකයින් යෙදවීම පිළිබඳ කටයුතු කරන ලෙස දැනුම් දුන්නා.
ප‍්‍ර- කවුද සභාපති විය යුත්තේ කියා කැබිනට් මණ්ඩලය තීරණය කළ යුතුද?
පිළි- එවැනි පොඩි පොඩි දේවල් ගැන කැබිනට් මණ්ඩල කටයුතු කළයුතු නැහැ.
ප‍්‍ර- සමාගමක් කටයුතු කළ යුත්තේ කෙසේද කියා තීරණය කරන්නේ කවුද?
පිළි- අධ්‍යක්‍ෂ මණ්ඩලය.
ප‍්‍ර- රක්නා ලංකා එකේ කොපමණ පිරිසක් වැඩ කරනවාද?
පිළි- තුන්දහස් පනහක් බවට මට තොරතුරු ලැබී තියෙනවා.
ප‍්‍ර- හමුදා නිලධාරීන් කීදෙනෙක් ඔබ යටතේ ඉන්නවද?
පිළි- ලක්‍ෂ 2ක් විතර.
ප‍්‍ර- පොලිසියේ කී දෙනෙක් ඉන්නවද?
පිළි- මේ ළඟක් වෙනකම් ආරක්‍ෂක ලේකම්ට පොලිසිය බාර වුණත් දැන් මට අයත් නැහැ.
ප‍්‍ර- ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා රක්නා ලංකා එකේ සභාපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් ලිපියක් අමාත්‍යාංශ ගොනුවල තියෙනවද?
පිළි- නැහැ.
ප‍්‍ර- හමුදාවේ හා පොලිසියේ අවි ගබඩාවල තියෙන අවි තබාගැනීම සඳහා ඔවුන්ට බලපත‍්‍රයක් අවශ්‍යද?
පිළි- නැහැ.
ප‍්‍ර- එම ගබඩාවල වෙනත් අයගේ ගිනි අවි ගබඩා කිරීමට බලපත‍්‍රයක් අවශ්‍යද?
පිළි- ඒ ගැන මා දන්නේ නැහැ.
ප‍්‍ර- රක්නා ලංකා එක රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වී ඇති ආයතනයක්ද?
පිළි- මා දන්නේ නැහැ.
ප‍්‍ර- රක්නා ලංකා ආයතන පෞද්ගලික ආරක්‍ෂක සමාගමක් ලෙස ආරක්‍ෂක

 



අදහස් (0)

‘වෙළෙඳ නැව්වලට රැකවරණ දීමේ තීරණයක් නෑ‘

ලලිත් රුක්මන් Saturday, 26 September 2015 06:29 AM

මේ රට පාලනය කරන සහ කරපු ඔක්කොම එකවගේ බලාගෙන ගියාම.එකම පාරේ යන බස් එකක් මේක වෙනසකට තියෙන්නේ එක කට්ටියක් බස්සල තව කට්ටියක් නග්ගගෙන එපරේම යනවා රටේ මහජනතාව බලන් ඉන්නවා. (අ)

:       0       0

ආරි Saturday, 26 September 2015 09:34 AM

මේ අය රට පාවා දෙනවා (අ).

:       0       0

පිටිපන Friday, 25 September 2015 12:42 PM

මේ කටයුතු රහස්යව සොයාබල රටට හිතකර ලෙස අදායම් ඉපයීමේ මාර්ගයක් ලෙස භාවිතාකල හැකිය .හැමදේම අණබෙර ගසමින් රාජ්‍ය රහස් ප්‍රසිද්ද කරගනිමින් මේ කරමින්සි ටින්නේ කුමක්ද. වෙන්ට් රටක් මේ සදහා ඉදිරිපත් වුවහොත් අපිට හුලන් නේද.දැන් බුදිමටුන් සිටින්නේ මාධ්‍ය තුළ පමණි.රටට ,ජාතික ආරක්ෂාවට ,රටේ දියුණුවට වැඩදායක ලිපි මගින් නිතර කියවන්නට අසන්නට ලැබුනද ක්‍රියාවෙන් ප්‍රයෝගිකව ක්‍රියාත්මක වෙන බවක් පෙනෙන්නට නැත. දේශපාලුවන්ගේ පුරසාරම් වලද නිමක් නැත,(අ)

:       0       0

පරා Friday, 25 September 2015 01:18 PM

ඔවුන්ගේ වැටුප්, ආහාර සඳහා රජයේ මුදල් යෙදවීම, රජයට රුපියල් කෝටියක පමණ පාඩුවක් වීම මොන බොරුවක්ද? මේක ලංකා රජයට කෝටි ගණන් අදායම් ගෙන එකක්, දැන් නම් වැඩේ දෙල් වෙලා , මුළු ලෝකයේ ත්‍රස්තවාදීන් දන්නවා මෙහෙම අයට ගහන්නේ ලංකාවෙන් කියල ඇමරිකාවේ ජම්මාන්තර තරහ කාරයින් නිකම්ම ලංකාවට ඇගිල්ල දික්කරල දැන් අපි ලංකාව පරිස්සන් වෙන්න ඕන කව්ද වග කියන්න ඕන. (අ)

:       0       0

විපුල Friday, 25 September 2015 02:29 PM

ඒකත් පුහු වෙඩිල්ලක් වෙයි (අ)

:       0       0

ජූඩ් Friday, 25 September 2015 04:00 PM

මේකවත් හරියට කරගන්න බැරුව කොහොමද රටට ආරක්ෂාව දෙන්න නේද .හොද වෙලාවට මහින්ද යුද්දේ ඉවරකරලා දුන්නේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 749 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 667 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 142 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 941 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 197 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1144 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site