IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


වෙළෙඳ ප්‍රදර්ශනයේ අළෙවි කුටි පහක් තාවකාලිකව වසා දැමීමට නියෝග කෙරේ

සිටි සෙන්ටර් සංකීර්ණයට යාබද දෝහා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ සංවිධානය කර තිබූ වෙළෙඳ ප්‍රදර්ශනයක පවත්වාගෙන ගිය කුටි පහක් තාවකාලිකව වසා දැමීමට ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශය පසුගියදා පියවර ගත්තේය. මෙවැනි සිදුවීමක් අසන්නට ලැබෙන්නේ කලාතුරකින් වීම විශේෂත්වයකි.

stalls
පරිභෝගික ආරක්ෂණ නීතිය උල්ලංඝන කිරීම නිසා මෙම වෙළෙඳ කුටි පහ තාවකාලිකව වසා දැමු බවත්, වැරැදි නිවැරැදි කර ගත් පසුව ඒවා යළි විවෘත කිරීමට අවසර ලබාදෙන බවත් අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය.


මෙම වෙළෙඳ කුටි සිදුකළ වැරැදි අතර භාණ්ඩයේ මිල සහ තොරතුරු නිවේදනය කිරීමට අසමත් වීම, නිෂ්පාදනය සම්බන්ධයෙන් වැරැදි තොරතුරු ලබාදීම සහ තවත් කිහිපයක් වෙයි. රාමදාන් මාසය ආරම්භ වීමත් සමගම අමාත්‍යාංශය විසින් දියත් කළ වැටලීම් මාලාව අතරතුරේදී ඉහත වෙළෙඳ කුටි සොයාගත් බව එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.


මේ අතර අල් වක්රා මත්ස්‍ය වෙළෙඳපොලේ අළෙවියට තබා තිබූ මාලු කිලෝ 500 ක් විනාශ කිරීමට නගර සභා සහ පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මෙම මාලු තොගයම විනාශ කිරීමට හේතුව ඒවා මිනිස් පරිභෝජනයට නුසුදුසු ඒවා වීමයි.


ශුද්ධ වූ රාමදාන් මාසය ආරම්භ වීමත් සමග අවන්හල්, මාලු වෙළෙඳසැල්, එළවළු සහ පළතුරු වෙළෙඳසැල් සහ මස් කඩ ආශ්‍රිතව සිදුකරන වැටලීම් වැඩි කිරීමට අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. එසේම රට පුරා පිහිටි ඉෆ්තාර් කූඩාරම් 199 කට කසළ බඳුන් 347 ක් ලබාදීමටද අමාත්‍යාංශය පියවර ගත් බව පිරිසිදු කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානි සාෆාර් අල් සාෆි පවසයි. පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී ඉෆ්තාර් කූඩාරම් සංඛ්‍යාව 169 දක්වා සියයට 18 කින් ඉහළ ගොස් ඇත.

 



අදහස් (0)

වෙළෙඳ ප්‍රදර්ශනයේ අළෙවි කුටි පහක් තාවකාලිකව වසා දැමීමට නියෝග කෙරේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 908 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 443 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 389 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 326 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 1590 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1719 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38808 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1003 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 352 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site