
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ පිළිබඳ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව යටතේ අභියෝගයට ලක්කර තිබූ 2026 අංක 79 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ (සංශෝධන) පනත් කෙටුම්පත (LDO 8/2026) සහ 2026 අංක 80 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ (සංශෝධන) පනත් කෙටුම්පත (LDO 11/2026) ශ්‍රේෂ්ඨාධිකරණය පරීක්ෂාවට ලක්කර ඇති බව නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.
ඒ අනුව, 2026 අංක 79 දරන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී නිශ්චිත සංශෝධන කිහිපයක් සිදුකිරීමට යටත්ව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
එම සංශෝධන යෝජිත 77අ(5) වගන්තියට අදාළ වන අතර, සැකකරුවකු අධිකරණය හමුවේ පෙනී සිටීම සහ අදාළ වාර්තා සැකකරුට හෝ ඔහුගේ නීතිඥවරයාට භාරදෙන දිනය සම්බන්ධයෙන් වගන්ති සංශෝධනය කිරීම මීට ඇතුළත් වේ.
මේ අතර, 2026 අංක 80 දරන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර, එය ද පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd