
(අංජුල මහික වීරරත්න)
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ වෛද්ය සැපයුම් කළමනාකරණ ක්රියාවලියේ මෙහෙයුම් ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මිලදී ගත් රුපියල් මිලියන 130ක් වටිනා නවීන රීච් ට්රක් රථ 11ක් සහ ෆෝක්ලිෆ්ට් රථ 4ක් අද (23) වෛද්ය සැපයුම් අංශය වෙත බාර දුන්නේය.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් එම කටයුතු සිදු වූ අතර, ලෝක බැංකු ව්යාපෘති ප්රතිපාදන යටතේ මෙම උපකරණ තොගය සපයා ඇත.
දැනට වෛද්ය සැපයුම් අංශය සීමිත පැරණි ෆෝක්ලිෆ්ට් රථ ප්රමාණයක් සහ කුලියට ගත් රථ උපයෝගී කරගනිමින් සිය මෙහෙයුම් කටයුතු සිදු කළ බැවින් මෙම නව රථ වෛද්ය සැපයුම් වෙත දිගු කලක් තිස්සේ පැවති අත්යවශ්ය මෙන්ම විශාල අවශ්යතාවයක් සපුරාලීමක් බව සෞඛ්ය අමාත්යාංශය පවසයි.
වරකට යන්ත්ර කිහිපය බැගින් මිලදී ගැනීම වෙනුවට, මෙලෙස ෆෝක්ලිෆ්ට් සහ රීච් ට්රක් රථ 15ක විශාල බහලුම් තොගයක් එකවර මිලදී ගෙන ඇත්තේ වසර 25කට පමණ පසුව වීම ද විශේෂත්වයකි.
අලුතින් සපයන ලද මෙම සියලුම රථ ඖෂධ සහ වෛද්ය සැපයුම් වඩාත් සුරක්ෂිතව හා වේගවත්ව හැසිරවීම සඳහා අවශ්ය නවීනතම තාක්ෂණයෙන් සහ උපාංගවලින් සමන්විත වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd