IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ශෝක දිනයක් නෑ : හිටපු අගමැතිට පුර්ණ රාජ්‍ය අනුග්‍රහය

රජය ප්‍රකාශයට පත් කළ ශෝක දිනය හිටපු අගමැති අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මහතාගේ ඥාතීන්ගේ ඉල්ලීම මත අවලංගු කළ බව ස්වදේශ ඇමැති වජිර අබේවර්ධන මහතා  කියයි.

ස්වදේශ අමාත්‍යාංශය අද (28) උදේ පුවත්පත් සාකච්ඡාවක් පවත්වා  පැවසුවේ ජනපති නියමයෙන් ශෝක දිනයක් ප්‍රකාශයට  පත් කළ බවයි.

එම පුවත විද්‍යුත් මාධ්‍ය  හා වෙබ් අඩවිවල පළ වීමෙන් පසු ස්වදේශ අමාත්‍යාංශය සඳහන් කළේ ශෝක දිනය සිකුරාදාට (30) වෙනස් කළ බවයි.

ස්වදේශ ඇමැති වජිර අබේවර්ධන මහතාගේ කාර්යාලය දුරකථනයෙන් මාධ්‍ය වෙත දැන්වුයේ ඥාතීන්ගේ ඉල්ලීම අනුව ශෝක දිනයක් නොපවත්වන බවයි.  

හිටපු අගමැතිට  ගෞරව දැක්වීම සඳහා  රජයේ හා පෞදගලික ගොඩනැගිලිවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ඇමැතිවරයා ඉල්ලීමක් ද කරයි.

හිටපු අගමැති වික්‍රමනායක මහතාගේ ආදාහනය පුර්ණ රාජ්‍ය  අනුග්‍රහයෙන් සිදු කරන බව රජයේ  ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සුරිය ප්‍රකාශ කරයි.



අදහස් (0)

ශෝක දිනයක් නෑ : හිටපු අගමැතිට පුර්ණ රාජ්‍ය අනුග්‍රහය

කාරියවසම් Thursday, 29 December 2016 01:45 AM

කසුන්, තමන් ඉපදුන, හැදුන රටට නිගා කරන්න එපා. කට පියාගෙන ඉන්න. (නි)

:       0       0

ටිකිරි Thursday, 29 December 2016 03:55 AM

රාජ්‍ය ගෞරව සහ රාජ්‍ය අනුග්‍රහය අතරේ වෙනසක් තියනවද ? (බ)

:       0       0

නිලාම් Thursday, 29 December 2016 04:31 AM

ජිවිතං අනියතං මරනං නියතං කියා විශ්වාස කරන අපි මේ පිලිබදව මිට වඩා බුද්ධිමත් විය යුතූයි. (බ)

:       0       0

ජස්ටින් Thursday, 29 December 2016 04:35 AM

වැරදිකාරයෝ රට කරන කොට කට පියාගෙන හිටිය පිට්ටු ගිල්ල වගේ. දැන් කට්ටිය වීරයෝ. නිකන් කට පියාගෙන ඉන්නවල. (බ)

:       0       0

ගයාන් Thursday, 29 December 2016 05:02 AM

සමහරු හිතන්නේ මේ රටෙන් ගිය එක හරි ලොකු ක්‍රියාවක් කියල . වෙන රටවල්වල අය තමන්ගේ රටට පුදුම ආදරයක් දක්වන්නේ. අපේ රටේ මිනිස්සු ගැන නම් කියල වැඩක් නෑ (බ)

:       0       0

ලලිත් Wednesday, 28 December 2016 09:04 AM

මොනවා කියනවද මන්ද ?? (බ)

:       0       0

යටවත්ත Wednesday, 28 December 2016 09:20 AM

ශෝක දිනයක් පැවැත්වුවත් නැතත් අපි නම් හදපත්ලෙන්ම ශෝක වෙනවා (නි)

:       0       0

කසුන් Wednesday, 28 December 2016 09:47 AM

පිස්සන් රට කරනකොට ඔහොම තමයි. හොඳ වෙලාවට මේ රටෙන් පිටවුණේ (බ)

:       0       0

ධම්මික Thursday, 29 December 2016 06:11 AM

කසුන්ගේ අදහස ගැන නම් හරිම දුකයි. අපේ සල්ලි වලින් ඉගෙනගෙන පිටරට ගිහින් තමන්ගේ රටටම ගරහනවා. ශෝක දිනයක් කියලා දැන් මිනිස්සු, ජනමාධ්‍ය දුකින් ඉන්නේ නැහැ තමයි. එ්ත් ශෝක දිනයක් ප්‍රකාශ කිරීමත් ඒ මහතාට කරන ගෞරවයක් ලෙසයි මම දකින්නේ. (නි)

:       0       0

මොහාන් Wednesday, 28 December 2016 11:23 AM

කසුන්, රට කවුරු පාලනය කළත් , තමන් ඉපදුන රටෙන් පිටවුන එකට පාරම් බාන්න එපා. මේ රට මගේ අම්ම වගේ වටිනවා මට නම්. (බ)

:       0       0

ලියනගේ Wednesday, 28 December 2016 12:15 PM

මොහාන් ගේ කතාව හරි ...මොන රටක හිටියත් , තමන්ගේ රටත් ...තමාගේ භාෂාවත් ...ගොඩාක් වටිනවා ..එකේ අගය තේරෙන්න ..වෙනත් රටකටම යන්න ඕනේ ....(බ)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 28 December 2016 01:11 PM

ශෝක දින? දැන් කොහෙද ශෝක දින තියෙන්නේ? අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහත්මයා ඝාතනය කළ අවස්ථාවේ තමයි සැබවින්ම ශෝක දිනය ක්‍රියාත්මක වුනේ. ඒකාලේ අපේ රටේ ප්‍රචාරක මාධ්‍ය ගුවන් විදුලිය විතරයි නේ. මුළු දවස පුරා ශෝකී වාදන තමයි අහන්න ලැබුනේ. වෙනත් කිසිම වැඩ සටහනක් ප්‍රචාරය කළේ නැහැ. ප්‍රවෘත්ති පමණක් තිබුන. පණ්ඩිත අමරදේවයන් වෙනුවෙනුත් ජාතික ශෝක දිනයක් ප්‍රකාශ කළා . එහෙම බවක් කවුරුවත් දැක්කද? නැහැ නේ. ඉතින් මේ බොරු ශෝක දින වෙන් කිරීමත් බොරු වැඩක් නේද? (බ)

:       0       0

සුදත් ශ්‍රී Wednesday, 28 December 2016 03:04 PM

අජිත් නිවැරදියි. ඉන්දිරා ගාන්ධි මියගිය දවසෙත් ගුවන් විදුලියෙන් වාදනය වුනේ ශෝකී වාදනයක් විතරයි. (බ)

:       0       0

අසංක Wednesday, 28 December 2016 03:56 PM

ප්‍රේමදාසගෙත් එහෙමයි (බ)

:       0       0

විජේපාල Wednesday, 28 December 2016 04:53 PM

මම නම් කියන්නේ මෙහෙම වැඩ කරලා හිටපු අගමැතිවරයකුට අගෞරව කරනවාට වඩා හොඳයි ශෝක දිනයක් නැහැ කියලා කියන එක. එතුමාගේ ඥාතීන්ගේ ඉල්ලීම හරියටම හරි. මේ වගේ වැඩ කරන මිනිස්සු කොට්ඨාශයක් ඉන්න එකම රටත් අපේ රට වෙන්න ඇති.කොහොම වුණත් හිටපු අගමැතිතුමනි, ඔබතුමාගේ අභාවය ගැන අපි හද පත්ලෙන්ම ශෝක වෙනවා. ඔබතුමාට නිවන් සුව! (නි)

:       0       0

යෙනුර Wednesday, 28 December 2016 07:39 PM

සමහරුන්ගේ අදහස් දැක්කහම පුදුම කළකිරීමක් දැනෙනවා. (නි)

:       0       0

ගුණසිරි Wednesday, 28 December 2016 09:06 PM

ගෞරවයට සුදුසු පුද්ගලයාට එය ලැබිය යුතුමයි (නි)

:       0       0

යෝනක Wednesday, 28 December 2016 10:37 PM

එතුමාට අනිවාර්යයෙන්ම සියළු ගෞරව ලබාදිය යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 179 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1030 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 548 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3428 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2557 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4563 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1348 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site