IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ශානිගේ කාරයට කොස්තාපල් අතින් වෙඩි වැදිලා

(ඉන්දිකා රාමනායක)

අපරාධ පරීක්ෂණ දෙපාර්තවේ අධ්‍යක්ෂවරයා වශයෙන්  කටයුතු කළ  වැඩතහනමට ලක් වු  විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරි ශානි අබේසේකර මහතාගේ මොටර් රථයකට පොලිස් කොස්තාපල්වරයකු අතින් වෙඩි වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විමර්ශනයක් ආරම්භ කර ඇති බව  පොලිස් ආරංචි මාර්ග පවසයි.

ශානි අබේසේකර මහතාගේ  නිවසේ නතර කර තිබු  මෝටර් රථයට එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකුගේ අතින්  ඉකුත් (17) දින මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිස් ආරචි මාර්ග පවසයි.

සිද්ධිය වන අවස්ථාවේ ශානි අබේසේකර මහතා නිවසේ සිට නොමැති අතර, කොස්තාපල්වරයා මෙම සිද්ධිය  සම්බන්ධයෙන් ශානි අබේසේකර මහතා දැනුවත් කර නොමැති බවද  පොලිස් ආරංචි මාර්ග පවසයි.

ශානි අබේසේකර මහතා  සිය මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීමට යාමේ දී එහි ඉන්දන කාන්දුවක් ඇති බවට හදුනාගෙන වාහන අලුත්වැඩියා කරන ස්ථානයකට ගොස් පරීක්ෂා කිරීමේ දී  වාහන  ඉන්ධන වැංකිය අසල  වෙඩි  සිදුරක්  හදුනාගෙන ඇති අතර, එය ට වෙඩි  ප්‍රහාරයක්  එල්ල වී ඇති බවට අනාවරණය කරගෙන ඇත.

පසුව සිදුකළ සොයා බැලීමේ දී නිවසේ ආරක්ෂාවට  යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු අතින් සිදුව ඇති බවට තොරතුරු හෙළි කරගෙන ඇත.

එම කරුණු අනුව එම කාලය තුළ ශානි අබේසේකර මහතා සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරරයාව සිටි රංජන  සමරසිංහ  මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අදාල කොස්තාපල්වරයාගෙන් ඇතුලු  එහි ආරක්ෂාවට යොදවා සිටින  පිරිසගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මෙම සිද්ධිය අත්වැරදීමකින් සිදු වු බවට  අදාල පොලිස් කොස්තාපල්වරයා ප්‍රශ්න කිරීම හමුවේ ප්‍රකාශ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම  සිද්ධියේ විමර්ශන  බොරැල්ල පොලිසියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර දීමෙන් පසු අපරාධ   පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ශානි අබේසේකර මහතා  ට එල්ල වී ඇති  ජීවිත තර්ජනය හේතුවෙන් ඔහුට අවි  සහිත පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව ලබා දී ඇති බවද  පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.



අදහස් (0)

ශානිගේ කාරයට කොස්තාපල් අතින් වෙඩි වැදිලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 416 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1755 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1413 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1363 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 885 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 700 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25605 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18853 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 371 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site