( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රිමාන්ඩ් භාරයේ පසුව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා මේ වන විට රෝගාබාධ කිහිපයකින්ම පෙලෙන බවත් , මේ හේතුවෙන් ඔහුගේ ජීවිතය දැඩි සෞඛ්‍ය අනතුරකට ලක්ව ඇතැයි ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ විරාන් කොරයා මහතා අද (17) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
එසේම යම් කිසි පුද්ගයෙකු සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරයට පත් කිරීම දඩුවම්ක් ලෙස පත් නොකළ යුතු බැවින් තම සේවාදායක ශානි අබේසේකර මහතා ඇප ඉල්ලා ගොනු කළ පෙත්සම තවදුරටත් කල් නොඇර සලකා බලන්නැයිද නීතීඥ විරාන් කොරයා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
තමා ඇප මත මුදා හරින්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය දුන් තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැදවූ අතර එහිදී නීතීඥ විරාන් කොරයා මහතා මෙම දැනුම් සිදු කළේය.
කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ලබන අප්‍රේල් 29 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන්නැයි අභියාචනාධිකරණය නියම කළේය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබූ නඩුවකට අසත්‍ය සාක්ෂි නිර්මාණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර ශානි අබේසේකර මහතා ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.
ඉන්දීය සංචාරයක නියැලෙන, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) උදෑසන රාෂ්ට්‍රපතිභවන් ජනාධිපති මන්දිරයට පැමිණියේය.
මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ’’ලංකා T 10 සුපර් ලීග්’’ ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකු
පියා සහ දියණිය ගමන් ගත් යතුරු පැදියක් අද(16) මහනුවර විලියම් ගොපල්ලව මාවතේදී පුද්ගලික බස් රියක ගැටීමෙන් යතුරු පැදියේ පිටුපස අසුනේ ගමන් ගත් 17 හැවිරිදි
පොලිස් නිලධාරීන් තිදෙනෙකු තියුණු ආයුධ වලින් කපා බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් තවත්පා සල් සංවර්ධන නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොල
ගුවන් හමුදා බුද්ධි තොරතුරක් මත අනුරාධපුරාධපුර රඹෑව ප්‍රදේශයෙදී ටයිටැන් වර්ගයෙ වාලම්පුරියක් හා විශේෂිත බෙල්ලන් දෙදෙනෙකු ලක්ෂ දහයකට අලෙවි කිරිමට සු
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවතී සිටින නවදිල්ලි නුවර ITC MAURYA හෝටලය වෙත පැමිණි ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළ
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
ශානිගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අධිකරණයට කියයි
Rata Perata Wednesday, 17 March 2021 11:04 AM
වැඩක් නැති නීති මේවා. අපේ සල්ලිවලින් සොහොන් හදපු අය ඉහළම පුටුවේ. අපරාද පරීක්ෂණ කරපු කෙනා හිරේ.
මාටිය Wednesday, 17 March 2021 01:05 PM
අනේ පව්, රජයේ සේවය හරියට කරලා, දේශපාලකයෝ හින්දා පව් ගෙවනවා!
Puppa Thursday, 18 March 2021 12:43 AM
මේ රටට වැඩක් කළ රාජකාරිය අවංකව කළ නිලධාරියෙකුගේ ඉරණමයි. ඔබ නිදහස් වූවොත් මෙරට සිටින්න එපා. ඔබ ඉන්න නිවස ඔබ අවංකවම රාජකාරිය කළ බවට ඇති සිහිවටනයයි. ඔබට ජය...
sharm warn Thursday, 18 March 2021 04:41 AM
ශානි මහත්තයා පව්. කෙළින් වැඩ කරන අනික් රාජ්‍ය නිලධාරීන්ටත් දවසක මේ ඉරණම තමයි... මේ කාලකණ්ණි පවුල් පාලනය ගෙන ගියොත්. 68 ලක්ෂයක් හරක් ඉන්න රටක. මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?
Bamunuarachchi Thursday, 18 March 2021 11:47 AM
වළං හේදිල්ල කාට බාර දුන්නද දන්නේ නැහැ.