IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ශාන්ත අන්තෝනි බාලිකාවේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් රිමාන්ඩ්

(ෂේන් සෙනෙවිරත්න) 

කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහලට කූඨ ලේඛන සකසා සිසුවියන් 29 දෙනෙකු ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය සිටි එම විදුහලේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු සැප්තැම්බර් මස 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය .

මහනුවර දෙයියන්නේවල ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරිවරයා ද වන චමින්ද ප්‍රසන්න තෙන්නකෝන් නමැති සැකකරුට එල්ල වී ඇති චෝදනා වන්නේ කූඨ ලේඛන සැකසීම සහ ඊට අනුබල දීමයි .

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට මහත් පරිශ්‍රයක් දැරීමට සිදු වූ අතර ඔහුගේ කාර්යාලය සහ නිවස අවස්ථා ගණනාවකදී පොලිස් පරීක්ෂාවට ලක් කළත් සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි විය . ඒ හේතුවෙන් ඔහුට විදේශගත වීමේ අධිකරණ තහනමක්ද පොලිසිය මගින් ගෙන තිබුණි .

මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. එස්. උවින්දසිරි මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදු කෙරේ .

 



අදහස් (0)

ශාන්ත අන්තෝනි බාලිකාවේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආන්දෝලන පිරුණු නවවැනි පාර්ලිමේන්තුවේ මතක
2024 ඔක්තෝබර් මස 14 0 0

සභාවර 5ක දී දින 390ක් රැස්වී තිබෙන නවවැනි පාර්ලිමේන්තු කාල සීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, අනුප්‍රාප්තික ජනාධිපති ඡන්දයෙන් තෝරා පත්කර ගැනීම, විශ


ඇලෝසියස්ගේ ඇප ඉල්ලුම විසි වෙයි
2024 ඔක්තෝබර් මස 14 650 0

මාස හයක සිර දඬුවමට එරෙහිව සීමා සහිත මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන ඇලෝසියස් සහ ඇන්තනී රන්දෙව් යන මහත්වරුන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂ


’’පාස්කු වාර්තා ප්‍රසිද්ධ නොකළොත් මම කරනවා’’
2024 ඔක්තෝබර් මස 14 928 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන දැනට ප්‍රසිද්ධ නොකල එස් අයි ඉමාම් වාර්තාව සහ ඒ එන් ජේ ද අල්විස් වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට ආණ්ඩුවට දින 7ක කාලයක් ලබ


බඹරු ඇන සිසුන් 39 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 387 0

බඹර ප්‍රහාරයක් හේතුවෙන් වාරියපොල පාසලක දරුවන් 39 දෙනෙකු වාරියපොල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ බව එම රෝහලේ ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී බන්දුල සේනාධීර මහත


පීඩිත ජනතාවට අවශ්‍ය තරම් ප්‍රතිපාදන ⁣වෙන් කරන්න
2024 ඔක්තෝබර් මස 14 482 0

ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබා දීම සඳහා මේ වන විට අතිරේකව වෙන් කරන ලද රුපියල් මිලියන 50ට අමතරව තවත් මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රතිපාදන ව


රට පුරා ඔසු සල් අරින්න යයි
2024 ඔක්තෝබර් මස 14 3628 1

ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙල අනුව දිවයින පුරා ඔසුසල් ජාලාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලි


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 384 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 443 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1394 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site