පොදු රාජ්‍ය මන්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම ශාන්ත කිට්ස් නේවිස් රාජ්‍යයේ ජනපති ඩෙන්සිල් ඩග්ලස් මහතා අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.
ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී මෙරටට පැමිණි ජනපති ඩෙන්සිල් ඩග්ලස් මහතාව පිළිගත් අතර ඔහු අද සවස හම්බන්තොට මිරිච්ඡ විල රුක්රෝපන වැඩසටහනට යාමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාගේ නම අපෙන් ගත්ත එකක්ද? (ස)
මෙයාගේ පැමිණීම කෙසේ වෙතත් මෙවැනි රටක් ඇති බව ඇසුවේ මේ දැන්. (නි)
මෙහෙම රටක් මම හීනෙන්වත් අහලා නැහැ (නි)
ශාන්ත කිට්ට්ස් ඇන්ඩ් නෙවිස් යනු බටහිර ඉන්දීය දූපත් වලට අයත් කුඩා රාජ්‍යයකි . වර්ග සැතපුම් 261 ක් විශාල මෙහි ජනගහනය 51,000 කි . බ්‍රිතාන්‍යයෙන් 1983 දී නිදහස ලබා ඇත . (නි)
එහෙනම් මේ රටෙ මුලු ජනගහනයට වඩා සෙනග ගාල්ලෙ ටවුමෙ ජිවත්වෙනවනෙ.... ක්‍රම-උපායමර්ගික වශයෙන් ඉතා වැදගත් රටක් වගෙ (දී)
ගාල්ලේ නගරයේ විතරක් නෙමෙයි මුළු ගාලු දිස්ත්‍රික්කෙන්ම ඔලිම්පික් පදක්කමක් ගන්න කාට හරි පුළුවන් වුණාද? නමුත් මෙම දුපතේ කිම් කොලින්ස් කියන ක්‍රීඩකයා මීටර් 100 ලෝක ශුරතා රන් පදක්කම එක වරකුත් එහි ලෝකඩ පදක්කම හතර වතාවකුත් දිනාගත්තා. මෙම රටේ ඉපදුන දේසයි විලියම් ක්‍රීඩකයා 1984දි ඔලිම්පික් ලෝකඩ පදක්කම දිනාගත්තා. 2012 වසරේදී මෙරටේ ඒකපුද්ගල අදායම ඩොලර් 16066 ක් වන විට ශ්‍රි ලංකාවේ ඒකපුද්ගල අදායම ඩොලර් 6046 යි. ඉතින් ඔයා කොහොමද මේ රට ගාල්ල හෝ ඇඹිලිපිටිය එක්ක සසදන්නේ. (නි)
රට කුඩා වුණා කියලා අපහාසයෙන් බලන්න එපා. ලොකු ලොකු රටවලට අපේ රට පේන්නෙත් ඔය විදියට තමයි. ඒකයි මේ කෙනෙහිලිකම් සේරම. (නි)
මෙතුමා ඉතාම නිහතමානී පුද්ගලයෙකි. මෙම රට ඉතා ලස්සන කුඩා දුපතකි. නිතරම මද වැසි පවතී. පොල්, දෙල්, අඹ, කෙසෙල්, වට්ටක්කා, බතල, කිරිඅල හොඳින් වැවෙන රටක්. ප්‍රධාන ආදායම් මාර්ගය සංචාරක කර්මාන්තයයි. කාන්තාවන්ට වැඩි තැනක් ඇත. විදුලිය සැපයුම විශාල ජෙනරේටර් හතරකිනි. ලස්සන මැරියට් හෝටලය ඇත. ලාංකිකයන්ට කලින් වීසා ලබාගැනීම අවශ්‍ය නොවේ. එංගලන්තයේ සිට පවා කෙලින්ම ගුවන් ගමන් ඇත. තවද කුරුම්බට්ටි යානාද තිබේ. නිතරම කෘස් නැව් පැමිණේ. යකඩ කපන්නා පවා එය ගණනය කරන්නේ සොෆ්ට්වෙයා පාවිච්චි කරමින්.නෙවිස් යනු වෙනමම දුපතකි. ෆොර් සීසන්ස් හෝටලය ඇත. බිල් ගෙට්ස්, ඩයනා පවා පැමිණි ඉතා ලස්සන හෝටලයකි. පාසල් හා විශ්ව විද්‍යාල ඉදිකිරීමකට සම්බන්ධ වීමට වාසනාව ලදිමි. (ස)