(ඩයනා උදයංගනී)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2017 වසරේදී අත්සන් කර ඇති ගිවිසුමෙහි ඇති කරුණු ඉක්මනින් ක‍්‍රියාත්මක කළ යුතු බවත්, එම කටයුතු දැනටමත් බොහෝ ප‍්‍රමාද වී ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
කොළඹ වරායේ පර්යන්තයක් ඉන්දියාවට මෙහෙයුම් කටයුතු සඳහා ලබාදීම, ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි නවීකරණය කර ඉන්දීය තෙල් සමාගම (අයි. ඕ.සී) සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පවත්වාගෙන යාම, කාර්මික හා වාණිජ කලාප ඇතිකිරීම, මන්නාරම-යාපනය, මන්නාරම-ත‍්‍රිකුණාමලය සහ ත‍්‍රිකුණාමලය- දඹුල්ල අධිවේගී මාර්ග ඉදිකිරීම, ඉන්දීය ආධාර යටතේ දුම්රිය සේවය දියුණු කිරීම, කෘෂිකර්මාන්තය හා සත්ව පාලනය ආදිය සම්බන්ධයෙන් වන යෝජනා මෙම අවබෝධතා ගිවිසුමේ ඇතුළත් බව ද ඇමතිවරයා කීවේය.
සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා සහ ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය අතර පසුගිය වසරේ අපේ‍්‍රල් මස 26 වැනිදා අත්සන් තැබුණු ගිවිසුමෙහි ඇති සංවර්ධන කටයුතු ප‍්‍රමාදවීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද අදහස් දක්වා තිබූ බව ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
විශේෂයෙන්ම ඉන්දියාව යනු ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය මිත‍්‍ර රටක් බැවින් දැන්වත් මෙම ගිවිසුමෙහි ඇති කරුණු ඉතා කඩිනමින් ක‍්‍රියාවට නැංවිය යුතු බව ද ඇමති මහින්ද සමරසිංහ මහතා පැවසීය.
මෙම වසරේ අවසන් කාලයේදී සහ ලබන වසරේ මුල් කාලයේදී එම ගිවිසුමේ කරුණු ඉටු කිරීමට හැකිවනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
ඉන්දියාව සමඟ කටයුතු කිරීමේදී එහි වැදගත්කම දැනගෙන කටයුතු කළ බව කී ඇමතිවරයා එරටට ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීම සඳහා පහසුකම් සැලසීම කළ යුතු බවද කීවේය.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
‘ශ්රී ලංකා-ඉන්දීය ගිවිසුමේ කරුණු කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි‘
විජිත් Thursday, 25 October 2018 08:01 PM
මෙයාට මොකද මේ තියෙන හදිස්සිය?