(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ සහයෝගීතාවය සඳහා වන අවබෝධතා ගිවිසුම යටතේ පිහිටුවූ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ඒකාබද්ධ කාර්ය කණ්ඩායමේ පළමු හමුව කොළඹදී පැවැත්විණි.
ඉන්දීය නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී භුපින්දර් සිං භල්ලා සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම හමුව පැවැත්විණි.
නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, ඉන්දීය මධ්‍යම විදුලිබල අධිකාරිය සහ කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාල නිලධාරීහූ ඉන්දීය නියෝජිත කණ්ඩායම ඇතුළත් වූහ. ඉන්දියාවේ ප්‍රධානතම බලශක්ති සමාගම් නියෝජනය කරමින් ඉන්දියානු කර්මාන්ත මණ්ඩලයේ නියෝජිත පිරිසක් ද නිල නියෝජිත පිරිස සමඟ එකව සිටියහ.
ශ්‍රී ලංකා නියෝජිත පිරිස විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ, ලංකා විදුලිබල මණ්ඩලයේ සහ විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත විය.
ඉන්දීය නියෝජිත පිරිස පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ ඉන්දියාවේ ජයග්‍රහණ, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ ආයෝජන දිරිගැන්වීම සඳහා ඉන්දීය රජය පිරිනමන පුරවැසි කේන්ද්‍රීය යෝජනාක්‍රම, ජාතික හරිත හයිඩ්‍රජන් මෙහෙයුම සහ ඉන්දියාවේ දේශසීමා හරහා සිදුවන විදුලිබල වෙළඳාම යනාදිය පිළිබඳ සවිස්තරාත්මක විස්තර හමුවට ඉදිරිපත් කළහ.
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශ්‍රී ලංකා - ඉන්දියා බලශක්ති කාර්ය කමිටුව රැස්වෙයි