බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිලට එරෙහිව ජූනි මස 5 වැනිදා ආරම්භ වන තරග සංචාරයට සහභාගිවීම සඳහා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ’ පිල අද (31) පෙරවරුවේ පිටත්ව ගියේය.
මෙම සංචාරයට නිල නොවන ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග දෙකක් ඇතුළත් වේ. පළමු නිල නොවන ටෙස්ට් තරගය ජූනි මස 5 වැනිදා ශාන්ත කිට්ස්හිදී ආරම්භ වේ. විස්සයි20 තරග දෙක ජූනි මස 18 සහ 19 දෙදින පැවැත්වෙන අතර එක්දින තරගාවලිය ජූනි මස 23 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වේ.
විස්සයි20 සහ එක්දින තරගාවලියට සහභාගි වීම සඳහා ක‍්‍රීඩකයන් 7 දෙනකු සිවුදින තරගාවලියෙන් පසුව කොදෙව් බලා පිටත්ව යෑමට නියමිතය.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම:
දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ පෙරේරා (උප නායක), උදාර ජයසුන්දර, කිත්රුවන් විතානගේ, අෂාන් ප‍්‍රියංජන්, කෞෂාල් සිල්වා, චතුරංග ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, තරිඳු කෞෂාල්, මාලින්ද පුෂ්පකුමාර, සුරංග ලක්මාල්, මධුර ලක්මාල්, ළහිරු ගමගේ, ඉෂාන් ජයරත්න සහ විමුක්ති පෙරේරා
ශ්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රිකට් පිලේ නායක දිමුත් කරුණාරත්න
ශ්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රිකට් පිල ආගමික වතාවත්වල යෙදෙමින්...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශ්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රිකට් පිල බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව යයි
දිසානායක Friday, 31 May 2013 10:44 PM
ඉල්ලගෙන කාලා එහෙම එන්න නම් එපා මේපාරත් (නි)
විමුක්ති Saturday, 01 June 2013 02:36 PM
ඇන්ජලෝ පෙරේරා, කෞෂාල් සිල්වා, දිමුත් ,අශාන් ප්‍රියන්ජනට ඉක්මනින්ම ශ්‍රී ලංකා පිලේ දොරගුළු ඇරේවි.(ස)
සුරේෂ් Saturday, 01 June 2013 02:49 PM
ඇන්ජලෝ ඔබට සුබ පැතුම්. ! (ස)
දිනේෂ් - යුකේ Saturday, 01 June 2013 01:17 AM
කෝ රමිත රඹුක්වැල්ල නැද්ද? (නි)
කුමාර Saturday, 01 June 2013 09:29 AM
ජයසුරිය , රඹුක්වෙල්ලට මොකද උනේ .(අ)
සිල්වා Saturday, 01 June 2013 10:02 AM
හොඳට සෙල්ලම් කරන්න බලන්න. ජාතික කණ්ඩායමට ඇතුල්වෙන්න හොඳ අවස්ථාවක්. (ස)
මොහොමඩ් Saturday, 01 June 2013 11:30 AM
සුබ පැතුම්. පෙරටම යමු ලංකා !(ස)
සනත් Saturday, 01 June 2013 11:39 AM
ජාතික කණ්ඩායමට ඇතුළුවෙන්න දක්ෂතා විතරක් තිබිල මදි, ............."එක මතක තිය ගන්න." (ස)
මහින්ද Saturday, 01 June 2013 01:24 PM
විනය මුල්තැනට.! (ස)