විස්සයි- 20 ලෝක කුසලාන තරගාවලියට සමබර කණ්ඩායම් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කළ එස්.එල්.පී.එල්. තරගාවලිය ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් වූ බව ශ්‍රී ලංකා පිලේ උප නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
සිවුවැනි විස්සයි-20 තරගාවලිය මේ මස 18 වැනිදා හම්බන්තොටදී ආරම්භ වෙයි. මෙම තරගාවලිය සම්බන්ධයෙන් අද (11) පස්වරුවේ කොළඹදී පැවැති මාධ්‍යහමුවේදී ශ්‍රී ලංකා පිලේ උප නායක ඇන්ජලෝ මැතිව්ස්, අජන්ත මෙන්ඩිස් සහ තිසර පෙරේරා මෙසේ අදහස් දැක්වූහ.
‘‘වර්ෂාව හේතුවෙන් අපතේ ගිය පුහුණු අවස්ථාවන් එස්. එල්. පී. එල්. තරගාවලිය නිසා ආවරණය කර ගැනීමට හැකියා ලැබුණා. අපි සතුව ශක්තිමක් පන්දු යැවීමේ බලයක් ඉන්නවා, ඒ වගේම අංක හත පිතිකරු දක්වා සියලූ දෙනාම එකවගේ දක්‍ෂයි, ඒ නිසා ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා’’ යැයි මැතිව්ස් පැවසීය.
පිතිකරු ලැයිස්තුවේ ඉහළ ස්ථානයක් ලැබුණොත් මීට වඩා සේවයක් කිරීමේ හැකියාවක් තිබේ යැයි මැතිව්ස් සිතන්නේ ද යන ප‍්‍රශ්නයට ඔහු මෙසේ පිළිතුරු සැපයීය.
‘‘පිතිකරු ලැයිස්තුවේ ඉහළ ස්ථානයක් ලැබුණොත් මීට වඩා සේවයක් කරන්න පුළුවන් යැයි මමත් හිතනවා. නමුත් කණ්ඩායමේ අවශ්‍යතාවය අනුව මා ඕනෑම ස්ථානයක ක‍්‍රීඩා කිරීමට සූදානම්. මම උප නායකත්වය ගැන වැඩිය හිතන්නේ නෑ, සාමාන්‍ය විදියට ක‍්‍රීඩා කරනවා’’
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය නියතයි කොල්ලනේ ..!!
කාටවත් පරදින්න එපා..... (ස)
අසින්ත කියන දේ නම් සම්පුර්ණ ඇත්ත. (නි)
ඔබ දක්ෂයි කියන එකකේ විවාදයක් නැහැ. හැබැයි කියන තරම්ම සමබර කණ්ඩායමක් ඉන්නවාද කියන එක නම් ප්‍රශ්නයක්. කොහොමහරි කප් එක ගන්න. සුභ පැතුම්! (නි)
දෙයියනේ කියල තිසරවයි, මුණවීරවයි ඕපන් දාන්න. අනිවාර්යෙන්ම ටී20 කප් එක ලංකාවට තමයි. (නි)
මොකාට පැරදුණත් කමක් නැහැ. ඉන්දියාවට නම් පරදින්න නම් එපා. (නි)
ලංකාව මේ පාර කප් එක ගන්නවා. ඒක ෂුවර්. (නි)
ජයවේවා නියමයි
අපි ජය ගමු. (නි)
ඕනෑම දෙයක් කියන්න. හැබැයි අපිට ඕනෑ කප් එක. (නි)
අපේ රටේ තරගයක් තියෙද්දී 40%ක් අපිට වාසි පැත්ත තියෙනවා. කප් එක අපිට ගන්න පුලුවන්. (නි)
අභිමානය මගේ රටේදි අපි අපේ කරගමු .ජය ශ්‍රී කොල්ලනේ...(ස)
අපි කොහොම හරි කප් එක ගනිමු.... සුභ පැතුම් (ස)
කතා කරන්න නම් කට්ටිය ඕනෑතරම් ඉන්නවා. ඒත් ගහන්න ගියහම තමයි ප්‍රශ්නේ. (නි)
හැබැයි ඔන්න අවසන් තරගයට ගියහම අසනීපයි කියන්න එහෙම ඔට්ටු නැහැ හොදේ. (නි)
ජය වේවා ශ්‍රී ලංකා! (නි)
එස්.එල්.පී.එල්. අන්තිම තරගය ගැහුවා වගේ බය නැතුව ගහපන් කොල්ලෝ. (නි)
තරගයෙන් තරගයට වෙනස් සැළසුම් යෙදිය යුතුයි. අපට ජය නියතයි. (නි)