IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලට රුපියල් ලක්‍ෂ 15 ක ත්‍යාගයක්

ඉන්දියාවේදී පැවැති කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී ඵෙතිහාසික ජයග‍්‍රහණ දෙකක් සමගින්, පස්වැනි ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ ක‍්‍රීඩිකාවකට රුපියල් 100,000 බැගින් ලක්‍ෂ 15 ක ත්‍යාග මුදල් පිරිනැමීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබේ.

මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුවේ නිලධාරියකු පැවසුවේ ලෝක කුසලාන තරගාවලියේදී කාන්තා පිල හොදින් ක‍්‍රීඩා කළ නිසා දිරිගැන්වීමක් ලෙස ක‍්‍රීඩිකාවකට රුපියල් ලක්‍ෂය බැගින් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කළ බවයි.

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ කළමණාකරු මෙන්ම ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටු සාමාජික ඒ. ආර්. එම්. අරූස් මහතා එම යෝජනාව විධායක කමිටුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. 

මෙවර ලෝක කුසලාන තරගාවලිය, ශ්‍රී ලංකාව මේ දක්වා සාර්ථකවම අවසන් කළ ලෝක කුසලාන තරගාවලිය ලෙස ද ඉතිහාසයට එකතු විය. එහිදී ශෂිකලා සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා පිල පෙරළිකාර කණ්ඩායම බවට පත්වෙමින් පළමු වටයේ එංගලන්තය සහ ඉන්දියාව පරාජය කරමින් ඉතිහාසයේ පළමු වරට ‘සුපිරි හය’ වටයට පැමිණීයේය.

 



අදහස් (0)

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලට රුපියල් ලක්‍ෂ 15 ක ත්‍යාගයක්

නිමාලි Monday, 18 March 2013 02:51 PM

ජයවේවා .....ජයවේවා ..... (දී)

:       0       0

චමින්ද Monday, 18 March 2013 07:31 AM

අපි අපේ කාන්තා පිළට ආදරෙයි. ඉදිරියටම යන්න! (නි)

:       0       0

චම්පික Monday, 18 March 2013 07:59 AM

සල්ලි දුන්නට කමක් නැහැ. නමුත් සල්ලි වලට නම් ක්‍රිකට් ගස්සවන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තියුණු ආයුධ සමඟ අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 105 0

මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග


පොත් ගන්න මහ සෙනඟක්
2024 ඔක්තෝබර් මස 03 313 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්


‘ කුෂ්‘ ගුවන් තැපැලෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 03 222 0

රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ


මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 543 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1630 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 75 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38718 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25438 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 286 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 976 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 344 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site