IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් කී‍්‍රඩිකාවන්ගේ ගෙවීම් ඉහළ දමයි

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන්ගේ වාර්ෂික ගෙවීම් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මෙවර වාර්ෂික ගිවිසුමේ ‘ඒ’ කාණ්ඩයට ඇතුළත්ව සිටින ක‍්‍රීඩිකාවන් සිවුදෙනාට මාසිකව රුපියල් 50,000 ක් බැගින් ගෙවීමට යෝජනා වී තිබෙන බව දැනගන්නට ඇත.

ක‍්‍රීඩිකාවන් 20 දෙනකු ගිවිසුමට ඇතුළත් කිරීමට යෝජනා වී ඇති අතර ‘බී’ කාණ්ඩයට ඇතුළත්ව සිටින ක‍්‍රීඩිකාවන් හත් දෙනාට රුපියල් 40,000 බැගින් ද, ‘සී’ කාණ්ඩයට ඇතුළත්ව සිටින ක‍්‍රීඩිකාවන් 9 දෙනාට රුපියල් 35,000 බැගින් ද, මාසිකව ගෙවීමට නියමිතය.

මෙම වන ගිවිසුම මේ 2013 ජනවාරි මස 1 වැනිදා සිට දෙසැම්බර් මස 31 වැනිදා දක්වා බල පැවැත්වේ.

පසුගිය වසරේ වාර්ෂික ගිවිසුම අනුව ඒ, බී සහ සී කාණ්ඩවලට පිළිවළින් රුපියල් 35,000 ක්, 30,000 ක් සහ 20,000 ක් ලෙස ගෙවීම් කළේය.

මෙවර ‘ඒ’ කාණ්ඩයට ශෂිකලා සිරිවර්ධන, දීපිකා රසාංගිකා, ඒෂානි ලොකුසූරිය සහ චමනි සෙනෙවිරත්න යන ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩිකාවෝ ඇතුළත්ව සිටිති.

ඉන්දියාවේදී පසුගියදා අවසන් වූ කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී එංගලන්තය සහ ඉන්දියාව පරාජය කරමින් පෙරළිකාර කණ්ඩායම බවට පත්වීමෙන් පසු ක‍්‍රීඩිකාවන්ගේ ගෙවීම් වැඩි කරන ලෙස කණ්ඩායම් කළමණාකරු මෙන්ම ශ්‍රී ලංකා ක‍්‍රිකට් විනිසුරු කමිටු සභාපති ඒ. ආර්. එම්. අරූස් මහතා ඉල්ලීමක් කර තිබූ බව ද වාර්තා වේ. 

වාර්ෂික ගිවිසුමට ඇතුළත් කී‍්‍රඩිකාවෝ

‘ඒ’ කාණ්ඩය:
ශෂිකලා සිරිවර්ධන, දීපිකා රසාංගිකා, ඒෂානි ලොකුසූරිය සහ චමනි සෙනෙවිරත්න,
‘බී’ කාණ්ඩය:
ඩිලානි මනෝදර, ශ්‍රීපාලි වීරක්කොඩි, සඳමාලි දොළවත්ත, චමරි අතපත්තු, උදේෂිකා ප‍්‍රබෝදනී, යශෝධා මෙන්ඩිස් සහ ඉනෝකා රණවීර
‘සී’ කාණ්ඩය:
ලසන්ති මධුෂානි, ප‍්‍රසාදිනී වීරක්කොඩි,  ඕෂදී රණසිංහ, ෂෙරීනා රවිකුමාර්, නිපුනි හංසිකා, නිලක්‍ෂි සිල්වා, චමරි පොල්ගම්පොළ, රංගිකා ප‍්‍රනාන්දු සහ දර්ශනි ධර්මසිරි

(ඡයාරූපය : ශාන්ත රත්නායක)



අදහස් (0)

ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් කී‍්‍රඩිකාවන්ගේ ගෙවීම් ඉහළ දමයි

වරුණ Thursday, 28 February 2013 07:44 AM

ලකුණු නොගැහුව්වත් විකට් නොගත්තත් දොලවත්ත ඉන්නවා.(නදී)

:       0       0

විරාජ් Friday, 01 March 2013 10:05 AM

මේ ගාන නම් මදි. ජ්‍යෙෂ්ටයින්ට 75000/= ක් වත් ගෙවන්න. අනික් අයට 60000/= ත් වත් ගෙවන්න. කතාවක් තියෙනවා සිංහයෝ ගෙන්වාගන්න ඕනානම් මස් දෙන්න කියලා. කඩල විසිකලොත් එන්නේ වදුරෝ තමයි.(නදී)

:       0       0

ජනක Monday, 04 March 2013 02:59 PM

මේ හොදටම මදි. (නි)

:       0       0

ධම්මිකා Thursday, 28 February 2013 08:35 AM

ඇති යන්තම් මේ තරමින් හරි ඒ දරුවන්ගේ කැපවීම අගය කළ එක.(නදී)

:       0       0

සම්පත් Thursday, 28 February 2013 09:43 AM

මදි... මදි... (ස)

:       0       0

අනුර Thursday, 28 February 2013 10:05 AM

ඇත්තටම හොඳ තීරණයක් (ස)

:       0       0

චානිකා Thursday, 28 February 2013 10:15 AM

පිරිමි ක්‍රීඩකයන්ට ගෙවන ගනන් බැලුවම රටේ ජාතික කණ්ඩායම නියෝජනය කරන අක්කලා නංගිලාට ගෙවන ගාන හොඳටම මදි. මෙයාලාට එදිනෙදා අවශ්‍යතා වලට ප්‍රමාණවත් මුදලක් දෙන්න (ස)

:       0       0

දිසානායක Thursday, 28 February 2013 03:03 PM

අපිට සතුටුයි. (නි)

:       0       0

කළණ Thursday, 28 February 2013 04:00 PM

අද රටේ තත්ත්වය හැටියට මේ වගේ දෙගුණයක්වත් ගෙවන්න ඕනෑ. (නි)

:       0       0

සුභාෂිනී Thursday, 28 February 2013 11:17 AM

තිබුණු ගෙවීමේ හැටියට නම් මේක ටිකක් හොඳ වර්ධනයක්. ලංකාවේ කාන්තා ක්‍රිකට් වලට යායුතු දුර යන්න ශක්තිය ලැබේවා...! (ස)

:       0       0

සිල්වා Friday, 01 March 2013 12:19 AM

මේ නංගිලා මේ දක්වපු දක්ෂතාවයට මේ මුදල මදි. අඩුම තරමේ මරුතියක් වක් ගෙන්න ගන්න වාහන බලපත්‍රයක් දෙන්න වටිනවා. ක්‍රීඩා ඇමතිතුමනි, මේ ගැන අවදානය යොමු කරන්න.(නදී)

:       0       0

ගාමිණී Wednesday, 27 February 2013 11:21 PM

කැපවීමකින් කටයුතු කරන ඒ නංගිලාට හොද ගෙවීමක් කරලා, මානසික මට්ටම හොද තත්ත්වයක තිබ්බොත් තමයි හොදට සෙල්ලම් කරන්න වුණත් පුලුවන් වෙන්නේ. (නි)

:       0       0

අංජන Thursday, 28 February 2013 07:22 AM

දැන් කාලේ ජීවත් වෙන්න මෙය පමණක් ප්‍රමාණවද්ද? (නි)

:       0       0

මිලානෝ Friday, 01 March 2013 02:02 PM

සැමදා මැච් පරදින පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයින්ව ගෙදර යවල කාන්තා ක්‍රීඩිකාවන්ගේ පඩි වැඩි කරන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 18 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 38 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 944 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1378 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2062 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 509 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site