IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේ අයි. පී. එල්. දස්කම් මොටවෙයි

ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්) 6 වන අදියර සදහා ශී‍්‍ර ලංකා ක‍්‍රීඩකයින් 11 දෙනෙකු සහභාගි වූවද ඔවුන්ගේ  දුර්වල ක‍්‍රීඩා විලාසය හේතුවෙන් වැඩි වශයෙන් ඔවුන්ට සිදුවූයේ තරග කිරීමට නොව විෙවිකාගාරයටවී තරග නරඹන්නන් බවට පත්වන්නටය.

මහේ්ල ජයවර්ධන (15), තිසර පෙරේරා (15), ලසිත් මාලිංග (15), හා ඇන්ජලෝ මැතිව්ස් (11) යන ක‍්‍රීඩකයන් පමණක් තරග 10කට වඩා සහභාගී වු අතර අනෙකුත්  ක‍්‍රීඩකයින්ට බොහෝ අවස්ථාවන්හිදී කණ්ඩායමේ ස්ථානය අහිමි වූවා පමණක් නොව කුමාර් සංගක්කාරට සහ ඇන්ජලෝ මැතිව්ස්ට නායකත්වය පවා අහිමි වියග

මෙවර අයි. පී. එල්. තරගාවලියේදී ලසිත් මාලිංග දවාගත්තේ කඩුලූ 17 ක් පමණක් වුවද අදියර 6 ක් දක්වා පැවැති අයි. පී. එල්. තරගාවලි ඉතිහාසයේ කඩුලූ 100 ක් දවාගත් පළමු පන්දු යවන්නා බවට පත්වීමට ලසිත් මාලිංග සමත් විය.

චෙන්නායි පිල වෙනුවෙන් කී‍්‍රඩා කිරීමට නියමිතය සිටි නුවන් කුලසේකර සහ අකිල ධනංජය එකම තරගයකට හෝ සහභාගි නොවූ අතර ලසිත් මාලිංග, තිසර පෙරේරා සහ මහේල ජයවර්ධන චෙන්නායි නුවරදී පැවැති තරග වලට පමණක් සහභාගි නොවූහ.

මෙවර අයි. පී. එල්. තරගාවලියට සහභාගි වූ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේ දස්කම් පහත පරිදි වෙයි.

ශී‍්‍ර ලාංකික පිතිකරුවන්ගේ දස්කම්

කී‍්‍රඩකයා / කණ්ඩායම තරග ලකුණු පන්දු  තරගයක ලකුණු සාමාන්‍ය උඩ පන්දු
මහේල ජයවර්ධන
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්
15 331 313 22.07 4
තිසර පෙරේරා
සන්රයිසර්ස් හයිද්‍රබාද්
15 222 157 14.80 5
ඇන්ජලෝ මැතිව්ස්
පූනේ වොරියර්ස්
11 169 139 15.36 5
කුමාර සංගක්කාර
සන්රයිසර්ස් හයිද්‍රාබාද්
9 120 136 13.33 3
තිලකරත්න ඩිල්ෂාන්
රෝයල් චැලෙන්ජර්ස්
5 76 93 15.20 2
ජීවන් මෙන්ඩිස්
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්
3 23 27 7.67 2
කුසල් ජනිත්
රාජස්ථාන් රෝයල්ස්
2 14 13 7.00 0
සචිත‍්‍ර සේනානායක
කොල්කටා නයිට් රයිඩර්ස්
8 10 17 1.25 2
ලසිත් මාලිංග
මුම්බායි ඉන්දියන්ස්
14 9 14 0.64 3
අජන්ත මෙන්ඩිස්
පූනේ වොරියර්ස්
3 2 4 0.67 0
මුත්තයියා මුරලිදරන්
රෝයල් චැලෙන්ජර්ස්
6 0 0 - 1

 

ශී‍්‍ර ලාංකික පන්දු යවන්නන්ගේ දස්කම් 

කී‍්‍රඩකයා / කණ්ඩායම තරග කඩුලු ලකුණු කඩුල්ලක සාමාන්‍ය
තිසර පෙරේරා
සන්රයිසර්ස් හයිද්‍රබාද්
15 19 464 24.42
ලසිත් මාලිංග
මුම්බායි ඉන්දියන්ස්
15 17 403 23.71
සචිත‍්‍ර සේනානායක
කොල්කටා නයිට් රයිඩර්ස්
8 9 209 23.22
ඇන්ජලෝ මැතිව්ස්
පූනේ වොරියර්ස්
11 5 240 48.00
මුත්තයියා මුරලිදරන්
රෝයල් චැලෙන්ජර්ස්
6 3 177 59.00
අජන්ත මෙන්ඩිස්
පූනේ වොරියර්ස්
3 2 78 39.00
ජීවන් මෙන්ඩිස්
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්
3 1 36 36.00



අදහස් (0)

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේ අයි. පී. එල්. දස්කම් මොටවෙයි

ද සිල්වා Wednesday, 22 May 2013 09:20 PM

මේ ගොල්ලව එංගලන්තේ යැවුවත් වෙන්නේ මේ ටිකම තමයි. කරුණාකර නවකයන්ට තැනක් දෙන්න. (නි)

:       0       0

වරුණ Wednesday, 22 May 2013 03:13 PM

රටට පිටු පාලා සල්ලි පස්සේ දුවලා මොකද වුණේ? නිකන් සවුත්තු වුණා විතරයි. ලබන සැරේ කණඩායම් මෙහෙය වන්න කාටවත් චාන්ස් 1ක් නැති වෙයි. සමහර වෙලාවට ලබන අවුරුද්දේ ලංකාවේ කට්ටිය නැතුව අයි පි එල් ගහයි. දැක්කනේ මාලිංගට නෙලපු නෙලිල්ල, ස්වීප් පහරිනුත් හයේ ඒවා ගැහුවා (නි)

:       0       0

කපිල Wednesday, 22 May 2013 03:43 PM

අපි නම් දැන් ක්‍රිකට් බලන්නේ නැහැ. (නි)

:       0       0

බුද්ධික Wednesday, 22 May 2013 11:49 PM

හොද වැඩේ (නි)

:       0       0

දීපාල් Wednesday, 22 May 2013 03:47 PM

දැන් මොකද කරන්නේ? (නි)

:       0       0

ජෙරාඩ් Wednesday, 22 May 2013 03:47 PM

ලබන අවුරුද්දේ ගෙදර තමා (නි)

:       0       0

අනාන්දි Wednesday, 22 May 2013 03:52 PM

මහේල සහ කට්ටිය කරුණාකර දැන්වත් මොලේ කල්පනා කර හරි තීරණ ගන්න (නි)

:       0       0

සමින්ද Wednesday, 22 May 2013 04:16 PM

මේ ක්‍රීඩාවේ හැටි ඔහොම තමයි. සල්ලි දුන්නා කියලා අද 10ක් ගහන කෙනාට හෙට 100ක් ගහන්න බැහැ. නමුත් එහෙම නොගහන්නත් බැරි නැහැ. ඒකයි මේ ක්‍රීඩාවේ හැටි. අපේ ක්‍රීඩකයන් සල්ලි දෙනවා නම් හොදට සෙල්ලම් කරනවා කියලා කියන්නේ මේ ක්‍රීඩාව ගැන නොදන්නා අයයි කියලයි මට නම් හිතෙන්නේ.මේක තාවකාලික පසුබෑමක්. අපි, අපේ ක්‍රීඩකයන්ට සහ මේ ක්‍රීඩාවට කවදත් ආදරෙයි (නි)

:       0       0

යොහාන් Wednesday, 22 May 2013 04:44 PM

සමින්ද-ඔය සේරම ආවම හෙට අනිද්දට තියන හොඳ දන්සැලකට ගෙනිහින් හොඳට කවන්න.(නදී)

:       0       0

තුසිත එදිරිසිංහ Wednesday, 22 May 2013 04:52 PM

මේක හොද වාර්තාවක්, නායකත්වයට ඇන්ජලෝ තවත් ගැලපෙනවද කියලා බලන්න. ඔහු තරග වලදී ගත්තු තීරණ වැඩි හරිය වැරදි තීරණ.. ඒක හින්දා තමා ඒ කණ්ඩායම පැරදුනේ.මේ ටික ලංකාවටත් වෙන්න කලින් ආයෙත් ඒ ගැන හිතන්න වෙයි වගේ. (නි)

:       0       0

අංජන-දකා Wednesday, 22 May 2013 12:53 PM

මොවුන්ට ප්‍රතිචාර අවශ්‍ය ය නැහැ. ලබන පාරත් 100$ ට හරි යයි.(නදී)

:       0       0

ප්‍රසන්න Wednesday, 22 May 2013 01:00 PM

අනිකුත් ක්‍රීඩකයන් ගැන කියන්න තරම් දක්ෂතා නැත. නමුත් තිසර පෙරේරා පෙප්සි අටෝම් බෙස්ට් ප්ලයෙර් තරගයේ පළමු 5 දෙනා අතරේ ඉන්නවා.(නදී)

:       0       0

අමිල Wednesday, 22 May 2013 01:08 PM

මේක අමුතුවෙන් මොට වීමක් නෙමෙයි. මෙහෙම තමයි මේ ගොල්ලෝ ලංකාවේ පිලටත් හැමදාම සෙල්ලම් කලේ. එක තරගයක දස්කම් දැක්වුවොත් තව තරග 10 විතර අසාර්ථක වෙනවා. ඒ වුණත් හැමදාම ටීම් එකේ ස්ථිර තැනක් තියාගෙන හිටියා. නමුත් අයි. පී. එල් එක ඉතාමත්ම තරගකාරීයි. (නි)

:       0       0

චමිල Wednesday, 22 May 2013 06:36 PM

අයියෝ සල්ලි! (නි)

:       0       0

යොහාන් Wednesday, 22 May 2013 01:23 PM

දැන් මේ කට්ටියවද එංගලන්තේ යවන්නේ? (නි)

:       0       0

සුජානි Wednesday, 22 May 2013 01:23 PM

දැන්වත් දරුවනේ සිතපල්ලා නුඹලට රටවැසියන්ගේ ආශිර්වාදය නැතුව ජයගන්න බැරිබව. අපි එපා කියද්දී ගියානේ. ඔහොම වෙලා මදි (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 22 May 2013 06:49 PM

ප්‍රියන්ත සමින්ද ඇරුනුකොට අනිත් අය හිතාගෙන ඉන්නේ ක්‍රිකට් කියන්නේ එල්ලේ ක්‍රීඩාව වගේ කියලා (නි)

:       0       0

අජිත් Wednesday, 22 May 2013 06:50 PM

ක්‍රීඩාව ඔහොම තමයි (නි)

:       0       0

මම මගියා Wednesday, 22 May 2013 01:36 PM

හොඳ වැඩේ වෙලා තියන්නේ !!! (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 22 May 2013 06:52 PM

ඕක ඔය හැටි හිතන්න දෙයක් නැහැ. මේක තාවකාලික පසුබෑමක්. ප්‍රබල ඉන්දියානු ක්‍රීඩකයන් වන ෂෙවාග්,යුවරාජ්,ගම්බීර්, මුනාෆ් පටෙල්, ඉර්ෆාන් පතාන්, හර්බජන් කිසිවෙකු ඉහළ දස්කම් වල නැහැ. මෙදා අයි.පී.එල් බටහිර ඉන්දීය ක්‍රීඩකයන් ගේ වසන්තය. "ඩෝන්ට් වොරි බී හැපී" (නි)

:       0       0

උපාලි Wednesday, 22 May 2013 01:47 PM

හරි වැඩේනේ. ඊ ළඟ සැරේ වෙන්දේසි වෙන ගාන බහිනවනේ මේකෙන්. (නදී)

:       0       0

ප්‍රියන්ත Wednesday, 22 May 2013 01:55 PM

අපේ රටේ වගේම ඉන්දියානුවනුත් මේ අයගේ මානාසිකත්වය පිරිහෙන දේවල් කළානේ .ඉදිරියට මෙයාලගේ අඩුපාඩු හැමෝම කියාවි . (නි)

:       0       0

ඉරේෂ් Wednesday, 22 May 2013 07:31 PM

රටක්ම එපා කියද්දී ගියා. ලංකාවේ ආශිර්වාදය නැතිව ගිහින් කරගත්තා නේද? පේනවනේ වුන දෙයක්.(නදී)

:       0       0

තලල්ලේ Thursday, 23 May 2013 10:06 AM

හැමදම එක විදියට ගහනනෙ නැහැනේ. ඉපල් වල බැරි වුණ එකනම් හොදයි. නැත්නම් අපේ අය කියාවි සල්ලි නිසා හොදට සෙල්ලම් කළා කියලා. සල්ලි නිසා නෙමෙයි, එයාලා දැන් චැම්පියන් ට්‍රොපි එකේදී හොදට සෙල්ලම් කරාවී (නි)

:       0       0

සාගන් Thursday, 23 May 2013 10:12 AM

නවකයන්ට අවසථාවක් දෙන්න එන්ගලන්ත තරගයට.(නදී)

:       0       0

ඉන්දික Saturday, 25 May 2013 10:40 AM

මේ 11 දෙනවමද සූරයන්ගේ කුසලානෙට යවන්නෙත්. අපෝ එහෙනම් එකත් ඉතින් එච්චරයි (ස)

:       0       0

සරසි Wednesday, 22 May 2013 02:25 PM

හොද වැඩේ, සල්ලි නිසා රට පාවලා දුන්නට. මෙයාලා නිසා අපට ක්‍රිකට් එපා වුනා. (නි)

:       0       0

ශාන්ත ලාල් Wednesday, 22 May 2013 08:36 PM

ලලිතා අක්කා අපේ අයට පැත්ත පලාතකට එන්න එපා කිව්වේ හරියට සෙල්ලම් කරන්නේ නැති බව දන්න නිසයි.(නදී)

:       0       0

නිශාන්ත Wednesday, 22 May 2013 03:03 PM

අමුතුවෙන් කුණු බිත්තර ගහන්න ඕනෑ නැහැ . මේ 11 දෙනා ඉන්නකන් මම නම් ක්‍රිකට් බලන්නේ නැහැ.අපි මොකටද කරන්ට් බිල වැඩි කරගන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 925 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 434 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 946 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3457 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 612 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 238 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site