IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ශී‍්‍ර ලංකා- නවසීලන්ත එක්දින තරගාවලියේදී මහේල ඇතුළු පිරිසට අලූත් අභියෝග දෙකක්

මාස තුනකට පසුව එක්දින තරගාවලියකට සූදානම් වන ශී‍්‍ර ලංකා කණ්ඩායමට සහ එහි නායකයාට නවතම අභියෝගයකට මුුහුණ දීමට සිදුවී තිබේ. එනම් විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ලද පරාජයත් සමගම කි‍්‍රකට් කී‍්‍රඩාව ‘තිත්ත’ වී තිබෙන ශී‍්‍ර ලාංකික කි‍්‍රකට් ලෝලීන් නැවතත් කි‍්‍රකට් පිටිය වෙත ගෙන්වා ගැනීමයි. ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පෙරේදා (30 වැනිදා) පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැති විස්සයි 20 තරගය නරඹීමට පැමිණ සිටියේ 500 කටත් අඩු පිරිසක් වූ අතර එයින්ද බහුතරය විවිධ කාර්යයන් සහ රාජකාරි සඳහා කී‍්‍රඩාංගණයට පිවිසියෝ වූහ. පේ‍්‍රක්‍ෂකාගාර හිස්ව පැවැති අතර දුර දක්නයක් තිබුණේ නම් පිටියේ එක තැනක සිට සියලූම නරඹන්නන් සංඛ්‍යාව ගණන් කළ හැකි තරමට සීමා වී තිබිණ. වර්ෂාව සහිත කාලගුණය ‘කි‍්‍රකට් එපා වූ නරඹන්නන්ට’ තව තවත් හේතු කාරණා සපයා දුන්නේය. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා නායකයා පවසන්නේ අතීතය අමතක කරදමා ඉදිරියට යා යුතු බවයි. ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (1 වැනිදා) මහනුවර, පල්ලෙකැළේ කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන්නේ මෙවන් වාතාවරණයක් පවතිද්දීය. දැනට පවතින කාලගුණික තත්ත්වය හමුවේ එයද  ඕවර කීයක තරගයක් වේද යන්න සැක සහිතය. එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාවේදී ලෝක අනුශූරයන් වන නමුත් මේ වන විටත් ශ්‍රේණිගත ලයිස්තුවේ පස්වැනි ස්ථානය දක්වා පහළ වැටී සිටින ශී‍්‍ර ලංකා පිල එක්දින තරග ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළට ඔසවා තැබීමේ අභියෝගයද මහේල ඇතුළු පිරිවර කරපිටම පැටවී තිබේ. ”අමාරුයි තමා....ඒත් අපි ඉදිරියට යන්න  ඕනෑ” ”අපේ හාදයෝ ටික ඊයේ (අගහරුවාදා පැවැති විස්සයි 20 තරගයේදී) ඉතාමත් හොඳින් කී‍්‍රඩා කළා. විශේෂයෙන්ම විස්සයි 20 ලෝක කුසලාන අවසන් තරගයෙන් පස්සේ ඉතාමත් හොඳ තරග සැලැස්මක් සහිතව, ඔවුන් හොඳින් තරගයට අවතීර්ණ වුණා” යයි මහේල ජයවර්ධන ඊයේ පැවසීය. මෙම තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය. ශී‍්‍ර ලංකා පිල සහ නවසීලන්ත පිල අතර ද්විපාර්ශ්වික එක්දින තරගාවලියක් පැවැත්වෙන්නේ වසර හයකට පසුවය. අවසන් වරට පැවැති ද්විපාර්ශ්වික තරගාවලි දෙකම නවසීලන්තයේදී පැවැත්වී ඇති අතර ඒවායින් එකක් ජයගැනීමට නවසීලන්ත පිල සමත්ව තිබේ. 2006 වසරේ තරගාවලිය තරග 2-2 ක් ලෙසින් සමවිය. අද ඇරඹෙන තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිල ඉතාමත් සමබර තත්ත්වයක සිටී. විශේෂයෙන්ම ශී‍්‍ර ලංකා කණ්ඩායම විවිධ ආකාරයේ පන්දු යවන්නන්ගෙන් ගහණව සිටින අතර තරගයකදී නායකයාට සිය පන්දු යවන්නන් තෝරා ගැනීමද අසීරු කාරණයක්වී තිබේ. ”එවන් තත්ත්වයක් තිබෙන එක ඉතාම හොඳයි..” ”පන්දු යැවීමේදී අපට බොහෝ විකල්ප තිබෙනවා. ඒත් එවන් විකල්ප තිබුණයි කියලා ඒවා සියල්ලම යොදා ගන්න  ඕනම නෑ. අවශ්‍ය වෙලාවට විතරක් යොදා ගත්තාම ඇති” ”සමහර විට කෙනෙක් කියන්න පුළුවන් අරයා පන්දු යවන්න යොදාගත්තා නම් හොඳයි.. නැත්නම් මෙයා පන්දු යවන්න යොදා ගත්තානම් හොඳයි කියලා.. ඒත් කුමක් හෝ තීරණයක් ගන්න සිදුවෙනවා. ඇතැම් තීරණ සාර්ථක වෙනවා. ඇතැම් තීරණ සාර්ථක වන්නේ නෑ” යයිද මහේල ජයවර්ධන ඊයේ පැවසීය. ශී‍්‍ර ලංකා සංචිතයේ සිටින වේග පන්දු යවන්නන් පස් දෙනාගෙන් දෙදෙනකුම තුන් ඉරියව් කී‍්‍රඩකයන් ලෙස සැලකෙන අතර ද`ග පන්දු යවන්නන් පස් දෙනාගෙන් දෙදෙනෙක්ද පිතිකරුවන් ලෙස නම් දරන්නෝ වෙති. කණ්ඩායම තුන් ඉරියව් කී‍්‍රඩකයන්ගෙන් ගහණ හෙයින් පන්දු යැවීමේ විකල්ප වඩාත් බහුල වී තිබේ. ශී‍්‍ර ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිවල අවසන් මහ තරගයට කැඳවාගෙන ඒමට සමත් වූයේ මෙම තත්ත්වයම බවද මහේල පැවසීය. ශී‍්‍ර ලංකා එක්දින පිලට එක්ව සිටින නවකයන් වන අකිල ධංනජය සහ තරිඳු කෞෂාල් දෙදෙනාම දග පන්දු යවන්නන් වන හෙයින් අද තරගයේදී ඔවුන්ට අවස්ථාවක් ලැබීම තරමක් සැක සහිතය. වැසි සහිත කාලගුණික තත්ත්වය වේග පන්දු යවන්නන්ට වාසිදායක වීමද මෙම තවත් එක් සාධකයකි. මෙම තත්්ත්වය මත වඩාත් පළපුරුදුකම් ඇති රංගන හේරත් නැවතත් එක්දින කණ්ඩායමට එක්වීමේ ඉඩකඩක් තිබේ. විස්සයි 20 තරගයට පෙර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණය එක දිගට පැය 48 කට ආසන්න කාලයක් වසා තිබුණ අතර පෙරේදා තරගයෙන් පසුව ඊයේ දිනය පුරාත් කී‍්‍රඩාංගණය සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබිණ. එලෙස ආවරණය කර තිබෙන තණතීරුවකදී කාසියේ වාසිය දිනා ගන්නා නායකයකු පළමුවෙන් පන්දු යැවීම තෝරා ගැනීමත් තමන්ගේ වේග පන්දු යවන්නන් ඉදිරියට දැමීමත් පුදුමයක් නොවේ. ශී‍්‍ර ලංකා සංචිතය මහේල ජයවර්ධන (නායක), උපුල් තරංග, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, රංගන හේරත්, ජීවන් මෙන්ඩිස්, ශමින්ද එරංග, අකිල ධනංජය සහ තරිඳු කෞෂාල් නවසීලන්ත සංචිතය රොස් ටේලර් (නායක), ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින්, බ්‍රෙන්ඩන් මැකලම්, කයිල් මිල්ස්, රොබ් නිකොල්, ටිම් සවුතී, කේන් විලියම්සන්, නේදන් මැකලම්, ඇඩම් මිල්නේ, ජේකබ්  ඕරම්, ඇන්ඩෲ එලිස්, රොනී හිරා, ටෙ‍්‍රන්ට් බෞවුල්ට්, ටොම් ලේතම් සහ බ‍්‍රැඩ්ලි වොට්ලිංඊයේත් පැවැති වර්ෂා සහිත කාලගුණය නිසා පල්ලෙකැළේ කී‍්‍රඩාංගණය ආවරණය කර තිබූ අයුරු....(ඡායාරුප : ශාන්ත රත්නායක)මහේල ජයවර්ධන ඊයේ සිය අදහස් දක්වමින්....



අදහස් (0)

ශී‍්‍ර ලංකා- නවසීලන්ත එක්දින තරගාවලියේදී මහේල ඇතුළු පිරිසට අලූත් අභියෝග දෙකක්

ජය Thursday, 01 November 2012 12:44 PM

මෙයාට හැමදෙයක්ම අභියෝග. ඒවා ජයගන්න හැටි තාම ඉගෙන ගෙන නැහැ. අවසාන තරග 4 කටත් ඇවිල්ලා පන්දු යවන්නන් නිසිලෙස උපක්‍රමශීලීව යොදා ගන්නා හැටි තාම ඉගෙන ගෙන නැහැ මෙච්චර අත්දැකීම් තියෙද්දිත්. කාටවත් වැඩි සැලකිල්ලක් නැතිව රට හා කණ්ඩායම ගැන හිතලා වැඩකරන්න හිතා ගන්න නියම නායකයෙක් විදිහට. නැත්නම් ක්‍රිකිට් එපා වෙන එපාවිල්ල නතර කර ගන්න බැරුව ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන් අමතක වෙලා යයි (ස)

:       0       0

ගයාන් Thursday, 01 November 2012 04:40 PM

අපිට ක්‍රිකට් එපා කරන්න එපා . මහේල අයියේ අපි ක්‍රිකට් වලට ගොඩක් ආදරෙයි ..(ස)

:       0       0

අවින් Thursday, 01 November 2012 05:02 PM

ජයවේවා

:       0       0

කපිල Thursday, 01 November 2012 05:11 PM

රෑට විදුලි පහන් දල්වාගෙන තරග පවත්වන්නේ නැතුව නරකද බලශක්තිය ඉතුරු කරගන්න බැලුවා නම්... (නි)

:       0       0

මහේල Thursday, 01 November 2012 05:00 PM

සුභපැතුම්

:       0       0

සාගර Thursday, 01 November 2012 05:34 PM

අපේ කණ්ඩායමට ජයවේවා

:       0       0

සමීර Thursday, 01 November 2012 05:34 PM

බය වෙන්න එපා

:       0       0

සජී Thursday, 01 November 2012 01:52 PM

මේ වැස්සේ මොන ක්‍රිකට්ද? හොදට පොරෝගන නිදාගන්නෙ නැතිව..!(නු)

:       0       0

රුපසිංහ Thursday, 01 November 2012 02:06 PM

ඔය ක්‍රීඩා පිට්ටනි වල ක්‍රිකට් ගහනවාට වඩා අල බතල ටිකක් හිටෙවුවා නම් ඔයිට වඩා ගොඩක් වටිනවා. මොකද අපේ ක්‍රිකට් කාන්ඩායමට පැරදුණත් සල්ලි දිනුවත් සල්ලි. නමුත් ඉතින් අපි හැමදාමත් පරදිනවා නම් මොකටද ක්‍රීඩාගාර වලට වෙලා අපේ කාලය නාස්ති කරගන්නේ? නරකද පා පන්දු වගේ ක්‍රීඩාවට හොදට මුදල් වියදම් කරලා ඉදිරියට ගත්තොත්. ඒක ඉතින් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් නෙමෙයිනේ. (නි)

:       0       0

සංගා Thursday, 01 November 2012 02:43 PM

මේ ක්‍රීඩාංගන ටිකට වී ටිකක් ඉහල අස් වද්දුඅවනම් මීට වඩා හොඳයි (ස)

:       0       0

සිංහ Thursday, 01 November 2012 06:27 PM

සුභපතනවා මම

:       0       0

අන්ජන Thursday, 01 November 2012 11:11 AM

ක්‍රිකට් ගැන කියන්න වදන් නැත (ස)

:       0       0

සිල්වා Thursday, 01 November 2012 11:13 AM

මෙයාට ඉතින් හැමදාම අභියෝග , (ස)

:       0       0

රාජා Thursday, 01 November 2012 11:59 AM

වැස්සනන් පායන්න එපෝ. ක්‍රිකට්වලට වඩා කුඹුරුටික අස්වද්දන්න වැස්ස වටිනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 714 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 658 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 894 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 956 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 310 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 677 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39560 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25759 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1198 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 401 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site