IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ශ්‍රී ලංකා පිල ලකුණු 344ක් රැස්කරයි

(යොහාන් භාසුර)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 8 වැනි තරගය ලෙස ශ්‍රී ලංකව සහ පාකිස්තානය අතර හයිඩ්‍රාබාද්හිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේ කඩුලු නවයක් දැවී ලකුණු 344 ක් රැස්කිරීමට සමත් විය.

පාකිස්තානු පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 6.9 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 345 ක් රැස්කළ යුතුය.

කුසල් මෙන්ඩිස් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 77 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහර 6 ක් සමගින් ලකුණු 122 ක් රැස්කිරීමට සමත් විය.

මෙන්ඩිස් සිය තෙවවැනි එක්දින ශතකය පන්දු 65 කින් සම්පූර්ණ කළ අතර එය ශ්‍රී ලංකා පිතිකරුවෙක් ලෝක කුසලාන තරගාවලියකදී රැස්කළ වේගවත්ම ශතකය වේ.

කුමාර් සංගක්කාර 2015 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශයට එරෙහිව පන්දු 73 කදී රැස්කළ ශතකය මීට පෙර වේගවත්ම ශතකය ලෙස පැවතුණි.  

සදීර සමරවික්‍රම අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 108 ක් රැස්කරමින් සිය පළමු එක්දින ශතකය සටහන්කරගත් අතර සදීරගේ පන්දු 89 ක ඉනිමට හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් විය.

නායක දසුන් ශානක ඇතුළු මැද පෙළ සහ පසු පෙළ පිතිකරුවන් සාර්ථක වූයේ නම් ශ්‍රී ලංකාවට ලකුණු 360 කට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස්කිරීමේ අවස්ථාව තිබුණි.

ශ්‍රී ලංකා පිල අවසන් ඕවර 10 ට ලකුණු 61 ක් රැස්කළ අතර අවසන් ඕවරයට කඩුලු දෙකක් පිරිනමමින් ලකුණක් පමණක් රැස්කළේය.

පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් වේගවත් පිතිහරඹයක් ක්‍රියාත්මක කරමින් දෙවැනි කඩුල්ලට පන්දු 92 කදී ලකුණු 102 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

පැතුම් නිස්සංක පන්දු 61 කින් හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 51 ක් රැස් කළේය.

කුසල් පෙරේරා දෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී ලකුණු නොලබා දැවී යෑම ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් විය.

ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක කාසියේ වාසිය ලබා පළමුව ලකුණු රැස්කිරීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 9 ට 344 (පැතුම් නිස්සංක 51, කුසල් මෙන්ඩිස් 122, සදීර සමවික්‍රම 108, ධනංජය ද සිල්වා 25, හසන් අලී 71/4, හැරිස් රවුෆ් 64/2)



අදහස් (0)

ශ්‍රී ලංකා පිල ලකුණු 344ක් රැස්කරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
2024 ඔක්තෝබර් මස 11 26 0

උතුරු,නැගෙනහිර,උතුරු - මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති


ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි
2024 ඔක්තෝබර් මස 11 81 0

ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල


වැස්සෙන් මාර්ග රැසක් යටවෙයි:ජන ජීවිතයටත් බාධා
2024 ඔක්තෝබර් මස 11 769 0

තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.


ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 188 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 3572 12

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 2850 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39905 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25905 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1278 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site