IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ශ්‍රී ලංකා බැඞ්මින්ටන් කී‍්‍රඩාවේ වත්මන් ප‍්‍රශ්න ජාත්‍යන්තරයට කීම මටත් රටටත් ලැජ්ජාවක්

ශ්‍රී ලංකාවේ බැඞ්මින්ටන් කී‍්‍රඩාව පිළිබඳව පවතින ප‍්‍රශ්න ජාත්‍යන්තරයට ගෙනයන්නේ නැත්තේ තමන්ද අන්තර් ජාතික බැඞ්මින්ටන් සංගමයේ සාමාජිකයකු වන නිසා බවත්, එසේ කිරිම තමාට මෙන්ම රටටත් ලැජ්ජාවට කාරණයක් බවත් හිටපු ජාතික බැඞ්මින්ටන් ශූරයකු වන මහාචාර්ය රංජිත් ද සිල්වා මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ 2013 වසරේ පැවති නිලවරණය නීත්‍යානුකූල නොවන බව ප‍්‍රකාශ කරමින් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයට අනුබද්ධ සංගම් කිහිපයක් එක්ව කී‍්‍රඩා අමාත්‍යවරයාට යොමුකළ පැමිණිල්ලට කී‍්‍රඩා අමාත්‍යවරයා කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමේ පුවත් පත් සාකච්ඡවකදී මහාචාර්ය රංජිත් ද සිල්වා මහතා මේ බව කියා සිටියේය.

වසර 2013 බැඞ්මින්ටන් සංගම් නිලවරණය දූෂිත නිලවරණයක් බව දන්වමින් තමන් සහ බැඞ්මින්ටන් සංගමයේ අනුබද්ධ සංගම් 11 න් 6 ක් එක්ව කී‍්‍රඩා අමාත්‍යවරයාට සහ කී‍්‍රඩා අධ්‍යක්ෂක ජනරාල්වරියට පැමිණිළි කළත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් පියවරක් නොගෙන තමන් ඇතුළු බැඞ්මින්ටන් සංගම් වල පැමිණිල්ල මගහැරීමට කී‍්‍රඩා අමාත්‍යංශය උත්සාහ කරන බවද මහාචාර්ය රන්ජිත් ද සිල්වා මහතා පැවසීය.

කී‍්‍රඩා රෙගුලාසි අංක 29 අනුව වාර්ෂික නිලවරණයට පෙර විගණනය කළ ගිණුම් වාර්තා ජාතික සම්මේලනයේ අනුබද්ධ සංගම් වලට ලබාදිය යුතු වුවත් 2010, 2011 සහ 2012 වර්ෂ වල විගණනය කළ ගිණුම් වාර්තා මේ වන තුරුත් අනුබද්ධ සංගම් වලට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය අපොහොසත්වී ඇති බවද හෙතෙම අනාවරණය කළේය.

මහාචාර්ය රන්ජිත් ද සිල්වා මහතාට සහය දක්වමින් තවත් හිටපු ජාතික ශුරයකු මෙන්ම බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමයේ සභාපති වරයාද වන එල්. ආර්. ආරියරත්න මහතා කියා සිටියේ නව කී‍්‍රඩා රෙගුලාසි අංක 13 (1) සහ (2) වගන්ති වලට අනුව අනුබද්ධ සංගම් වලින් පිටස්තර පුද්ගලයන් ජාතික සංගමයට පත්වන්නේ නම් කී‍්‍රඩා අමාත්‍ය වරයාගේ අනුමැතිය ලබාගතයුතු වුවත්, එසේ නොමැතිවම ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ හිටපු ¥ෂිත සාමාජිකයන්ගෙන් 90% ක් පමණ නැවතත් සංගමයට පත්වී ඇති බවත්ය.
බැඞ්මින්ටන් කී‍්‍රඩාවේ නිරත නොවූ අයකුට සභාපති ධූරය සඳහා තරග වැදීමට අවසර දුන් කී‍්‍රඩා අමාත්‍ය වරයා, හිටපු බැඞ්මින්ටන් ජාතික ශූරයන් ඇතුළු තවත් ප‍්‍රධාන පෙළේ බැඞ්මින්ටන් කී‍්‍රඩකයන් කිහිපදෙනකුගේ නාමයෝජනා ප‍්‍රතික්ෂේපවූ විට කිසිදු පියවරක් නොගත් බවත් එනිසා තමන් ඇතුළු පිරිසට මානව හිමිකම් කොමිසමේ පිහිට පැතීමට සිදුවූ බවත් ආරියරත්න මහතා පැවසීය.

බැඞ්මින්ටන් නිලවරණය සඳහා සුදුසුකම් ලබාසිටියේ අනුබද්ධ සංගම් 11 ක් පමණක් වුවත් ඡුන්ද හිමිකම නොතිබූ ඌව සහ වයඹ සංගම් වලට බැඞ්මින්ටන් සංගමය විසින් ඡුන්ද බලයදී හිටපු දූෂීත නිලධාරීන්ම නැවතත් බලයට පත්කරගැනීමේ කූට උපක‍්‍රමයක් කි‍්‍රයාත්මක කළ නිසාත්, උතුර, නැගෙනහිර සහ බස්නාහිර පළාත් සංගම් වලට ව්‍යවස්ථානුකූලව හිමිවිය යුතු ඡුන්ද සංඛ්‍යාව නොදීම නිසාත් ඡුන්ද හිමි සංගම් 11 න් 6 ක් නිලවරණයෙන් ඉවත් වීගිය බවද මෙම මාධ්‍ය හමුවට පැමිණි නියෝජිතයෝ පවසා සිටියහ.
බහුතර සංගම් ප‍්‍රමාණයක් මෙම නිලවරණයට සහභාගී නොවී වර්ජනය කිරීම හේතුවෙන් නිලවරණයක් පැවැත්වීමට අවශ්‍ය ඝණපූර්ණය මෙම නිලවරණයේදී නොතිබූ බවද නීතීඥ මොහාන් විජේසිංහ මහතා පැවසීය.



අදහස් (0)

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් කී‍්‍රඩාවේ වත්මන් ප‍්‍රශ්න ජාත්‍යන්තරයට කීම මටත් රටටත් ලැජ්ජාවක්

නිල්මිණී Friday, 31 May 2013 01:18 PM

ඕක හැම චන්දෙකම තියන වැඩක්, තමන්ට ඕනේ කෙනා තමා අන්තිමට දිනන්නේ.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 146 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 845 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1787 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1132 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 469 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 287 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38043 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25054 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 789 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site