IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ශ්‍රී ලාංකිකයා නාපොලියේ දී මිය යයි

ඉතාලියේ නාපොලි නුවර පදිංචිව සිටි දුම්මලසූරිය පදිංචි තරුණයෙක් (24) පසුගිය දා සිදු වූ රිය අනතුරකින් මිය ගියේය. මාර්ගයක පයින් ගමන් කරන විට වාහනයක් මොහුව හප්පාගෙන ගොස් ඇති බවත්   සිරුර සොයා ගැනිමට හැකි වූයේ අනතුර සිදුව පැය කිහිපයකට පසුව බවත් නාපෝලි පොලිසිය කියයි.

මියගිය තරුණයාට ඉදිරියේදී විශාල වන්දි මුදලක් ලැබීමට නියමිත බැවින්  සිරුරට අයිතිවාසිකම් කීමට දෙපිරිසක් ඉදිරිපත්ව ඇති නිසා එය ශ්‍රී ලංකාවට එවිම පමාවෙතියි දැන ගන්නට ඇත. මේ හේතුව නිසා මියගිය තරුණයාගේ ගමන් බලපත්‍ර අංකය ලබා දෙමින් ලංකාවේ සිටින දෙමාපියන් සොයා දෙන ලෙස ඉතාලි පොලිසිය රෝම තානාපති කාර්යාලයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වු තානාපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඔහුගේ දෙමාපියන් හදුනාගෙන ඔවුන් විදේශ කටයුතු අමාත්‍යංශයට ගෙන්වා, මියගිය තරුණයාගේ දේහය ලංකාවට ගෙන්වා ගැනිමට නීතීමය කටයුතු කරගැනිම සදහා නාපොලි නුවර සිටින පැතුම් ජයසිංහ නැමති අයකුට නීතීමය බලය පවරා තිබේ.

ඒම ලියවිලි රෝම තානාපති කාර්යාලය මගින් නාපොලි පොලිසියට ලබා දී ඇතත් තවත් වෙනත් පිරිසක් මියගිය තරුණයාගේ සිරුර මල්ශාලාවකට රැගෙන ගොස් ඇතැයි පැතුම් ජයසිංහ එසැණට පැවසිය.

තරුණයාගේ ඥාතීන් කියාගන්නා එම පිරිස හා තවත් පුද්ගලයෙකු ද සමග එක්ව ඉතාලි ජාතික නීතීඥයින් දෙදෙනෙකුගේ ද සහාය මේ සඳහා ලබාගෙන ඇත.

තානාපති කාර්යාලයෙන් විමසීමේ දී කියා සිටියේ මියගිය තරුණයා ගේ සිරුරේ භාරකාරිත්වය පැතුම් ජයසිංහ සතුවන බවයි.



අදහස් (0)

ශ්‍රී ලාංකිකයා නාපොලියේ දී මිය යයි

සාමා Saturday, 06 July 2013 05:21 PM

මිය ගිය අහිංසකයාගේ දේහයට දෙයියන්ගේම පිහිටය්! හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට.(නදී)

:       0       0

ලෙස්ලි විජේසිංහ Saturday, 06 July 2013 05:32 PM

අහෝ අපේ සිංහල ජාතිය මුදල් ලැබෙනවා නම් අම්මව පවා විකුනගෙන කයි.(නදී)

:       0       0

රනිල් අසංක Saturday, 06 July 2013 05:34 PM

මම ෆේස් බුක් හි පැතුම් ජයසිංහ කියන නම පිලිබදව සොයා බැලීමක් කලා එම පැතුම් කියන මොහු ශ්‍රී ලාංකිකයන්ගේ ලිය කියවිලි වැඩ කරන කෙනෙක් වන අතර ඒජන්සියක් මගින් ශ්‍රී ලාංකිකයන්ගේ වැඩ මුදලට කරදෙන්නෙක්. ඒ නිසා මොහු ගැන විශ්වාසයක් තියන්න අමාරුයි. හැකිනම් මියගිය තරුණයාගේ මව හෝ පියා ඉතාලියට ගෙන ඒමට කටයුතු කරනවානම් අගනේය.(නදී)

:       0       0

යොහාන් බුද්ධික Saturday, 06 July 2013 06:04 PM

කරුණාකරලා ඒ තරුණයාගේ දෙමවිපියන්ට වන්දි මුදල් ලබාදෙන්න. අතරමැදියන් එපා.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 06 July 2013 06:17 PM

කරුණාකර මෙම මුදල් රජයේ භාරයට ගෙන ලංකාවේ විදේශ අමාත්‍යාංශය හරහා මෙම මුදල් ලංගම ඥාතියාට ලැබෙන්න සලස්වන මෙන් රෝම තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටිමි.(නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Saturday, 06 July 2013 06:34 PM

පැතුම් ජයසිංහ ළඟ නාපොලි පදිංචි ගොඩක් අයගේ රහස්‍ය දත්ත (පාස්පෝට් කොපි, හැඳුනුම්පත් කොපි ආදිය, අත්සන්) තිබෙනවා. ඊට හේතුව මොහු රෝම එමබසියේ වැඩ කර දෙන තැරව් කරුවෙක්. මොහු මීට අමතරව ලංකාවෙන් පුද්ගලයන් ගෙන්වීම, මුදලට රැකියා අවස්ථා විකිණීම වාගේ වැඩවලටත් හවුල් වන 'කල දුටු කල වල ඉහගන්නා' ජාතියේ මුදලට ඕනේ දෙයක් කරන වෙන්නප්පුවේ කෙනෙක්. ඒ නිසා මෙහි වංචාවක සේයාවක් මම දකිනවා. මියගිය පුද්ගලයාගේ හිතමිතුරන් මේ ගැන අවදියෙන් ඉඳ රෝමයේ එම්බසියටත්, ලංකාවේ නෑයන්වත්, අවශ්‍ය විටක පොලිසියත් දැනුවත් කරන්න.(නදී)

:       0       0

අමිළ කටුනායක Saturday, 06 July 2013 07:02 PM

මිනී කාක්කෝ ඉතාලියෙත් ඉන්නවා එහෙනම්. තවත් අය ඉදිරිපත් වෙන්න පුළුවන්. සමහර විට භාර්‍යාවකුත් ඇති? (නදී)

:       0       0

රන්දි Saturday, 06 July 2013 07:08 PM

අපේ රටේ මිනිසුන්ගේ මිනිස්කම් මුදල් ඉදිරියේ හිවල් නැටි බවට පත්වෙනවා. හුගක්ම ඉතාලියෙන් අපිට පෙනෙනවා මිනිස්කම් අඩු ශ්‍රීලංකිකයින්. හැමෝම නෙවි බොහොමයක් නුගත් පාතාලයින් දේශපාලකයින්ගේ යටතේ සිට රැකවරණ පතා ඉතාලියට පලායාමෙන් මොවුන්ගේ ක්‍රියාකාර කම් අධ්‍යනය කිරීමෙන් ,මිනිසුන් සට කපට වෙලා. මගේ හැගීමයි.(නදී)

:       0       0

අනුර Saturday, 06 July 2013 07:55 PM

අපේ මිනිස්සු සල්ලි වලට තියන කෑදරකම මේකෙන්ම පේනවා (නි)

:       0       0

චාන් Saturday, 06 July 2013 08:07 PM

ලෙස්ලි විජේසිංහ,ඔබගේ කීම හරි. සමහර අම්මලාටත් එහෙම අය හරිම උතුම් (නි)

:       0       0

ජගත් Saturday, 06 July 2013 08:45 PM

සිංහලයා මුදලට මළපහ වුනත් කන්නට ලැහැස්තියි.අහෝ මෙහෙව් රටක්. (නි)

:       0       0

ප්‍රභාත් Monday, 08 July 2013 12:58 AM

නම දන්නේ කවුද මේ ළමයාගේ? කරුණාකරලා මට දන්නවා නම් කියනවද? මොකද මමත් දුම්මලසූරියේ (නි)

:       0       0

මොහෙමඩ් Saturday, 06 July 2013 10:15 PM

ඉතාලි වගේ රටක මෙහෙම මැරුන මිනිහත් විකුණන් කන එක පුදුම වෙන්න දෙයක් නැහැ. ලැබෙන වන්දි මුදල් ලබා ගැනිමට මොහු වෙනුවෙන් අයිතිවාසිකම් කියන අය මේ මිනිහා ජිවත් වන කාලයේ කෑවද බිව්වද කියලා හොයා බලපු අයද? (නි)

:       0       0

දම්මික පෙරේරා Saturday, 06 July 2013 10:18 PM

ඉතාලිය හරි ප්‍රසිද්ධයි ගැහැනු නිසා මිනි මරාගන්න. මුදල් වෙනුවෙන් ඇන කොටා ගෙන මරා ගන්න. මෙන්න තවත් අලුත් සිද්ධියක්. මැරුන මිනිහවත් මුදල් කරන ලංකාවේ කොටසක් ඉතාලි වල ඉන්නවා (නි)

:       0       0

නිහාල් Saturday, 06 July 2013 10:21 PM

කරුණාකරලා ඩීඑන්ඒ පරීක්ෂණයක් මගින් දෙමාපියන් කව්ද කියලා තහවුරු කරලා වන්දිය ලබාදෙන්න කටයුතු කරනවා නම් හොදයි (නි)

:       0       0

චන්දන Sunday, 07 July 2013 05:55 PM

මරණේ ශෝකය නෙමේ තියෙන්නේ සල්ලිවලට තියන පෙරේතකම (නි)

:       0       0

දයාවංශ Saturday, 06 July 2013 10:45 PM

රක්සාවක් නැති,වීසා නැති කෙනෙක්ට වුනා නම්.......? (නි)

:       0       0

කොස්තා Saturday, 06 July 2013 11:14 PM

කරුණාකර මෙම සහෝදරයට ලැබෙන මුදල් දෙමාපියන්ට කෙලින්ම දෙන්න. අතරමැදියන් ගාවගන්න එපා (නි)

:       0       0

නයන ශ්‍රී Sunday, 07 July 2013 01:05 AM

රජයේ භාරයට මුදල් දුන්නොත් හොඳට තියෙයි.(නදී)

:       0       0

දිනෝ Sunday, 07 July 2013 02:13 PM

ධම්මික පෙරේරා හරි. මේ තවත් එක සිදුවීමක් පමණි, මේ ඉතාලියේ.වෙරෝනා වලත් ඉන්නවා ඔයවගේ පරණ සාමාජිකයෙක්. එයත් මීට හරියටම අවුරුදු අටකට කලින් ඔය විදිහටම දැගලුවා, ඇක්සිඩන්ට් වෙච්ච ලංකාවේ ජෝඩුවක් මැරෙනකම් බලන් හිටියා වන්දි මුදලට විදින්න. ඒ දෙන්නගේ වාසනාවට එදා එයාලා මාස 6ක් විතර හොස්පිටල් ඉඳලා බේරුනා.නැත්නම් අර පරණ සමාජිකයා ඒ වෙනකොට ඉතාලියේ අර දෙන්නට ඉන්න එකම ඥාතියා විදිහට සියලු බලතල අතට අරගෙන සුද්දෙ දෙන්න ලැහැස්ති වෙලා හිටියේ. (නි)

:       0       0

තරු Sunday, 07 July 2013 07:29 AM

ඒ මනුස්සයා ඉන්න කාලේ ඇහැ ඇරලවත් බලපු මිනිස්සුද දන්නෙ නැහැ දැන් සල්ලි වලට පොරකන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 926 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 419 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 275 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 833 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 715 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 320 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site