IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාව 1-0 කින් ටෙස්ට් තරගාවලිය ජය ලබයි

රංගන හේරත්ගේ (157/12) විශිෂ්ට පන්දු යැවීම නිසා බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (19) අවසන් වූ දෙවැනි සහ අවසන් තරගයෙන් කඩුලූ 7 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා පිල 1.0 ක් ලෙස තරගාවලියේ ජය ලැබීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල ලකුණු 160 ක ජයග‍්‍රාහි ඉලක්කය කඩුලූ 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය. දෙවැනි ඉනිමේදී කුමාර් සංගක්කාර (55) සහ තිලකරත්න ඩිල්ෂාන් (57) අර්ධ ශතක රැුස්කිරීමට සමත් වූහ.

රංගන හේරත්ගේ 35 වැනි උපන් දිනය වූ අද (19) ඔහු ටෙස්ට් කඩුලූ 200 සම්පූර්ණ කිරීම කැපී පෙනේ. හේරත් මේ වන විට ටෙස්ට් තරග 47 කදී කඩුලූ 10 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් දවාගත් අවස්ථා තුනක් සමගින් කඩුලූ 200 ක් දවාගෙන තිබේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලූ 200 ක් දවාගත් තෙවැනි ක‍්‍රීඩකයා බවට හේරත් පත්විය. මුත්තයියා මුරලිදරන් (795) සහ චමින්ද වාස් (355) හේරත්ට ඉදිරියෙන් සිටිති. මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුලූ 800 ක් දවාගෙන ඇති අතර ඉන් කඩුලූ 5 ක් ලෝක කණ්ඩායම වෙනුවෙන් ලබාගෙන තිබේ.

තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (18) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට කඩුලූ 8 ක් දැවී ලකුණු 52 ක් ඉදිරියෙන් සිටි බංග්ලාදේශ දෙවැනි ඉනිම ඊයේ දිවා විවේකය වන විට ලකුණු 265 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.  

රංගන හේරත්, බංග්ලාදේශ දෙවැනි ඉනිමේ විනාශකරු බවට පත්වෙමින් ලකුණු 89 කට කඩුලූ 7 ක් දවාගැනීමට සමත් විය. හේරත් ඉනිම දෙකේදීම ලකුණු 157 කට කඩුලූ 12 ක් දවා ගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.

දෙවැනි ඉනිමේදී ලකුණු 89 කට කඩුලූ 7 ක් දවාගැනීම හේරත්ගේ ඉනිමක දක්‍ෂතම පන්දු යැවීම මෙන්ම ලකුණු 157 කට කඩුලූ 12 ක් දවාගැනීම තරගයක දක්‍ෂතම පන්දු යැවීම ද වේ.

මෙම තරගාවලියේදී ලකුණු 441 ක් රැස්කළ කුමාර් සංගක්කාර තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබීය.  

දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ මස 23 වැනි සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දිවා/රාත‍්‍රි තරගයක් ලෙස පැවැත්වේ.

බංග්ලාදේශ පිල පළමු ඉනිම  ඕවර 83.3 කදී සියලූ දෙනා දැවී 240 සහ දෙවැනි ඉනිම  ඕවර 100.4 කදී සියලූ දෙනා දැවී 265

ශ‍්‍රී ලංකාව පළමු ඉනිම  ඕවර 111.3 කදී සියලූ දෙනා දැවී 346 සහ දෙවැනි ඉනිම  ඕවර 41.4 කදී කඩුලූ 3 ට 160 (තිලකරත්න ඩිල්ෂාන් 57, කුමාර් සංගක්කාර 55, ළහිරු තිරිමාන්න නොදැවී 13, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 13, රොබියුල් ස්ලාම් 42/2)

(ඡයාරූප: ශාන්ත රත්නායක)



අදහස් (0)

ශ්‍රී ලංකාව 1-0 කින් ටෙස්ට් තරගාවලිය ජය ලබයි

තිලකසිරි Friday, 22 March 2013 09:36 PM

එක්දින එකත් අපි දිනනවා (දී)

:       0       0

තත්සරණි Friday, 22 March 2013 09:36 PM

සුබ උපන්දිනයක් වේවා රංගන අයියා (ස)

:       0       0

සුනිල් Wednesday, 20 March 2013 10:11 AM

ලංකාවේ කොල්ලන්ට ජයවේවා (දී)

:       0       0

චාමර Wednesday, 20 March 2013 03:38 PM

නියමයි. (නි)

:       0       0

අනිල් Tuesday, 19 March 2013 10:49 PM

අපේ සිංහ පෝතකයින්ට උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

ක්‍රිෂාන් Wednesday, 20 March 2013 11:45 PM

ඔව් ඉතින් චතුරිකා වගේ අයට මොන තරගය දිනුවත් ගානක් නැහැ. මොකද එයාලා ශ්‍රී ලංකාවේ නෙමෙයිනේ. (නි)

:       0       0

අරවින්ද Wednesday, 20 March 2013 11:02 AM

තව තවත් පඩි වැඩි වේවා (දී)

:       0       0

රොෂාන් Thursday, 21 March 2013 07:22 PM

නියමයි.(නදී)

:       0       0

ගීත් Thursday, 21 March 2013 07:28 PM

චතුරිකා කියන්නේ අරයද?(නදී)

:       0       0

අනුර Tuesday, 19 March 2013 05:20 PM

සූරියවැව තරග බලන්න දැන් අපිට ගුවනින්ම යන්න පුළුවන්, මත්තලට ගිහින්. (නි)

:       0       0

අකිල Tuesday, 19 March 2013 05:42 PM

ශ්‍රී ලංකාවට ජය වේවා! (නි)

:       0       0

ෂානුක Tuesday, 19 March 2013 05:43 PM

නියමයි. (නි)

:       0       0

ෂකුල Tuesday, 19 March 2013 06:08 PM

නියමයි. සුභ පැතුම් ශ්‍රී ලංකා! (නි)

:       0       0

රංජන් Tuesday, 19 March 2013 06:16 PM

අපේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

රොහාන් Tuesday, 19 March 2013 01:31 PM

නියමයි.අපි ඉහලින් සමරනවා මේක (දී)

:       0       0

කුමාර Tuesday, 19 March 2013 07:08 PM

නියමයි ශ්‍රී ලංකා! (නි)

:       0       0

යොහාන් Tuesday, 19 March 2013 01:36 PM

අපේ කොල්ලන්ට ජයවේවා .... සුභපැතුම්

:       0       0

ප්‍රියා Tuesday, 19 March 2013 07:52 PM

රංගනගේ ක්‍රිකට් පිටියේ රංගනයෙන් අපිට සතුටු කදුළු වැගිරුණා. (නි)

:       0       0

චමිල Wednesday, 20 March 2013 09:02 AM

උණුසුම් සුබ පැතුම් (දී)

:       0       0

සසරංග Wednesday, 20 March 2013 09:26 AM

ලංකාවට ජයවේවා (දී)

:       0       0

අමිල Tuesday, 19 March 2013 08:57 PM

රංගන හේරත් වැනි කඩුළු දවාගත හැකි දක්ෂ ක්‍රීඩකයින් අපිට අවශ්‍යයි. (නි)

:       0       0

සුජා Wednesday, 20 March 2013 09:46 AM

රංගන සුභ උපන් දිනයක්,ජය වේවා! (නි)

:       0       0

තත්සරණී Saturday, 23 March 2013 07:20 PM

සංඝා තාම වීරයා.(නදී)

:       0       0

ක්‍රිෂාන් Tuesday, 19 March 2013 09:41 PM

වසර කිහිපයකට පසු මව්බිමේදී ටෙස්ට් තරගාවලියක් ජය ලබන ශ්‍රී ලංකා කණ්ඩායමටත් රංගන හේරත්ගේ දක්ෂතා වලටත්, උපන් දිනයටත් මගේ සුභ පැතුම්! (නි)

:       0       0

චතුරිකා Tuesday, 19 March 2013 09:53 PM

මට නම් මෙහි සුබ පතන්න තරම් දෙයක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 243 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 821 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 46 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1724 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6150 7

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1812 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 967 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 338 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site