IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ශ්‍රී ලංකාවේ ඇමැති මණ්ඩලය ගිනස් පොතට

ලෝකයේ විශාලතම ඇමැති මණ්ඩලයක් ඇත්තේ ශ්‍රී ලංකාවේ බව ගිනස් වාර්තා වෙබ් අඩවිය සඳහන් කරයි.

එම වෙඩ් අඩවියට අනුව 2005 නොවැම්බර මස දිවුරුම් දුන් ඇමැති මණ්ඩලයට කැබිනට් ඇමැතිවරු පනස් දෙදෙනෙක් ඇතුළත් වූහ.

එය ලොව එක් රටක වැඩිම ඇමැති මණ්ඩලය ලෙස ගිනස් පොතේ දැක්වේ.

ඉන් පසුව ද වරින් වර ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දී ඇත.

තවත් නියෝජ්‍ය ඇමැතිවරුන් නව දෙනෙක් පසුගිය 10 වැනි දා ජනපති ඉදිරියේ දිවුරුම් දුන්හ.

 

 



අදහස් (0)

ශ්‍රී ලංකාවේ ඇමැති මණ්ඩලය ගිනස් පොතට

නිසාර් Monday, 14 October 2013 12:11 PM

ගීනස් වාර්තාවට සුබ පැතුම්. අපි ධනාත්මකව බලමු. (දිල්)

:       0       0

ගජමෑන් Monday, 14 October 2013 12:13 PM

ලංකාව දැන් ලෝකෙම ආශ්චර්ය වෙලා වගෙයි?(දිල්)

:       0       0

පිටිගල මිලානෝ Monday, 14 October 2013 12:15 PM

උද්ධමනය, සිය දිවි නසා ගැනීම, දියවැඩියාව,මත් පැන් භාවිතය, රට තුළ මත් කුඩු අතිරික්තයක් තිබීම, විශාල පරිමාණයේ වංචාවල් යට ගැසීම වැනි ක්‍රියාකාරකම් අතින්ද අප රට ඉදිරියෙන්ම සිටිනවා. ආශ්චර්යකි! (නි)

:       0       0

අජිත් Monday, 14 October 2013 12:15 PM

ඇත්ත තමයි (නි)

:       0       0

ටිරෝන් Monday, 14 October 2013 12:17 PM

මේක නම් කඩයි? (නි)

:       0       0

සමීර Monday, 14 October 2013 05:06 PM

කෝ මේ අපේ බන්දුල පෙරේරා? ඇමතිකමක්වත් ලැබිලද සද්ද නැත්තේ? (නි)

:       0       0

ආනන්ද Monday, 14 October 2013 12:23 PM

මොවුන්ට ඡන්දය දෙන අය ඉන්තාක් කල් මොවුන්ට මොළය පෑදෙන්නේ නැහැ (නි)

:       0       0

සුනෙත් Monday, 14 October 2013 12:27 PM

අපි කවදාවත් ඕක කිසි ජගතෙකුට කඩන්න දෙන්නේ නැහැ. (නි)

:       0       0

ප්‍රසා Monday, 14 October 2013 12:28 PM

රටේ ආශ්චර්ය මේක වෙන්න ඇති. (නි)

:       0       0

සේනාදීර Monday, 14 October 2013 12:28 PM

කාටද ආඩම්බර? (නි)

:       0       0

නන්ද Monday, 14 October 2013 10:48 PM

ඇමති මණ්ඩලය නිසා විතරද අපේ රට ගිනස් පොතට යන්න ඕනෑ? වැඩියෙනම දහම් දෙසන රට.. තරඟයට බණ කියන, කියවන රට.. "පිළිවෙතින් පෙළගැසී", කළ හැකි සෑම පහත් වැඩක්ම කරන මිනිස්සු ඉන්න රට... (නි)

:       0       0

රූපවතී Monday, 14 October 2013 12:32 PM

අනේ හැබෑටම, මේවා දකින්නෙ නැද්ද ලොකු ලොක්කෝ? (නි)

:       0       0

සුනිල් ගාමිණී වෙරෝනා Monday, 14 October 2013 12:32 PM

ඔය වාර්තාව නම් කල්ප ගණනකට කඩන්න ලැබෙන එකක් නොවේ (නි)

:       0       0

ආසිරි Monday, 14 October 2013 12:32 PM

ඉතින් හොදයිනේ. කාටද ආඩම්බර? (නි)

:       0       0

නිශානි Monday, 14 October 2013 12:35 PM

කීයක් පත්වුණහම මොකෝ රට දියුණු වෙනවා නම්....? (නි)

:       0       0

අමිල Monday, 14 October 2013 12:38 PM

ලෝකයේ ඉන්නා මෝඩම ඡන්දදායකයෝ ඉන්නේ අපේ රටේ වෙන්න ඇති. (නි)

:       0       0

ගුරු Monday, 14 October 2013 11:18 PM

මේ අයට පඩිය දේනේ කව්ද? ජනාධිපති තුමාද ? මහා ජනතාවද ?පඩි නැතිවද රට හදනන තව අවරුදු 200ක් ව්තර යාවි. (දිල්)

:       0       0

අශාන් Monday, 14 October 2013 12:41 PM

නිෂනි, ඔයා කන්නේ තණකොළද? මෙහෙම හිතන අය තවමත් මේ සමාජයේ ඉන්නවනේ? ලංකාවට දෙවි පිහිටයි . (නි)

:       0       0

විජේසිංහ Monday, 14 October 2013 12:41 PM

හැම දෙයක්ම වපර ඇහෙන් බලන්න එපා. ඇමතිවරු වැඩි වුණා කියන්නේ මහජනයාට සේවය කරන්න ආයතන වැඩි වුණා කියන එකයි. ඒකෙන් වාසිය අපිටයි. (නි)

:       0       0

අශාන් Monday, 14 October 2013 12:41 PM

නිශානි, ඔව් අනේ කීයක් පත් වුණහම මොකෝ..? බස් ගාස්තු, දුම්රිය ගාස්තු, බඩු මිල එහෙම ගණන් යනවා මේ විදියට ඇමතිලා පත් වෙන්න පත් වෙන්න... එතකොට පුදුම විදියට රට දියුණු වෙනවා. (නි)

:       0       0

චමින්ද - පිළිමතලාව Monday, 14 October 2013 12:45 PM

මේ පාර ඡන්දෙ කටුගාපු එක ගැන මම අවංකවම සතුටු වෙනවා (නි)

:       0       0

පෙරේරා Monday, 14 October 2013 05:33 PM

කොච්චර හොඳද? ලංකාවේ ඉන්න බුද්ධිමත් ජනතාව ඉතාමත් බුද්ධිමත් නායකයන් රැලක් ඡන්දෙ දීලා පත්කරගෙන දැන් ලංකාවේ නම ගිනස් පොතටත් දාගෙන. (නි)

:       0       0

ගජමන් Monday, 14 October 2013 12:49 PM

වෙන කියන්න දෙයක් නැති නිසාත්, කිව්වා කියල වැඩක් නොවන නිසාත් "ජය වේවා" කියන්නම්. (නි)

:       0       0

පාල Monday, 14 October 2013 12:52 PM

ඇත්තම කියානවානම් මෙච්චර මැති ඇමති වරු පත් කරන්නේ ආණ්ඩුවේ පැවැත්මට මිස රට යහපතට නම් නොවේ. (දිල්)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Monday, 14 October 2013 05:40 PM

අපි මතක තබා ගත යුතු ප්‍රධානම කාරණය මේ සියල්ලන්ටම වැටුප්, නිල නිවාස, වාහන, ඉන්ධන, දුරකථන, කාර්ය මණ්ඩල යනාදී සියල්ලටම ගෙවිය යුත්තේ අපි දුක් මහන්සියෙන් හම්බ කරන මුදල් බව.අනේ මෙහෙම ආශ්චර්යක්. (නි)

:       0       0

ගීත් Monday, 14 October 2013 12:56 PM

මේ මදි නේද තවත් පත්වීම් දෙමු (දිල්)

:       0       0

පද්මිණි Tuesday, 15 October 2013 12:16 AM

මැද පෙරදිග ගිය කාන්තාවන්ගේ දහදියෙන්, කදුලෙන්, පෝෂණය වන එකම ඇමති මණ්ඩලය ඉන්න රට වෙන්න ඇති මේ (නි)

:       0       0

රාජපක්ෂ Monday, 14 October 2013 01:28 PM

හිප් හිප් හුරේ! (නි)

:       0       0

ධර්මසේන Monday, 14 October 2013 01:29 PM

ආසියාවේ ආශ්චර්යය කියන්නෙ ඕකට තමයි. (ස)

:       0       0

ගීත් Monday, 14 October 2013 01:42 PM

සුනිල් කියන්නෙ මේ වාර්තාව කල්ප ගානකට කඩන්න බැරිවෙයි කියලා. අනේ සුනිල්, ලබන පාර මැතිවරණයෙන් මේ වාර්තාව කඩන්නෙත් අපේ අයම තමයි (නි)

:       0       0

වසන්ත Monday, 14 October 2013 01:43 PM

මේ සමහර අය ඊර්ෂ්‍යාවට අදහස් දානවා. මේ ඇමතිවරුන්ගෙන් අපිට වන සේවය අගය කළ යුතුයි. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 14 October 2013 01:43 PM

ඔය ඇමතිවරුන්ගේ පඩි නඩි,යාන වාහන, මුදල් හදල්,විදුලි බිල්,දුරකථන බිල්,අතට පයට සේවකයෝ.... ඔය සියල්ලම ගෙවන්නේ රටේම විසිරී සිටින අන්ත අසරණ මිනිසුන් කන බොන පාන් කෑල්ලෙන්,පරිප්පු ටිකෙන්,බත් ටිකෙන්,විදුලි බිලෙන්,දුරකථන බිලෙන්,......., හිගන්නා පවා මහජන මුදලට දායක වෙනවා.ඒ නිසයි අපිට අහන්න අයිතියක් තියෙන්නේ මේ වැඩවල තේරුම මොකක්ද කියලා (නි)

:       0       0

සත්‍යා Tuesday, 15 October 2013 12:59 AM

මේ වගේ රටක ඉපදුණාට මම දුක් වෙනවා (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 14 October 2013 01:45 PM

නිශානි,මොනවා වැඩිවුණත් කමක් නැහැ, පුන්නකු වල මිළට එහෙම අත තියනවා නෙමෙයි. නිශානි ,බන්දුල පෙරේරා වගේ අයට ඉතිරි කරන්න ඕනෑ. (නි)

:       0       0

සරත් Monday, 14 October 2013 01:46 PM

ඔන්න ඔහොමලු වුණා කියන්නේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 14 October 2013 01:47 PM

නිශානි වගේ අය තමයි අද වැඩිපුර ඉන්නේ. (නි)

:       0       0

ලාල් Monday, 14 October 2013 01:47 PM

ඊළඟ වාර්තාව වැඩිම මෝඩ ඡන්දදායකයන් ඉන්න රට. (නි)

:       0       0

මිගිද Monday, 14 October 2013 01:49 PM

ඒ වගේම , ලංකාවේ සීයට අනුවක්ම මෝඩ සහ ත්‍යයාගශීලී බහුතරය ඉන්න රට හැටියට වාර්තාගත වෙනවා. (නි)

:       0       0

දිල්ශානි Monday, 14 October 2013 01:52 PM

ලංකාවත් කොහොම හරි ගිනස් වාර්තාවක් තිබ්බා එහෙනම්.ජය වේවා! (නි)

:       0       0

අසේල Monday, 14 October 2013 01:56 PM

මේ අයට වියදම් කරන සල්ලි ප්‍රමාණය බැලුවා නම් එකත් ගිනස් වාර්තාවක් වෙන්න පුළුවන්. (ස)

:       0       0

දසුනි Monday, 14 October 2013 06:38 PM

අපේ අය දාන අදහස් කියවාගෙන යද්දී පිස්සු හැදෙනවා.මේ වගේ දෙයක් විවේඡනය කරනවා.කොහේහරි සංවර්ධනය කරනවා දුටුවම මේ සියල්ල අමතක කරලා එය වර්ණනා කරනවා. කවුරුහරි මට කියන්නකෝ.අපි හැමදාම මේ විදිහටද ඉස්සරහට යන්නේ? (නි)

:       0       0

ආලෝක Monday, 14 October 2013 02:05 PM

ධනන්ජය ,සල්ලි සෑම රටකින්ම ණයට ගත් ඒවා. මේ නාස්තිය නැවත්තුවොත් කොච්චර රට දියුණු වෙයිද? මෙයාලා පොරොන්දු වුණේ ඇමතිලා අඩු කරනවා කියලා නේද? හරි විපක්ෂයක් නැති නිසා වෙන මොනවා කරන්නද? කෑගහලාවත් මේවා නවත්තන්න බලන එකයි මේ වෙලාවේ කරන්න තියෙන්නේ. (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Monday, 14 October 2013 06:52 PM

ඇයි අර ගූගල් වෙබ් අඩවියේ වචනයක් හොයලත් අපි වාර්තාවක් තැබුවා නේද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 14 October 2013 02:13 PM

කාටද ආඩම්බර? (නි)

:       0       0

බන්දුල Monday, 14 October 2013 07:02 PM

ණය ටික වියදම් කරන්න මෙතරම් ඇමතිවරු මොකටද...? අනික අපි දරු පවුල් ගැටගහගන්නෙත් කොයිතරම් අමාරුවෙන්ද? ඒ මදිවට දැන් ඇමතිවරුන්ටත් එක්ක අපි හම්බකරන්න ඕනෑ. මේකද ආශ්චර්යය කියන්නේ. (නි)

:       0       0

සුනේත්‍රා Monday, 14 October 2013 02:21 PM

තව 10 දෙනෙක් කියනවා මිසක් දැන් කීයද කියලා කාටද කියන්න පුළුවන්? ලංකාවේ දැන් (අදට) ඇමතිවරු කී දෙනෙක්ද කියලා කාටවත්ම හොයා ගන්න බැරුව ඇති. (නි)

:       0       0

ඉන්දික Monday, 14 October 2013 02:28 PM

ආශ්චර්යය..... (ස)

:       0       0

සාමා Monday, 14 October 2013 02:35 PM

වර්ග සැතපුම් 25000 සහ කෝටි දෙකක ජනගහනයක් තියන අපේ රටේ පාලකයන් දිහා බැලුවම හිනායනවා. මේ කොතරම් ඇමතිලා හිටියත් අවනීතිය, දූෂණය වංචාව, හොරකම ඉහවහා ගිහිල්ලා. මෙතන ඔළු ගාන වැඩි උනාට වැඩක් නැහැ, ඔලුව ඇතුලේ මොලයක් නැතිව. (දිල්)

:       0       0

තබුක් සිල්වා Monday, 14 October 2013 02:36 PM

රට හැමතැනම ගිනස් වාර්තා තියල තිබෙන්නේ, ලෝක ගිනස් වාර්තා පොතට ඇතුලත් නොඋනට කරන්න බැරි වුණේ එකම දෙයයි ගැනියෙක් පිරිමියෙක් කරන්නත් ,පිරිමියෙක් ගැනියෙක් කරන්නත්, (දිල්)

:       0       0

චමින්ද Monday, 14 October 2013 02:48 PM

විජේසිංහ ඔබගේ අදහසෙන්ම ,ඔබේ මොලේ තරම විද්‍යාමාන වෙනවා. (ස)

:       0       0

අචිනි Monday, 14 October 2013 02:56 PM

ඔවුන්ට ජයම වේවා! දුප්පතාට තව බදු වැඩි වේවා! (නි)

:       0       0

ක්‍රිෂාන් Monday, 14 October 2013 03:05 PM

ඡයවේවා අපේ ඇමති මණ්ඩලයට නොබිදෙන වාර්තාවක් තැබුවාට (නි)

:       0       0

සත්‍යයා Tuesday, 15 October 2013 07:37 AM

අශාන්, නිශානිගෙ මොළය අවතක්සේරු කරන්න එපා. (නි)

:       0       0

අනිල් Monday, 14 October 2013 08:03 PM

ආණ්ඩු පක්ෂේ ඉන්න සියලු දෙනාට ඇමති කමක් බර දුන්නොත් මිට වැඩිය හොද නැද්ද ? රටත් දියුණු වෙයි. පක්ෂේත් දියුණු වෙයි.(නදී) .

:       0       0

දයාරත්න Monday, 14 October 2013 08:19 PM

අපි ඡන්දය දුන්නේ මේ වගේ මෝඩ වැඩ කරන්න නොවේ.(නදී)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Monday, 14 October 2013 03:27 PM

ජීවත්වෙන්න බැරිව රට හැර යාම, සිය දිවි නසා ගැනීම, අඩු පඩිය නිසා රැකියාව හැර යාම , දරුවන්ට කන්න දෙන්න විදියක් නැතිව අම්මලා හූල්ල හූල්ල සිටීම, ගන්න පඩිය දවස් තුනෙන් ඉවර වීම , වැනි දේවලින් ඉදිරියේදි ගීනස් වාර්තා තියන්න පුලුවන්. (ස)

:       0       0

සීල Monday, 14 October 2013 03:28 PM

විජේසිංහ මහත්තයෝ, අපි ඔක්කොම ඇමතිවරු වුණොත් නියමයි නේද? ලොකුම ලොකු සේවයක් තම තමන්ටම කරගන්න පුළුවන් අපිට (නි)

:       0       0

මහින්ද ව්ක්‍රමසිංහ Monday, 14 October 2013 08:27 PM

ඊට පස්සේ ගීනස් වාර්තාවක් තියාවි ලෝකයේ වැඩක් නොකරන අමාත්‍ය මණ්ඩලයක් ඉන්න එකම රට. ලෝකෙන් උතුම් රට ලංකාවයි. පව් මේ උතුම් රට මෙතරම් සම්පත් තියන රට විනාස කරන හැටි. විදේශ රටවල දුක් විඳිනකොට තමයි දැනෙන්නේ අපේ රටේ අගේ ,,,(නදී)

:       0       0

ඇතී Monday, 14 October 2013 03:39 PM

ආසියාවේ ආශ්චර්යය නොවේ මේක,පෘථිවියේම ආශ්චර්යය (නි)

:       0       0

තරංග Tuesday, 15 October 2013 08:37 AM

දෑන් ඉතින් බොරුවට කෑගහන්න හදන්න එපා.අපේම බුද්ධිමත් ජනතාව මොනතරම් දුකක් විදලද මෙ වාර්තාව උරුම කරගත්තෙ? අපිටත් ආඩම්බරයි. (නි)

:       0       0

අනුර Tuesday, 15 October 2013 08:40 AM

ඇමති මඩුල්ල නඩත්තු කළවිට අපිට ජීවත් වෙන්න බැරිතරම් බරක් පැටවිලා තියෙන්නේ. කරුණාකර බඩ ගැන නොව රට ගැන හිතන්න දෙසපාලකයිනි. (නි)

:       0       0

රන්ජිත් Monday, 14 October 2013 03:51 PM

ඒ කියන්නේ මේ අය පත්කරපු අපිත් ලෝකයේ නොදෙවෙනිම කට්ටියක් හැටියට ගිනස් පොතට යන්න ඕනෑනේ? (නි)

:       0       0

නීලා Tuesday, 15 October 2013 09:05 AM

මාර සතුටක් දැනෙන්නේ..... (ස)

:       0       0

ගමාද් Monday, 14 October 2013 09:05 PM

නියමයි හුරේ............(නදී)

:       0       0

ක්‍රිෂ් Monday, 14 October 2013 04:02 PM

පිටිගල දැන්නම් ඔයාගේ මොලේ හදිලා වගේ (ස)

:       0       0

දයාරත්න Monday, 14 October 2013 09:21 PM

ඇමති මඩුල්ල පමණක් නොවේ කොයි එකටත් හුරේ තියන මනුස්සයෝ ඉන්න එකම රට ලංකාව කියලත් ගිනස් පොතට එක්වේවි .(නදී)

:       0       0

චානක Monday, 14 October 2013 04:15 PM

කොහොමද ටිකිරි මොලේ! (ස)

:       0       0

සුමනා Monday, 14 October 2013 12:04 PM

කවුරුවත් දොස් කියන්න එපා.ලංකාව වගේ පුංචි රටක් ගිනස් වාර්තාවක් තියන එක සුළුපටු දෙයක්ද? (නි)

:       0       0

සීල Monday, 14 October 2013 12:06 PM

ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යමත් රාජ්‍යයක් කරායාමට උරුමය ලැබීම ගැන හුදී ජනයෙක්‌ වශයෙන් කුමක් (නි)

:       0       0

උපාලි Monday, 14 October 2013 12:08 PM

අපිට ජාතියක් හැටියට කොයිතරම් ආඩම්බරයක්ද? අපි ජන අනුපාතයට ඉන්න මහජන නියෝජිතයෝ ගානෙනුත් හෙට අනිද්දම කඩනවා තවත් ගිනස් වාර්තාවක්. තව තියෙනවා, කෝ මේ ගිනස් කට්ටිය හරියට හොයලා බලන්නේ නැහැනේ. (නි)

:       0       0

ධනංජය Monday, 14 October 2013 12:09 PM

අයියෝ අපේ සල්ලි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2723 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2352 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2930 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5850 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1970 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6658 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18600 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site