බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වෙන ‘සෙල්කොන්’ කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව සුදුසුකම් ලැබූහ. සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
අවසන් මහ තරගය ටි‍්‍රනිඩෑඞ්හි ක්වින්ස් පාක් ඕවල් ක‍්‍රීඩාංගණයේදී හෙට (11) ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රි 7.00 ට ආරම්භ වීමට නියමිතය.
ටි‍්‍රනිඩෑඞ්හි ක්වින්ස් පාක් ඕවල් ක‍්‍රීඩාංගණයේදී අද (10) අඵයම අවසන් වූ පළමු වටයේ අවසන් තරගයෙන් ශ‍්‍රී ලංකාවට එරෙහිව ලකුණු 81 ක (ඩක්වත් ලූවිස් න්‍යායට) ජයක් ලැබූ ඉන්දීය පිල ප‍්‍රසාද ලකුණු 10 ක් ලබා පළමු ස්ථානය හිමිකර ගත්තේය.
ශ‍්‍රී ලංකාව (0.348) සහ බටහිර ඉන්දීය කොදෙව් පිල (-0.383) ප‍්‍රසාද ලකුණු 9 ක් බැගින් ලබා සිටිය ද, ශුද්ධ ලකුණු වේගය අනුව ශ‍්‍රී ලංකාවට දෙවැනි ස්ථානය හිමිවිය.
මෙම තරගයට වර්ෂාවෙන් බාධා පැමිණෙන විට පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ඕවර 29 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 119 ක් රැුස්කර සිටියේය. ඒ අනුව ශ‍්‍රී ලංකා පිලට ජයග‍්‍රහණය ස`දහා ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ඕවර 26 කදී ලකුණු 178 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවිය.
වේගපන්දු යවන බුවනේෂ්වර් කුමාර්ගේ (8/4) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ශ‍්‍රී ලංකා පිල ඕවර 24.4 කදී ලකුණු 96 කට සීමා විය.
ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ඉන්දීය පිලට ආරාධනා කළේය.
ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දු යැවීම හමුවේ ශීකර් දාවන් (15) දැවී යෑමෙන් පසුව රෝහිත් ශර්මා සහ විරාට් කෝලි දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ.
වර්ෂාව හේතුවෙන් තරග තාවකාලිකව අත්හිටුවන විට රෝහිත් ශර්මා පන්දු 83 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 48 ක් ලබා සිටියේය.
රංගන හේරත් දක්‍ෂ පන්දු යැවිමක නිරත වෙමින් ලකුණු 32 කට කඩුලූ 2 ක් දවා ගත්තේය. දිනේෂ් කාර්තික් දවා ගැනීමට රංගන හේරත් යැවූ පන්දුව මෙහිදී විශේෂයෙන් කැපී පෙනුණි. ඇන්ජලෝ මැතිව්ස් (5/1) සහ ලසිත් මාලිංග (7/0) පාලනයකින් යුතුව පන්දු යැවූහ.
වේග පන්දු යවන ක‍්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ 2005 වසරේ නොවැම්බර් මාසයෙන් පසුව එනම් වසර 8 කට ආසන්න කාලයකට පසුව මෙම තරගයේදී එක්දින අන්තර්ජාතික තරගයකට ක‍්‍රීඩා කළේය.
ලකුණු පුවරුව
ඉන්දියාව
රෝහිත් ශර්මා - නොදැවී 48
ශිකර් දාවන් - ඇ. මහේල ජයවර්ධන ප. ඇන්ජලෝ මැතිව්ස් 15
විරාට් කෝලි - ක. මූ. කළා ප. රංගන හේරත් 31
දිනේෂ් කාර්තික් - ප. රංගන හේරත් 12
සුරේෂ් රයිනා - නොදැවී 4
අතිරේක 9
එකතුව ඕවර 29 යේදී කඩුලූ 3 ක් දැවී 119
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ : මුරලි විජේ, රවින්ද්‍ර ජඬේජා, රවිචන්ද්‍රකුමාර් අෂ්වින්, බුවනේෂ්වර් කුමාර්, ඉෂාන්ත් ශර්මා, උමේෂ් යාදේව්
කඩුලූ වැටීම :
1-27(ශීකර් දාවන්), 2-76(විරාට් කෝලි), 3-111(දිනේෂ් කාර්තික්)
පන්දු යැවීම :
ශාමින්ද එරංග: 6-0-27-0, දිල්හාර ලොකුහෙට්ටිගේ: 8-0-40-0, ඇන්ජලෝ මැතිව්ස්: 5-1-05-1, ලසිත් මාලිංග: 3-1-07-0, රංගන හේරත්: 6-0-32-2, ජීවන් මෙන්ඩිස්: 1-0-04-0
ශ‍්‍රී ලංකා
උපුල් තරංග - ඇ. රයිනා ප. කුමාර් 6
මහේල ජයවර්ධන - ඇ. විජේ ප. කුමාර් 11
කුමාර් සංගක්කාර - ක.මු.කළා ප. කුමාර් 0
දිනේෂ් චන්දිමාල්- ස්ට. කාර්තික් ප. ජදේජා 26
ළහිරු තිරිමාන්න - ඇ. කෝලි ප. කුමාර් 0
ඇන්ජලෝ මැතිව්ස් - ඇ. කාර්තික් ප. ජදේජා 10
ජීවන් මෙන්ඩිස් - ප. අශ්වින් 13
දිල්හාර ලොකුහෙට්ටිගේ - ඇ. කාර්තික් ප. ඉෂාන්ත් ශර්මා 6
රංගන හේරත් - ඇ. විජේ ප. ඉෂාන්ත් ශර්මා 4
ශමින්ද එරංග - නොදැවී 2
ලසිත් මාලිංග - ඇ. ජදේජා ප. යාදව් 7
අතිරේක 11
එකතුව ඕවර 24.4 කදී සියළු දෙනා දැවී 96
කඩුලු වැටීම:
1-14, 2-14, 3-27, 4-31, 5-56, 6-63, 7-78, 8-84, 9-87, 10-96
පන්දු යැවීම:
බුවනේශ්වර් කුමාර් : 6-1-8-4, උමේෂ් යාදව් : 4.4-0-28-1, ඉෂාන්ත් ශර්මා : 4-0-17-2, රවින්ද්‍ර ජදේජා : 5-0-17-2, රවිචන්ද්‍රන් අශ්වින් : 5-0-20-1

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ශ්‍රී ලංකා පිලට ජය වේවා! පන්දුවට ඇබරෙන්නෙ නැතුව ගහන්න නම් අනිවාර්යෙන් ආක්‍රමනශීලි ආරම්භයක් අවශ්‍යයි. ඒ වගේම පැරදුන එක ඔලුව තියාගන්නේ නැතුව නෝර්මල් තරගයක් වශයෙන් ක්‍රීඩා කළ යුතුයි. අන්ජලෝගෙන් අපි මේ කුසලානය බලාපොරොත්තු වෙනවා. කරුණාකරලා කෝලිව වැඩි වෙලාවක් විකට් එකේ තියන්න එපා. අඩු ගානේ අපි මේකවත් දිනන්න ඕනෑ. (දී)
අපි මුලින් පන්දුවට පහර දෙනවා නම් හොඳයි. (දී)
අවසාන තරගයට කුසල් සහ සචිත්‍ර ඇතුලත් කර, මහේල දාලා ගස්සලා කොහොම හරි තරගය ජය ගමු (දී)
අනිවාර්යයෙන් අපේ ටීම් එක දිනනවා (දී)
ඊයේ ලංකාවට ලැබුනේ අපහසු ඉලක්කයක්. කොහොම නමුත් ඊලග තරගය දිනන්නට වාසනාව අපේ සිංහයන්ට ලැබේවා! (දී)
මුලින් බැට්කරපු කණ්ඩායම මේ ග්‍රවුන්ඩ් එකේ දිගටම මැච් දිනුවා. ඒත් ටෝස් එක දිනලා බැට් කලේ නැහැ.(නදී)
බලාපොරොතු තියාගන්න එපා, අපේ කට්ටිය ඉන්දියාවට දිනන්න දෙනවා. මේ කට්ටියට අයි.පී.එල් මීට වඩා වටිනවා. මින් මතු කිසිම වටිනා තරගාවලියක් ඉන්දියාවට එරෙහිව මේ කට්ටිය දිනන්නේ නෑ. මම කියන්නේ බොරුනම් ඉදිරියදී බලන්න.(නදී)
මාටින් හරි මට තියෙන ගැටලුව නම් මේ සියල්ල දත් ශ්‍රී ලංකා පිලේ නායකයා ඊයේ තරගයේ කාසියේ වාසිය ලබලා ඉන්දියාවට පන්දුවට පහර දෙන්න ආරාධනා කරපු එකයි (අ)
ක්‍රීඩකයන්ට දොස් කියා පාලකයන්ට ආවැඩීම නිවට කමකි.(අ)
ඩක්වත් ලුවිස් වාසිය ඉන්දියාවට ගියේ ඔවුන්ගේ කඩුලු අඩු ගණනක් දැවී ගිය නිසා. තව මේ විකට් 1 පිතිකරුවන්ට ඉක්මනට ලකුණු ගහන්න අමාරු එකක්. ටිකක් වෙලා ඉදලා ගහන්න ඕනෑ. නමුත් අපිට තිබුන ටාර්ගට් එක නිසා ඉක්මනට ගහන්න ගිහින් අවුට් වුනේ,නමුත් විකට් එක හොඳ එකක් වුනානම් ඕවර් 26 ට 178 ලේසි ටාර්ගට් එකක් කඩුලු 10 ම තියෙන නිසා . සුභ පැතුම්! (දී)
ලාංකිකයෙක් විදිහට අපේ කණ්ඩායමට හෙට තරගය දිනන්න හදවතින්ම සුබ පතනවා !!! බල්ලා ගොනා සහ පිදුරු කතාව මින් මතු ලංකා කණ්ඩායමට වලංගු නොවේවා! (දී)
වහිනවා කියල දන්න්නව ඒ තියද්දීත් කස්බව විය සිදුරෙන් අහස දකිනවා වගේ මැතිව් කාසියවසියත් දිනුව මැච් බලලම අපි ඩක්වත් ලුවිස් දන්නවා අපි මැච් ගහනවට වැඩිය විකුනන්න දන්නවා අපි කවද මේ අවමානෙන් මිදෙන්නද මේ රටවලට වෙලා මෙච්චර කාලයක අපේ රට බිහි වූ අවාසනාවන්ත නායක මැතිව් (අ)
වරුණ දන්නා දේවල්, (අ)
ඉන්දියාව කොහොමත් මේ තරගය පහසුවෙන්ම දිනනවා (දී)
අනේ මන්දා! ඉන්දියාව දකිනකොටත් කලිසම තෙමා ගන්නේ ඇයි අප්පා? (දී)
වරුණ, සනත්, ඔයාලා හරි. අපි ආදරේ නැතුව නෙමෙයි ලංකාවට. දුකයි අපිටත් මේ වෙන දේවලට (දී)
මේකත් ඉන්දියාවට වාසි වෙන විදියට අවසන් වෙයිද දන්නේ නැහැ. (දී)
ජෝන් කියලා තියනවා ඉන්දියාව දිනනවා කියලා. ජෝන් කාටද ජෝන් වැඩ කරන්නේ කියලා දන්නේ නැහැ. ඔබේ අනාවැකිය ගිය සැරෙත් හරියටම හරි ගියා. ඒක නිසාම මේවර අපි ට ජය සිකුරුයි. (නි)
මොහාන්,ඔබ හරියට හරි.මොකද?ප්‍රයෝගික නැති න්‍යායන් හදුන්වලා දුන්නට.මගේ මිතුරෙක් කිවුවා,එක තරඟයකදී එක බෝලයට ලකුණු 21 ගහන්න කිවුවලු. (නි)
ජෝන්,උඹේ අප්පච්චි ඉන්දියන් කාරයෙක්ද ජෝන්. (අ)
මට නම් මේ කෝලි පේන්න බැහැ.. (නි)
පහන් ආන්න හරි අර වැරදිලා ටොයිලට් එකේ දොර අරින්න ගිය එක්කෙනා ගැන නේද ඔයා කියන්නේ. ජයසුරිය මහත්තයෝ ඔයාගේ තිසර ගැන පුද්ගලික තරහවක් තියෙනවනේද මතක නැද්ද එයා අයි.පි.එල්. වලදී තුන් වෙනියට හිටපු ක්‍රීඩකයා කියලා.අනික match දෙකක් වැරදුන කියල කුසල්ව කපන්න එපා. අනිවාර්යෙන්ම තිසර අපේ ටීම් එකේ ඉන්න ඕන.ජීවන් ගෙන් වැඩක් නැහැ.තිසරගේ ෆිල්ඩින් බොලින් බටින්ග් හැම එකම තියෙන කෙනෙක්. (අ)
බොරු කියන්න එපා රේඛා කෝලි හරි හෑන්ඩ්සම්, මම මැච් එක බලන්නෙත් කෝලි අයිය හින්ද, ලංකාවේ අයගේ මොනවා බලන්නද? හරියට බැට් වත් කරනවද? (දී)
අනිවාර්යයෙන් අපි දිනනවා (දී)
ලංකාවට පුලුවන් දිනන්න අපේ කඩුලු රකින සංගක්කාර සහ අනෙකුත් පන්දු රකින්නන් මීට වැඩිය හොදට පන්දු රකින්න ඕනෑ.ජීවන්ත මෙන්ඩිස් අතින් ගිලුහුණ උඩපන්දුව අපට ලකුණු 178ක ලොකු ඉලක්කයක් ලැබීමට හේතුවක් වුනා.එම නිසා ජයග්‍රහණයක් ලබන්න නම් ඒ වැරදි හදාගත යුතුමයි.ජයවේවා ශ්‍රී ලංකා. (නි)
අනේ කොල්ලනේ, අපිව පිස්සෝ කරන්න එපා. ජය වේවා! (නි)
ශක්තිමතව ඉන්න අපේ කොල්ලන්ට ඉන්දියාවට යලිත් වතාවක් ක්‍රිකට් උගන්වන්න වරම් ලැබේවා! අපේ කොල්ලන්ට ජයෙන් ජය පතමු (නි)
මේ වෙනකොට අපි තරගය නම් පරාදයි. අපේ අයට දීපු ඉලක්කය කොහොම හැදුවද දෙවියෝ තමයි දන්නේ. කමක් නැහැ ආපහු එනකොට ෆ්ලයිට් එකේ දොර නම් වැරැද්ද ගන්න එපා අර ඒ ටීම් එකේ පනින්න හදපු පුතා වගේ.(නදී)
මාරයි.
තරගාවලිය පැරදුනත් හිත හදා ගන්න තිබුනා අනාගතය සදහා නවකයන්ට අවස්ථා දුන්නානම්.(නදී)
මේ තරඟය පරාජය වුනත් ඊළඟ තරඟය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට වාසනාව ,ශක්තිය ලැබේවා! (නි)
මම කිව්වා හරි නේද? ජය වේවා ශ්‍රී ලංකා ජය වේවා! (නි)
ඩක්වත් ලූවිස් න්‍යාය සාධාරණද ? (නි)
ඩක්වත් ලුවිස් නියාය ටිකක් අමුතුයි වගේ මේ තරගාවලියට. මේ යන විදියට (කාලගුණ තත්වය) කාසියේ වාසිය ලැබුනොත් කරන්න තියෙන හොදම දේ තමයි පන්දුවට පහර දී මුලින් වැඩිපුර ලකුණු ප්‍රමාණයක් ගන්න එක.මීට පෙර තරගය අපි දිනුවේ ඒ නිසයි.මේ තරගය පැරදුනෙත් ඒ නිසයි. මට තියෙන ගැටලුව නම් මේ සියල්ල දත් ශ්‍රී ලංකා නායකයා ඊයේ තරගයේ කාසියේ වාසිය ලබලා ඉන්දියාවට පන්දුවට පහර දෙන්න ආරාධනා කරපු එකයි (නි)
මම නම් හිතන්නේ අපිට ගොඩක් අසාධාරණකම් වුණා කියලයි (නි)
අපේ අසල්වැසියාට හොඳ තරගයක් දෙන්න.බුවනේශ්වර් කුමාර්ට පොඩ්ඩක් ඉස්සහරට ගිහිල්ලා ගහන්න බැරිද?කොහොමහරි ගහපල්ලා,අපි නිදි මරන් බලන්නේ. අපිට ඕනෑ ශ්‍රී ලංකාව ක්‍රිකට් වලින් උඩ ඉන්නවා දකින්න.ජයවේවා! (නි)
ඔහොම යන් පැරදුන ඒවත් එක්ක අල්ලලා අවසන් තරගයේදී දෙමුබැටේ.ජයවේව (අ)
ලංකාවේ කොල්ලන්ට ජයශ්‍රී.(නදී)
අපේ අයට ඉන්දියානු භීතිකාවක් තියෙන්නේ. මේ ලේසියෙන් ගහන්න තිබුන මැච් එකක්. මෙයාලට ගහලා කොදෙවු එක්ක අවසාන මහා තරඟය සෙල්ලම් කරන්න තිබුනා.දැන් ඉතින් කලින් අවසාන මහා තරඟ වගේ මේකත් පැරදේවි. ඊයේ කට්ටියගෙම මුල ඉඳලම මැච් එක දිනන බලාපොරොත්තුවක් තිබුනේ නැහැ.කොදෙවු එලවලා ඉන්දියාවට ගහන්න ලේසි ඇති නිසා නේ මැච් එක දුන්නේ. ගහමුකෝ බලන්න එහෙනම් හෙට.... (නි)
ජයසුරිය මහත්තයෝ, චන්දිමාල්,තිරිමාන්න,ජීවන් මෙන්ඩිස් ඔය තුන්දෙනාම ටෙස්ට් කණ්ඩායමට දාලා හයක් හතරක් ගහන්න දක්ෂතාවය තියන තිසර,කුසල්,දිල්ෂාන් මුණවීර වගේ අය එක්දින කණ්ඩායමට ආන්න.නැත්නම් ලංකාවේ මිනිස්සු ක්‍රිකට් වලින් ඇත් වෙනවා. ඔයා,අරවින්ද,කළු,අර්ජුනලා සෙල්ලම් කරද්දී අපි මොන තරම් ආසාවෙන්ද මැච් බැලුවේ? දැන් ටීම් එකේ එක්දින මැච් ගහන අයට ඕනෑ විකට් එක බේරගන්න විතරයි,ලකුණු ඕනෑ නැහැ (නි)
මේ තරගයේ ජයග්‍රහණය ගිලිහුනේ සංගක්කාරට දුන්න වැරදි තීන්දුව නිසයි. විනිශ්යකරුවාගේ තීරණය නිවරදි වුනා නම් තරගය මීට වඩා වෙනස් වෙන්න තිබුනා. කුලසේකර නැති එකත් ලොකු පාඩුවක් වුනා. මේ වගේ තීරණාත්මක තරගයකදී තේරීම් කමිටුව මීට වඩා සැකිලිමත් විය යුතුයි. (නි)
මම නම් කියන්නේ මුලින්ම ඔය ඩක්වට්ටයි ලුවිස්ටයි ගහන්න ඕනෑ (නි)
මොහාන් ඩක්වත් ලුවිස් කියන්නේ යාලුවෝ දෙන්නෙක්නෙ දෙන්න වැස්ස දවසක හොදට ගහල තම ඕක හදල තියෙන්නේ .ඒකනේ අවුල් (අ)
ශ්රී ලංකා ඒ පිලේ හොදට සේලං කල ක්‍රීඩකයින් (පිතිකරුවන් )දෙදෙනෙකු චන්දිමාල් සහ තිරිමාන්න වෙනුවට කැදවන්න (අ)
අපි ඉන්දියා කණ්ඩායමට ඇඹරෙන එක ඇත්ත. ඒත් විකට් එක ඉතා අපහසු එකක් අපි ගහනකොට. මම හිතන්නේ වැස්සෙන් පස්සේ ඒක වෙනස් වුනා. මට නම් චන්දිමාල් ගහපු 26, 126 වගේ හිතෙන්නේ.කොහොම වුනත් හෙට බලමු (නි)
මේකත් ඉතින් අනිත් මහා අවසන් තරගවල් වගේ තමා. මොකද ඉන්දියව ලංකාව එක්ක ෆයිනල් ආවම අනිවාර්යෙන්ම දිනනවනේ. (නි)
අපිනම් දිනුවත් පැරදුනත් හදවතින්ම ශ්‍රී ලංකිකයි . ඒ උනාට පරදිනකොට දුකයි .(අ) .
මේකත් ඉන්දියාව දිනනවා ..පට්ට ෂුවෙර් ..!!අපිට මුදල් ප්‍රශ්නයක් නැහැ .(අ)
රසල් ආනල්ඩ් හොද මම කැමති විචාරකයෙක්. එතුමා 7,8 ගමනක්ම කිව්වා චන්දිමාල්, තිරිමාන්න ලංකාවේ අනාගත ක්‍රිකට් කියලා. මෙතන කොමෙන්ට් දාන අයටත් ඇහෙන්න ඇති මටනම් හිතෙන්නේ අනාගතේ අදුරුයි කියලා.(නදී)