IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාව කඩුලු 8 කින් එංගලන්තය පරදවයි

(යොහාන් භාසුර  බැංගලෝර් සිට)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 25 වැනි තරගය ලෙස බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී අද (26) පැවැති තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8 කින් එංගලන්ත පිල පරාජය කරමින් විශිෂ්ට ජයක් ලැබීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පිල මෙවර ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග පහේදී ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය වන අතර ශ්‍රී ලංකා පිල මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු 4 ක් සමගින් ලකුණු සටහනේ 5 වැනි පස්වැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීය.

ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණයට පෙර ප්‍රසාද ලකුණු 2 කට - 1.048 ක ශුද්ධ ලකුණු වේගය සමගින් ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ පසුවිය. ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 154 ඉලක්කය ඕවර 25.4 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමෙන් ශුද්ධ ලකුණු වේගය - 0.205 ක් දක්වා ඉහළට ගෙන ඒමට සමත් වූහ.

පැතුම් නිස්සංක (නොදැවී 77) සහ සදීර සමරවික්‍රම (නොදැවී 65) තෙවැනි කඩුල්ලට ලකුණු 137 ක නොබිදුනු සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණය පහසු කළහ.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් කිරුළේ ආසන්නතම හිමිකරුවන් වන එංගලන්තය, ශ්‍රී ලංකාව හමුවේ ලැබූ මෙම පරාජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානය දක්වා තල්ලු වීමෙන් අවසන් පූර්ව තරග බලාපොරොත්තු තවදුරටත් ඈත්විය.

එංගලන්ත පිල ඕවර 33.2 කදී සියලු දෙනා දැවී 156 (ජොනි බෙයාස්ටෝ 30, ඩේවිඩ් මලන් 28, මුයින් අලී 15, බෙන් ස්ටොක්ස් 43, කසුන් රාජිත 36/2, ඇන්ජලෝ මැතිව්ස් 14/2, ලහිරු කුමාර 35/3) ශ්‍රී ලංකා පිල ඕවර 25.4 කදී කඩුලු 2 ට 160 (පැතුම් නිස්සංක නොදැවී 77, සදීර සමරවික්‍රම නොදැවී 65, ඩේවිඩ් විලි 30/2)



අදහස් (2)

ශ්‍රී ලංකාව කඩුලු 8 කින් එංගලන්තය පරදවයි

Muthu Thursday, 26 October 2023 09:48 PM

මේ දිනුම වැඩක් නෑ. එංගලන්තේ ඇෆ්ගනිස්තානේටත් පැරදුණා ලකුණු 69 කින්... හරි හමන් මැච් එකක්වත් ලංකාවට තාම, දිනන්න බැරිවුණා. දකින්න ඕන දේ තමයි, අපි ඉන්නේ හුඟක් පහළ බව. ඇෆ්ගනිස්තානේ ලංකාව වගේ පහසුකම් සල්ලි නෑ. අඩු ගානේ හොඳ පිට්ටනිවත් නෑ. නමුත් ඔවුන් නැගිටලා එනවා. ඒ රහස අපිට හොයාගන්න බැරිද?

:       3       7

ssfsfsffss Friday, 27 October 2023 07:25 AM

කුසල් පෙරේරා කැදවිය යුතුයි දිමුත් කරුණාරත්න වෙනුවට

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 715 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 158 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1026 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 1317 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 1464 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 2110 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39719 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25827 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 44 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 377 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1241 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site