IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ශ්‍රී ලංකාව කිසිවකු නොදැවී 80යි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (2) ආරම්භ වූ ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කිසිවෙක් නොදැවී ලකුණු 80 ක් රැස්කර සිටියේය.

ආරම්භ පිතිකරුවන් වන නිශාන් මධුෂ්ක (නොදැවී 36) සහ දිමුත් කරුණාරත්න (නොදැවී 42) පන්දුවට පහර දෙමින් සිටියහ.

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානු පිල ලකුණු 198 කට සීමා කිරීමට සමත් වූහ.

වමතින් වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකා පිලේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වෙමින් ලකුණු 51 කට කඩුලු 4 ක් දවාගත්තේය.

රහමට් ෂා අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 139 කදී හතරේ පහර 13 ක් සමගින් 91 ක් ගස්කර දැවී ගියේය.  

ශ්‍රී ලංකා පිලේ නායක ධනංජය ද සිල්වා කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ඇෆ්ගනිස්ථානයට ආරාධනා කළේය.

දකුණතින් වේග පන්දු යවන 24 හැවිරිදි චාමික ගුණසේකර මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් අතර චාමික ගුණසේකර, ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 165 වැනි ක්‍රීඩකයා බවට පත්විය.

හෙට (3) තරගයේ දෙවැනි දිනයයි.

ඇෆ්ගනිස්තානු පිල පළමු ඉනිම ඕවර 62.4 කදී සියලු දෙනා දැවී 198

(නූර් අලී ශද්‍රාන් 31, රහමට් ෂා 91, හෂ්මතුල්ලා ශහිදි 17, ඉක්‍රම් අලිකිල් 21, කුයිස් අහමඩ් 21, අසිත ප්‍රනාන්දු 24/3, විශ්ව ප්‍රනාන්දු 51/4, ප්‍රභාත් ජයසූරිය 67/3)

ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 14 කදී කිසිවකු නොදැවී 80

(නිශාන් මධුෂ්ක නොදැවී 36, දිමුත් කරුණාරත්න නොදැවී 42)



අදහස් (0)

ශ්‍රී ලංකාව කිසිවකු නොදැවී 80යි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 30 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 349 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 209 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 495 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 373 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1123 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38903 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site