IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ශ්‍රී ලංකාව ‘බ්‍රික්ස්’ හවුලේ සාමාජිකත්වය ගත යුතුයි

(යොහාන් භාසුර)

ලෝක දේශපාලනික වර්ධනයේ සුවිශේෂි සන්ධිස්ථානයක් ලෙස සැළකෙන 2006 වසරේදී පිහිටුවූ ‘බ්‍රික්ස්’ හවුලේ සාමාජිකත්වය ශ්‍රී ලංකාව ගතයුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා උදය ගම්මන්පිල මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් අද (25) යොමු කර තිබේ.

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය යන රටවල් එක්ව ‘බ්‍රික්ස්’ හවුල පිහිටුවූ බවත් ‘බ්‍රික්ස්’ සන්ධානයේ වර්තමාන සාමාජික රටවල් සමඟ සාකච්ඡා කර ශ්‍රී ලංකාව එම සන්ධානයේ සාමාජිකත්වය ගැනීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් එම පියවර ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අර්බූදයෙන් මිදීම සඳහාත්, ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පිහිටීමේ වාසිය උපයෝගී කරගනිමින් ආර්ථික සමෘද්ධිය ලඟා කරගැනීම සඳහාත් බෙහෙවින් උපකාරි වනු ඇති බවත් එම ලිපියේ සඳහන් වේ.

එම සංවිධානය ආරම්භයේදී ‘බ්‍රික්ස්’ සන්විධානය ලෙස හැදින්වුවද 2010 වසරේදී දකුණු අප්‍රිකාව සාමාජික රටක් බවට පත්වීමත් සමඟම එය ‘බ්‍රික්ස්’ සන්ධානය ලෙස හැදින්වූ බවත් එම සන්ධානය ජොහැන්ස්බර්ග්හිදී පසුගියදා පැවැත්වූ සමුළුවේදී ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය, ආජන්ටිනාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය යන රටවල් හයට එම සන්ධානයේ පූර්ණ සාමාජිකත්වය දීමට තීරණය කර ඇති බවත් ගම්මන්පිල මහතා යොමු කළ ලිපියේ සඳහන් වේ.

වර්තමාන ‘බ්‍රික්ස්’ සාමාජික රටවල් පහ සැළකීමේදී ලෝකයේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 27 ක් නියෝජනය කරන අතර නවතම වාර්තා අනුව ලෝක ජනගහනයෙන් සියයට 42 කට වඩා වැඩි ප්‍රතිශතයක් ද මෙම රටවල් සමූහය නියෝජනය කරන බව කියන උදය ගම්මන්පිල මහතා ලෝක දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 27 කට වැඩි දායකත්වයක් ‘බ්‍රික්ස්’ රටවල් දරන බව ද සඳහන් කරයි.



අදහස් (4)

ශ්‍රී ලංකාව ‘බ්‍රික්ස්’ හවුලේ සාමාජිකත්වය ගත යුතුයි

Nimal Saturday, 26 August 2023 07:19 AM

මේ හවුලට බැඳෙන යෝජනා කරන්නේ එයිනුත් තව ණය ඉල්ලන්නද? මෙම හවුලට අයත් වන්නේ සීඝ්‍ර දියුණුවක් ලැබූ රාජ්‍යයන්ය. අපට ඒ අහලකින්වත් සිටිය නොහැකිය.

:       18       2

Anura Nanayakkara Saturday, 26 August 2023 08:19 AM

උදය ගම්මන්පිල මහතාට කතාකරන්න දෙයක් නැතිව බහුබූත දොඩවනවා. උදය පාර්ලිමේන්තුවට සුදුසු කෙනෙක් නෙවෙයි.

:       31       9

Champika Saturday, 26 August 2023 09:45 AM

බ්‍රික්ස් එකට මෙයාවගේ කෙනෙක් ගත්තොත් ඒකත් ඉවරයි...

:       35       9

wimal Saturday, 26 August 2023 12:39 PM

මේක ගොඩක් කල්පනාවෙන් කරන්න ඕනෑ දෙයක්... නැතිනම් කබලෙන් ලිපට. යුරෝපයේ සහ ඇමෙරිකාවේ අපනයනය කරන දේවල් නතර කළොත් රටේ මිනිස්සු කන්නේ අලද?

:       1       45

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිසට පහරදී අයෙක් මරලා
2024 ඔක්තෝබර් මස 14 75 0

හිසට පහර දීමකින් ඇතිවූ බරපතල තුවාලයකින් ලේ ගලමින් පුද්ගලයෙකු නිවසේ ඇඳක් මත මියගොස් සිටියදී සොයාගත් බව මාදම්පේ පොලීසිය කියයි.


ඊශ්‍රායල හමුදා කඳවුරට හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 14 120 0

ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100


පාලන මිලට බැරිනම් සහල් අලෙවිය වර්ජනය කරනවා
2024 ඔක්තෝබර් මස 14 319 0

පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය පවසයි.


පොහොර සහනාධාරය අද සිට
2024 ඔක්තෝබර් මස 14 72 0

රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද සිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ශිෂ්‍යත්වය ගැන කොමසාරිස්ගේ තීරණය
2024 ඔක්තෝබර් මස 14 324 0

ආන්දෝලනයට තුඩු තුන් 2024 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය යළි නොපැවැත්වීමට තීරණ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.


ත්‍රිරෝද රියදුරු මරා පුංචි ලෝකාන්තයට දාලා
2024 ඔක්තෝබර් මස 14 446 0

හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකු මඩොල්සිම පුංචිලෝකාන්තය අසල ට රැගෙන ගොස් පහරදී සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ ප්‍රපාතයට ඇද විසිකර දෑමූ බව ක


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 370 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 438 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1391 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site