චීනය සමඟ ගනුදෙනු කරද්දී, කල්පනාවෙන් කටයුතු කරන බවත්, අසල්වැසි ශ්‍රී ලංකාව මෙන් අමාරුවේ නොවැටීමට වගබලා ගන්නා බවත් බංග්ලාදේශය පවසයි.
බංග්ලාදේශය වෙනුවෙන් 'අයි.බී. ටයිම්ස්' පුවත්පතතට මෙසේ අදහස් දක්වා ඇත්තේ, බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනාගේ විදේශ කටයුතු පිළිබඳ උපදේශක ලෙස කටයුතු කරන ගවුහර් රිස්වි ය.
දිළිඳු මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් කීපයක් මේ වනවිටත් චීනයේ 'ණය උගුලට' හමුවී ඇති බවත්, ඔවුන්ට චීනයේ බලපෑමට යටත් වීමට සිදුවී ඇති බවත් ගවුහර් රිස්වි පැහැදිලි කර තිබේ.
චීනය සමඟ ගනුදෙනු කරද්දී ශ්‍රී ලංකාව අමාරුවේ වැටුණු හැටි හොඳින් අවබෝධ කර ගනිමින් සහ එයින් පාඩම් ඉගෙන ගනිමින් චීනය සමඟ ගනුදෙනු කරද්දී බංග්ලාදේශ රජය ඉතා කල්පනාවෙන් කටයුතු කරනවා යැයි ද ගවුහර් රිස්වි අවධාරණය කර තිබේ.
අයි.බී. ටයිම්ස් ඇසුරිනි
දැනට විදේශයක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උනාකෝරුවේ ජපන් ශාන්ත සහ දැනට බන්ධනාගාර ගතවසිටින පොඩි ලැසී නැමැත්තාගේ නීති විරෝධි ගිනි අවි ළග
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000 නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව වගේ ණය උගුලක පැටළෙන්නේ නෑ
amara Saturday, 27 March 2021 07:13 AM
බංගලිදේශයට ජයවේවා..!!!
NMSaturday, 27 March 2021 01:36 PM
චීනය යනු ඕනම රටක් සමග පළමුව දේශපාලකයන් සමග මිතුරුකමක් ගොඩනගා ගැනීම වේ. ඉන්පසු මිතුරු වූ රටේ අභ්‍යන්තරය ඉතාම හොඳින් විශ්ලේෂණය කර තිබෙන්නා වූ අඩුපාඩු සහ සම්පත් පිළිබඳ අවබෝධයක් ලබා ගනී. දෙවනුව පරිත්‍යාග ලබාදී එම රටවල සිටින්නා වූ මෝඩ අවස්ථාවාදී බලයට කෑදර දේශපාලකයින් ඔවුන්වෙත නැඹුරුකර ගැනීමෙන් පසු අතයට ගනුදෙනු පවා සිදුවේ. ඉන්පසු එම රටේ ඕනෑම ප්‍රශ්නයක් සඳහා චීනය මැදිහත් වේ. (විශේෂයෙන් විදේශීය අර්බුදවලදී) මෝඩ දේශපාලකයින් සිතන්නේ චීනය අපේ අතිජාත මිතුර කියායි. රටේ ඕනෑ එපාකම් වලට සහ අතමිට හදිසි මුදල් හුවමාරුවකට වුවත් ඕනෑම අවස්ථාවක පැමිණෙන මේ අතිජාත මිතුරාට ඉල්ලන ඕනෑම දෙයක් ලබාදීමට අපේ මෝඩ දේශපාලකයන් සූදානම්ය. එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමාන නායකයින් කොළඹ අවට ප්‍රදේශය සහ හම්බන්තොට වරායද චීනාට අත්පිට මුදලට ලබා දුනි. චීනාට විකුණා තිබූ හම්බන්තොට වරාය නැවත 99 අවුරුදු බදු ක්‍රමයට ලංකාවට ලබා ගත්තේ යහපාලන රජය විසිනි. නමුත් චීනය මේ වනවිට අර්බුද ගණනාවකට මැදිහත්ව සිටි. ඉදිරි වසර 10- 20ක කාලය තුල ආසියාවේ චීන අාධිපත්‍ය වෙනස්ව ඉන්දියාව චීනය පසුකර යනු ඇත. මේ වනවිට ලෝකයේ බලවත් රටවල් සිටින්නේ ඉන්දියාව සමගය..
ජයන්ත මිලානො Saturday, 27 March 2021 07:50 AM
නිදහසෙන් පසු දේශපාලකයින් ලබා අැති දියුණුව දකින අය කොහොමද ලංකාව ගැන එහෙම කියන්නේ? අපේ දේශපාලකයින් බුද්ධිමත් රට විකුණ විකුණා සල්ලි කරනවා. රට ආර්ථිකය ශක්තිමත් කරන්න මුලු ලෝකයටම අපේ ශ්‍රම බලකාය විකුණනවා. දැන් කෝවිඩ් වලිනුත් අපේ දේශපාලකයින්ගේ මිතුරු ආර්ථිකය ශක්තිමත් කරගෙන යනවා. එහෙව් බුද්ධිමත් 69 ලක්ෂයකට අධික බුද්ධිමත් ජනතාවක් ඉන්න රටක් ලංකාව... බංග්ලාදේශ අැමැතිවරුනි ඔබලාගේ මොලය හොඳ මදියි වගේ...
srila Saturday, 27 March 2021 07:55 AM
මේ යන විදියට අපිට බංග්ලාදේශයෙන් ණයක් ගැනීමට නොබෝ දිනකින්ම හේතු වාසනා වේවි..!!!
senaSaturday, 27 March 2021 09:57 AM
එය දැනටමත් වී හමාරයි. මෑතකදී අගමැතිතුමා බංග්ලාදේශයට ගොස් ඩොලර් සඳහා SWAP පහසුකම් ඉල්ලා ඇත.
Lanka Saturday, 27 March 2021 07:57 AM
පැටලුණා නොව අපේ පාලකයෝ රට පැටලුවා... ලෙස නිවැරැදි කරන්න.
Rata Perata Saturday, 27 March 2021 08:15 AM
ඒකට අපේ අය.. ඊයේ, පෙරේදා බංගලිදේශයට ගිහින්වත් මේ පාඩම ඉගෙන ගත්තද දන්නේ නැහැ. පක්ෂ, පාට බලන්නේ නැතිව.. අත්තනෝමතිකව ණය ගත්ත ඔක්කෝටම දඬුවම් දෙන්න ඕනෑ.
ලුම්බිණි Saturday, 27 March 2021 08:54 AM
රජයට උදව් කරගෙන ඉන්න අපේ වියතුන්ට මේ ප්රශ්නය නොතේරෙන්නේ වියත්කම වැඩි නිසා වෙන්න ඇති...
banda Saturday, 27 March 2021 09:42 AM
චීනය කියන්නේ මේ ලෝකයේ අසික්කිතම රටකි. ගමේ ඉන්න ගිනි පොලී කාරයා වගේ. චීනයට විරුද්ධව මුලු ලෝකයම නැගී සිටින දිනය වැඩි ඈතක නොවේ.
Nihal Saturday, 27 March 2021 02:33 PM
එයාලා බලෙන් දුන්නේ නෑනේ...
විපරමා Saturday, 27 March 2021 09:42 AM
බලලෝභී, බඩගෝස්තරවාදී නායකයන් අපේ රට ණය උගුලකට ඇදලා දැම්මා. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරලා හමාරයි..
මුදියන්සේ Saturday, 27 March 2021 09:51 AM
දැන් ශ්‍රී ලංකාවට ඒ උගුලෙන් බේරෙන්න බැහැ. ලංකාව චීනයේ කොලනියක් වෙලා හමාරයි. රාජපක්ෂලා රට විකුණලා ඉවරයි. අනාගතයේදී ශ්‍රී ලංකාව වෙනුවට චීන්ලංකා වෙන එක හොඳටම දන්නා දෙයකි. ඔය පෝට් සිටි එකේ චීන ආයෝජකයින්ට පමණක් කරයි.. අනාගතයේදී චීන්නු විතරයි ..
SUNIL MILANO Saturday, 27 March 2021 10:57 AM
තමන්ගේ මව්බිම අගාධයට යනවා බලාගෙන ඉන්න කාලකණ්ණි පිරිසක් ඉන්න එකම රට තමයි ලංකාව...
කැලුම් Saturday, 27 March 2021 12:47 PM
හම්බන්තොට වරාය චීනයට අවුරුදු 140කට බදුදීමෙන් පසුවයි, අප රට චීන නය උගුලක හිර වූයේ. එම ගනුදෙනුව සිදු කළේ යහපාලන ජනාධිපති යටතේ තිබූ ලිච්ඡවි රාජ්‍ය සමයේදීය. රාජපක්ෂ පාලන සමයක් එකල තිබුණේ නැත. මෙය ලියා එව්වේ බොහෝ අයට අමතක වී ඇති ඇත්ත මතක් කර දීම සඳහා පමණි.
සෙනෙවිරත්න Saturday, 27 March 2021 04:31 PM
කැලුම් මහතා, රාජපක්ෂවරු කරපු තකතීරු වැඩ ශුද්ධ කරලා චීන ණය උගුලක් ගැන කතාවක් නැහැ. රටට ආදායමක් නැති ව්‍යාපෘති වන මත්තල ගුවන් තොට, හම්බන්තොට වරාය, වලට ණය ගෙවන්න බැරිව තමයි මේ අර්බුදය මෑතක නෙලුම් කුළුණ, ණය ගෙවන්න තවත් ණය ගන්නවා. මේක ලංකාවේ මෝඩ ආර්ථික ඔස්තාර්ලා රාජපක්ෂවරු පුම්බන්න කරපු ඒවයේ ප්‍රතිඵල...
සෙනෙවිරත්න Saturday, 27 March 2021 04:34 PM
රාජපක්ෂවරු නැව් නැති වරාය හදල ණය වාරික ගෙවන්න වෙච්ච එක නෙවෙයිද?
කපිල හේවාSunday, 28 March 2021 09:45 AM
ඔබ දන්නවද හම්බන්තොට වරාය හැදුවෙම චීනෙ උවමනාවට කියල.වරාය විතරක් නෙමෙයි ඒ ආශ්රිත අක්කර 15000ක් ඒ ව්‍යාපෘතියට අයිතියි .මත්තල නෙලුම් කුළුණ කියන්නෙත් චීන වුමනාවන්.අපේ දේශපාලකයන්ගෙ සංදර්ශණකාමී වුවමනාවන් චීනය නියමෙට පාව්ච්චි කළා.අපේ තියෙන මෝඩ බටහිර විරෝධයෙන් චීනය නියමෙට වැඩ ගත්ත.
senaka Saturday, 27 March 2021 01:02 PM
මෙතරම් අවාසනාවන්ත තත්වයට රට පත්වීමට පාලකයන් සේම පාලිතයන්ද වගකිව යුතුයි. රට ගැන නොසිතා අද දවසේ ලාභය ගැන පමණක් සිතන ජාතියකට ලැබෙන උරුමයයි මේ... අද දවසේද දේශපාලන කණ්ණාඩියෙන් ප්රශ්නදෙස බලනවා මිස ප්‍රඥාවෙන් ඒ දෙස බැලීමට තරම් බුද්ධියක් බහුතරයකට නැත. තව දේ්වල් සිදුවීමට නියමිතව ඇත. අපට ජාතියක් වශයෙන් ලැජ්ජා වෙනවා. හැරෙන්නට අනෙකක් නැත. අපි ප්‍රභාකරන්ගෙන් රට බේරාගෙන ලෝකෙටම විකුණාදැමූ පෞඩ ජාතියක් වෙමු.
Chathura Saturday, 27 March 2021 02:16 PM
රටේ ආදායමට වඩා වියදම වැඩියි. ඒක නිසා රටේ පාරවල් වතුර, විදුලිය වෙනුවෙන් වියදම් කරන්න මුදල් නැහැ. ඒක නිසා මේ පහසුකම් ඕනෑ නැහැ කියලා රජයට කියමු. නමුත් කවුරුවත් කියන්නේ නැති දේ තමයි ලෝකේ දියුණු කියන බොහෝ රටවල් ආදායමට වඩා ණයයි කියන එක...
JayaSunday, 28 March 2021 08:01 AM
රටක ණය ප්රශ්නයේ බරපතලකම තීරණය වන්නේ අදායමට වඩා ණය වැඩි කමෙන් නොවෙයි එම ණය ආපසු ගෙවීමේ හැකියාව මත. ඔබ ඔය කියන දියුණු රටවලයි ලංකාවෙයි වෙනස එයයි.
Vipul Saturday, 27 March 2021 03:31 PM
චීනය මුලින්ම කරන්නේ අදාල රටේ පාලකයාට කෝටි ගණනින් අල්ලස් දෙන එකයි. දැනට චීන ණය උගුලට අසුව ඇති රටවල පාලකයින්ගේ ස්විස් ගිණුම් සී ශෙල්ස් ගිණුම් පරීක්ෂා කිරීමට අවස්ථාවක් ලදහොත් මේ බව හෙළිවනු ඇත. පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම කියා පපුවට ගසා ගන්නන්ගේ නිරුවත මෙයයි.
සෙනෙවිරත්න Saturday, 27 March 2021 04:32 PM
එන්න අපි අනුර කුමාරගේ වැඩ ගැන කතාකරමු...
රට වැසිය Sunday, 28 March 2021 07:56 AM
අපිට අපේ රට ගැන දුකයි - ලැජ්ජයි. මේ දේශපාලඥයෝ රැල රට විනාශ කරලා ඉවරයි - ලෝකයේ කොහේ හරි චිනගෙන් ණය අරන් බංකොලොත් වෙච්ච රටවල් ගැන කථා කරොත් උදාහරණයට ගන්නේ ලංකාව
විජේ Sunday, 28 March 2021 08:21 AM
රිස්විට වැරදිලා. අපි ණය උගුලක වැටිලා නෑ, පක්ෂ බේදයකින් තොරව අපි ඒක කරන්නෙ විනෝදාංශයක් හැටියට. මිත්‍ර රටවල් එක්ක තියන ෆිට් එකට සල්ලි ඉල්ලන්,
Sujith Sunday, 28 March 2021 10:44 AM
අපි මෙතන එකා එකා මරා ගත්තට වැඩක් වෙන්නේ නෑනේ. ඇත්තටම අපි කොහොමද රටක් විදියට චීනේ මේ උගුලෙන් ගැලවෙන්නේ දැන්? මට කිසිම පක්ෂයක් නැත. මේ දකින දේවල් ගැන දුකයි. ඇත්තටම අපිට ගොඩ එන්න පුළුවන් විදියක් මොකක්ද දැන් ඉතුරු වෙලා තියෙන්නේ?
සමන්ත Sunday, 28 March 2021 06:14 PM
මෙහි NM ලෙස අදහස් දක්වා ඇති තැනැත්තා කවුද කියා නොදන්නා නමුත් ඔහු ඉතාම නිවැරදි ලෙස වර්තමාන ආර්ථික තත්වය සහ චීන උපාය මාර්ග ගැනත්, අනාගත ඉන්දියානු ආර්ථිකය ගැනත් අදහස් දක්වා ඇත.ඒ කරුණු සත්‍යය කරුණුය.මා මෙහිදී එකක් කියමි. ඒ නම් අප රට චීනයේ පමණක් නොව ලෝකයේම ණය උගුලක හිර කලේ රාජපක්ෂලා සමග කබ්රාල්, ජයසුන්දර, වැනි ආත්මාර්ථකාමී නඩයක් ය. ඉදිරි පරම්පරා සියල්ල ඔවුන් චීනයට පාවා දී ඇත.දැන් ආයෙත් ඔවුන් ඒ දේම කරනු ලබයි. අපි බලා ඉමු.
සමන්ත Monday, 29 March 2021 04:08 AM
මෙහි අදහස් දක්වා ඇති තැනැත්තා කවුද කියා නොදන්නා නමුත් ඔහු ඉතාම නිවැරදි ලෙස වර්තමාන ආර්ථික තත්වය සහ චීන උපාය මාර්ග ගැනත්, අනාගත ඉන්දියානු ආර්ථිකය ගැනත් අදහස් දක්වා ඇත. ඒ කරුණු සත්‍ය කරුණුය. මා මෙහිදී එකක් කියමි. ඒ නම් අප රට චීනයේ පමණක් නොව ලෝකයේම ණය උගුලක හිර කලේ රාජපක්ෂලා සමග කබ්රාල්, ජයසුන්දර, වැනි ආත්මාර්ථකාමී නඩයක්ය. ඉදිරි පරම්පරා සියල්ල ඔවුන් චීනයට පාවා දී ඇත. දැන් ආයෙත් ඔවුන් ඒ දේම කරනු ලබයි. අපි බලා ඉමු.
chiran Monday, 29 March 2021 10:16 AM
චීන බංකොළොත් වෙන්න අපිට ණය දීලා..