(තිළිණි ද සිල්වා සහ ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 6කට අද (20) අත්සන් තැබු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බංග්ලාදේශ නිල සංචරය පිලිබද ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය කියා සිටී.
මෙම ගිවිසුම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එරට අග්‍රාමාත්‍ය ශේයික් හසීනා මහත්මිය ඉදිරියේ අත්සන් තැබිණි.
ඒ තරුණ කටයුතු සංවර්ධනය ශක්තිමත් කිරීම, කෘෂිකාර්මික පරියේෂණ, වෘත්තීය දැනුම හුවමාරු කරගැනීම, සෞඛ්‍ය හෙද කාර්ය මණ්ඩල පුහුණුකිරීම, අන්තර්ජාතික සහයෝගිතා අධ්‍යයනය සහ 2021 සිට 2025 දක්වා අන්තර් හුවමාරු සංස්කෘතික වැඩසටහන් සඳහා මෙලෙස දෙරට අතර අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තබා ඇත.
ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්විමට අග්‍රාමාත්‍යවරුන් අතර ප්‍රථම හමුව පැවැත්වුණේ ඩකා අගනුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ වන අතර මෙහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශ අගමැතිනියට ශ්‍රී ලංකාවේ සංචාරයකට ආරාධනා කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
එහිදී ආර්ථික, ආයෝජන, වෙළෙඳ, තාක්ෂණ, කෘෂි සහ ධීවර කර්මාන්තය හා දේශපාලන සබඳතා ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.
බංග්ලාදේශ අගමැතිනිය මෙහිදී පවසා ඇත්තේ, සාක් සංවිධානයේ කොවිඩ්-19 හදිසි අරමුදල යටතේ වසංගතය පාලනය කිරීමට අදාළ වෛද්‍ය උපකරණ තොගයක් නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බවය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ දේශගුණයට ගැලපෙන බංග්ලාදේශ වි ප්‍රභේද ලබාදීමටත් මිරිදිය කර්මාන්තය දියුණු කිරීම සඳහා සහයෝගය ලබාදීමටත් එකඟත්වය පළකර තිබේ.
තවද, ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සහ මිනිස් ජාවාරම මැඩලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳවද දෙරට එකඟතාවක් ඇතිකරගත් බවය.
දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතා සඳහා 2022දී වසර 50ක් සම්පූර්ණ වීම හා ඒ ඔස්සේ පුළුල් දේශපාලන සබඳතාවක් ශක්තිමත් කරගැනීම පිළිබඳවත් මෙහිදී අදහස් හුවමාරු වි තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 දා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් මෙන්ම රැකියාව සහ ව
පෙර පාසලේ නැටුම් පුරුදු වීම සඳහා තම දියණිය සමග යතුරු පැදියකින් ගමන් කල කාන්තාවකගේ යතුරුපැදිය , වෙනත් යතුරු පැදියකින් පැමිණ හප්පා දමා, ඇය දරුවා සමග කානු
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ මහතා පත්කර ඇත.
ශාරීරික අභ්‍යාස කිරීම සඳහා යමින් සිටියදී වත්තේගම නගරයේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වූ ලක්ෂ්මන් බණ්ඩාර මොළගොඩ (58) යන අය යටකර මරා දමා පළාගොස් සැඟව සිට
තම ආදරය වෙනුවෙන් අවුරුදු 3 කට ආසන්න කාලයක් තුළ කිලෝ මීටර් 200 ක් දුරක් ගෙවමින් ඝන වනාන්තර පසු කරමින් සිය පෙම්වතිය වෙත පැමිණි බොරිස් නම් සයිබීරියානු කොටිය
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් හයක්
Senaka Saturday, 20 March 2021 03:40 PM
ආයෝජන කියනකොට තමයි බය හිතෙන්නේ...!!!
Sanka Sunday, 21 March 2021 02:22 AM
දැන් අපි බංග්ලාදේශයෙනුත් කොවිඩ් ආධාර ගන්නවා... ආඩම්බරයි...
fairoos Sunday, 21 March 2021 07:11 AM
හා හා බංගලියෝ අපිට ණය වෙනවලු. නියමයි සර්...