ප‍්‍රවීන රංග ශිල්පී ශ්‍රීනාත් මද්දුමගේ නිරන්තරයෙන් සිනමා නිර්මාණවලට සහ වෙනත් නිර්මාණවලට දායක වුවද ඔහු පදිංචිව සිටින්නේ ඔස්ටේ‍්‍රලියාවේය. ජීවිතයටත් වඩා කලාවට ආදරය කරන කලාකරුවකු ලෙස ඔහුට මේ ශ්‍රී ලංකා භූමියෙන් ඈත්ව සිටීම වේදනාකාරී අත්දැකීමක් විය හැකිය. එහෙත් කලාකරුවකු ලෙස ඔහු එරටදීද නිරන්තරයෙන් සක‍්‍රීයව සිටින කලාකරුවෙකි. එරටදී පැවැත්වෙන විවිධ ප‍්‍රසංග සහ කලා අංශයේ ප‍්‍රසංගවලට ඔහු නැතිවම බැරි චරිතයක්ව සිටී. රැුඟුමෙන්, ගැයුමෙන් මෙන්ම කලා අංශයේ බොහෝ දේ කෙරෙහි ඔහු සතු හැකියාව ඊට හේතුවය. ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර වූ සංස්කෘතික බැඳීම උදෙසා, එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසකගෙන් සමන්විත AUSC සංවිධානය මෙහෙයවන සංස්කෘතික කටයුතුවලටද ඔහු නිරන්තරයෙන් දායකත්වය ලබා දෙන්නේය.
ශ්‍රීනාත් මේ සියලූ දේ කරන්නේ එරටදී ඔහු නියැලෙන රැුකියාවට අමතරවය. එරට ප‍්‍රකට පීටර් මැකලම් රෝහලේ වගකිිව යුතු රැුකියාවක නිරත වන්නේය. නමුත් ඔහුට ලැබෙන ඕනෑම ආරාධනාවකට සහභාගීවීමට තරම් ඔහු නිහතමානී චරිතයක්ව සිටී. එනිසාම ශ්‍රී ලංකාවේදී ලැබෙන ජනප‍්‍රියත්වයේ තරමටම ඔහු එරටදීද ශ්‍රී ලාංකීය ජනතාව අතර ජනප‍්‍රිය චරිතයක්ව සිටින්නේය. ඔහු සේවය කරන රෝහලේ සමස්ත කාර්ය මඩුල්ල අතරද ඔහු වඩා ආදරණීය චරිතයකි.
කලාකරුවකු ලෙස කා සමගත් සුහදව කටයුතු කරන ශ්‍රීනාත් මෙරට සිට විවිධ කලා කටයුතු සහ ප‍්‍රසංග සඳහා ඔස්ටේ‍්‍රලියාවට යන කලාකරුවන් වෙනුවෙන්ද නොපැකිළිව උදව් කරන චරිතයකි. එලෙසින් එරටට යන බොහෝ කලාකරුවන් බොහෝ අවස්ථාවලදී නවාතැන් ගත්නේද ඔහුගේ නිවසේදීය.
ශ්‍රීනාත්ගේ ඔස්ටේ‍්‍රලියා නිවස,
ශ්‍රීනාත්ගේ ඔස්ටේ‍්‍රලියාවේ නිවස පිහිටා තිබෙන්නේ මෙල්බර්න් සිට කිලෝමීටර් තිහක පමණ දුරකිනි. ප‍්‍රවාහන සේවයෙහි ඇති පහසුකම නිසා ඒ කිලෝමීටර තිහක පමණ දුර යාමට ගත වන්නේ මිනිත්තු කීපයක් පමණි. මෙම නිවසේ ප‍්‍රධාන චරිතය වන්නේ ශ්‍රීනාත්ගේ ආදරණීය බිරිඳ ශ‍්‍රියානිි ජයවික‍්‍රමය.
උපාධිධාරිනියක වන ඇය මෙරටදී කටයුතු කළේ පරිපාලන ක්ෂේත‍්‍රයේය. එම ක්ෂේත‍්‍රයේ දැනුමින් පොහොසත් වූ ඇය එරටදී කටයුතු කරන්නේ දුම්රිය ස්ථානාධිපතිවරියක ලෙසය. එරට දුම්රිය ස්ථානයක සේවය කරන එවැනි තනතුරක් දරණ එකම තැනැත්තිය වන්නීය. ශ‍්‍රියානි සහ ශ්‍රීනාත්ගේ කැදැල්ල හැඩ කරන පුංචි සුරංගනාවිය වන්නේ ”චමත්කා” දියනියයි. සරසවි ඉගෙනුම ලබන ඔවුන්ගේ ඥාති පුතු චලනද බෙහෙවින්ම ප‍්‍රියමනාප චරිතයකි. මේ සුන්දර නිවස ගැන ශ්‍රීනාත් අදහස් ගොනු කළේ මෙලෙසිනි.
‘‘මේ පළාත අප දෙදෙනාගේම රාජකාරී සඳහා යාමට පහසු තැනැක්. හරිම නිස්කලංක පරිසරයක් මෙහි තිබෙන්නෙ. මෙතැනට අපි හරිම ආසයි. හැබැයි ඉතින් මේ වගේ නිවසක් මිලදී ගන්න එක හෝ තනන එක එතරම් ලෙහෙසි දෙයක් නෙවෙයි. නමුත් අපි දෙදෙනාගේ දැක්ම සහ ගමන මත අපට ඒ දේ කළ හැකි වුණා. අපේ පුංචි සුරංගනාවිය අපි දෙන්නගෙ කැදැල්ලට ආවෙත් මේ සුන්දර නිවසට ආවට පස්සෙයි.”
පුංචි කලාගාරයක් බඳු මෙම නිවසෙහි ප‍්‍රධාන නිදන කාමර තුනක් සහ අමුත්තන් සඳහා වූ කාමරයක් මෙන්ම පුංචි සිනමා ශාලාවකින් සමන්විත කාමරයක්ද තිබේ. එම පුංචි සිනමා ශාලාව සහිත කාමරයේ පුංචි පුස්තකාලයක්ද ඇත. නවීනතම තාක්‍ෂණය යොදා ගෙන ඇති නිසා මෙම පුංචි සිනමා ශාලාවේ සිට සුව පහසුවට චිත‍්‍රපටයක ආස්වාදය ලැබිය හැකිය. ශ්‍රීනාත් සහ ශ‍්‍රියානි සතු මෙම සුන්දර නිවසේ විස්තර දැක බලා ගන්නා අතරේ අපි මේ දෙදෙනාගේ ආදර කතාව ගැනත් විමසීමු.
ශ්‍රීනාත්-ශ‍්‍රියානි ආදර හමුව,
”අනූව දශකයේ අන්තිම කාලයේදී එවකට මම සේවය කළ ආයතනය විසින් මෙහෙයවනු ලැබූ ප‍්‍රදර්ශනයක් තිබුණා. එදා තමයි මම ශ්‍රීනාත්ව මුලින්ම දැක ගත්තෙ. හැබැයි ඊට පෙර එයා ගැන මම අහලා තිබුණා. ඒත් එයා රඟපෑ දේ වැඩිය නරඹා තිබුණෙ නැහැ. එදා ප‍්‍රදර්ශනයෙන් පස්සෙ අපි හොඳ මිතුරන් වුණා. කොහොමද? හලෝ? කියලා නිරන්තරයෙන්ම අපිxඅපි ගැන විමසන්නට, සොයන්නට පටන් ගත්තා. ඔන්න ඔය විදියට මාස ගණනක් ගත වෙද්දී, මම මගේ උසස් අධ්‍යාපන කටයුතු එහෙමත් හමාර කරලයි තිබුණෙ. ඉතින් දවසක්දා ශ්‍රීනාත් එයාගේ හිතේ තිබුණු දේ ප‍්‍රකාශ කළා. එයා මට ඇත්තටම ආදරය කරනබව මට දැනුණා. ඒ වනවිටත් මට ඔස්ටේ‍්‍රලියාවේ ජීවත්වීමේ අවකාශය තිබුණා. නමුත් ශ්‍රීනාත් ඒ කිසිවක් දැනගෙන හිටියෙ නැහැ. එයා මගේ අධ්‍යාපනයට හෝ අනෙකුත් වරප‍්‍රසාදවලට නොවෙයි ආදරය කළේ. අන්න ඒකයි වටින්නෙ. ඉතින් එයා එයාගේ හිතේ තිබුණු දේ ප‍්‍රකාශ කළාට පස්සෙ මම හා කිව්වා. අපි ඉක්මණටම විවාහ වුණා. විවාහ වෙලා කාලයක් ගියාට පසුව චමත්කා අපේ ලෝකෙට ආවා. ඉතින් ජීවිතය සුන්දරයි කියලයි හිතෙන්නෙ. ජීවිතය ආදරණීයයි කියලයි හිතෙන්නෙ. වැදගත්ම දේ ශ්‍රීනාත් මට දක්වන ගෞරවයයි”




















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවෙ හැටියට මේක සාමාන්‍ය ගෙයක් (නි)
දැක්කම ආශා හිතෙනවා. නෙතට ප්‍රිය උපදවන දසුනක්. ඔබට සුබ පතනවා. (නි)
සල්ලිකාර කාන්තාවක් වෙනුවට උගත් කාන්තාවක් බිරිඳ විදියට තෝරා ගත්තු නුවණක්කාර පිරිමියෙකුගේ ප්‍රීතිමත් ජීවිතය දකින්න ලැබීමත් අපිට සතුටක්. ඔබට ජය (බ)
ජය වේවා! ගොඩාක් කැමති නළුවෙක්. මුළු පවුලටම තෙරුවන් සරණයි!(හේ)
ඔබට ජය වේවා!!(හේ)
මුළු පවුලටම බුදු සරණයි (බ)
ඔබගැන ගොඩක් සතුටුයි.....ශ්‍රීනාත් අයිය 1st මොරටුව scout troop එකට සම්බන්ධ වෙලා හිටිය කාලය ගොඩක් රසවත්. (කේ)
තමන් ගැන ඇත්ත කියන්න කවුරුවත් ලජ්ජා වෙන්න අවශ්‍ය නැහැ (නි)
ලස්සන නිවසක්! (නි)
හරිම සතුටුයි. ජය වේවා ඔබලාට! ලස්සන නිවස (නදී)
ලලිත් ඔබගේ කතාව හරි. ශ්‍රීනාත් බුද්දිමත් කෙනෙක් විදියට ජීවිතේ තීරණ අරන් තියෙන නිසා අද ලස්සනට ජීවත් වෙනවා. සුබ පැතුම් .(කේ)
බොහොම හොඳයි (බ)
හරිම සතුටුයි. (බ)
අපි මෙල්බන් වල හමු වුණ හරිම සුන්දර මනුස්සයෙක් (ම )
ඕස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ ගොඩාක් අයට මේ වගේ ගෙවල් තියෙන්නේ මේකක් ගන්න හරිම ලේසි . අලුත් ගෙවල් මිට වැඩිය ලස්සනයි බොරුනම් ඇවිත් බලන්න.. (ම)
ශ්‍රීනාත් ගේ ලස්සන කැදැල්ලට සුබපතන ගමන්ම මම උත්සහ කරන්නම් අපේ උපහාසාත්මක සටහන් එකතු කරපු සොයුරන්ට පිලිතුරක් දෙන්න. ශ්‍රීනාත් ගේ ගෙදර දැකපු වෙලාවෙ මට ලොකු සතුටක් දැනුනා. ඒ මොකද මොටර් වේ එකේ පැය බාගයක් නෙමේ කොච්චර වේලාවක් ගියත් තමන්ගේ කියලා ගෙයක් හදන එක සමහර ඕස්ට්‍රේලියනුවන්ටත් හීනයක්. " ද ග්‍රේට් ඕස්ට්‍රේලියන් ඩ්‍රීම්" කියන්නේ මොකටද කියලා හොයලා බලන්න එතකොට ඔබට වැටහේවි මම කියන්නේ මොකද්ද කියලා. ඒ වාගේම ශ්‍රීනාත් ගේ ගෙදර ඕස්ට්‍රේලියවේ මට්ටමෙන් සාමාන්ය ගෙයක් නෙමේ බොහොම ලස්සන ගෙයක්. මම මේ සටහන් අත්තටම ලිව්වෙ තරහකින් නෙමේ හැබයි පොඩි දුකකුත් එක්ක. මොකද මමත් මෙල්බර්න් නගරයෙන් මිනිත්තු 20 ක් විතර දුරකින් ජීවත් වෙන්නේ. හැබයි මේ ලිපියෙන් මම දක්කේ ශ්‍රීනාත්ගේ ගේ රත්තරන් වත් ගෙදර නගරයෙන් කොච්චර දුරද කියන එකවත් නෙමේ. මම දැක්කේ ලස්සන කැදැල්ලක ඉන්න තවත් ලාංකීයයෙක්, ඒ වගෙම දක්ෂ සාර්ථක නලුවෙක්. අපි හිතන විදිය පොඩ්ඩක් වෙනස් උනා නම් අපිටත් ජාතියක් හැටියට ගොඩක් දුර යන්න පුලුවන් වේවි.(බ)
ඔබට ජයෙන් ජය (බ)
හරිම සතුටුයි.ඔබට ජය (ම)
නුවන්, ඔයා හරි. ලෝකයේ කොහේ හිටියත් අපි ශ්‍රී ලාංකිකයන් හැටියට ආඩම්බර වෙන්න ඕනෑ ශ්‍රීනාත් අද ඉන්න තැන ගැන හිතලා.නමුත් අවසනාවක මහත..! ඔයා කිව්වා වගේ ජාතියක් හැටියට අපේ සිතුවිලි තව ටිකක් වෙනස් කර ගත්තොත් ඉදිරියට යන්න පුළුවන්. නැත්තම් ඉතින් ඊර්ෂ්‍යාව, කුහකකම හැමදාම ඔලුවේ තියාගෙන ජීවත්වෙන අවාසනාවන්තම ජාතිය බවට ශ්‍රී ලාංකිකයෝ පත්වෙන එක වළක්වන්න ශක්‍රයාටවත් බැරිවෙනවා (නි)
ඇත්තටම ලස්සන පවුලක්.(හේ)
ජය වේවා ඔබට!. තව තවත් වැඩි දියුණු වේවා!! (ර)
ගූඩ් ලක් (කේ)
කිලෝ මීටර් 30 යන්න මෝටර් වේ එකේ ගියත් විනාඩි 30 පමණ යනවා!!!! (බ)
රත්තරන් නොපෙන්නුවන් තවත් හොදයි (බ)
සල්ලිකාර කාන්තාවක් වෙනුවට උගත් කාන්තාවක් බිරිඳ විදියට තෝරා ගත්තු නුවණක්කාර පිරිමියෙකුගේ ප්‍රීතිමත් ජීවිතය දකින්න ලැබීමත් අපිට සතුටක්. ඔබට ජය ! (ම)
නිළි සක්කරවට්ටමකට අහු වුණා නම් ඔබට මේ වගේ වාසනාවන්ත ජීවිතයක් ලැබෙන්නේ නැහැ, එයාව නඩත්තු කරන්න පැය 24 ම රස්සා කර කර ජීවිතේ විඳවන්න වේවි. හොඳ උගත් භාර්යාවක් සමග ලස්සන දරු පැටියාත් එක්ක ගෙවන වාසනාවන්ත ජීවිතයට අපේ සුභ පැතුම් ! (බ)
වේල්ස් කුමරුවෙක් වීම අපිට ආඩම්බර හිතෙනවා (නදී)
දැන් මේ මහත්තයා වේදිකාවල, ටෙලි නාට්‍ය වල වැඩිය පෙන්න නෑ.(හේ)
හරිම සතුටුයි. මේ තමන්ගේ දහදිය මහන්සියේ ප්‍රතිළුල. වටිනාකම එකයි. (ම)
මම ආසම නළුවෙක් මේ.(හේ)
උත්සහවන්තයා සියල්ල ජයගනී. මෙයට හොදම නිදර්ශනයක් ශ්‍රීනාත් කලාකරුවා.(ම)
ලස්සන පවුලක්. දැක්කම ආසයි ඔබේ දියුණුව. (ම)
ජය වේවා ඔබලට!. තව තවත් වැඩි දියුණු වේවා!! (අ)
මමත් ඉන්නේ ශ්‍රීනාත්ගේ ගෙවල් ළඟ. නිතර මුණගැහෙනවා. හරිම නිහතමානි චරිතයක්. (නි)
හරිම ලස්සනයි (නි)
ජයවේවා! ( සෙන්ට්‍රල් එකේ යාලුවෝ) (නි)
ශ්‍රීනාත් කියන මේ සොදුරු කලාකරුව ඉතාම උස්සස් ගුණanගඅ වලින් පිරුණු පිරිසිදු චරිතයක් වගේම හොද හදවතක් ඇති පුද්ගලයෙක් ඔහුට ජයෙන් ජය පතන අතරම තුනුරුවන්ගේ පිහට ඔහුගේ සිය සුන්දර පෞලේ අයටත් ප්‍රර්ථනා කරමි.(කේ)