ශ්‍රී පාදස්ථානයේ නව සෙල්මුවා දොළොස්මහේ පහන හා ඝණ්ඨාර කුලුන තැන්පත් කිරීම අද උදෑසන නැකතින් සිදු විය.
පැල්මඩුල්ලේ රූප අරුණ පරිවේණාධීපති තල්ගස්කන්දේ වජිර ශ්‍රී පාද භාරකාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් චාරිත්‍රානුකූලව එම කටයුතු සිදු විය.
එම භාණ්ඩ නල්ලතන්නියේ සිට ශ්‍රීපාද මළුවට රැගෙන එම් අයි 17 හෙලිකොප්ටරය අද උදේ වන විට ගමන් වාර එකොළහක් පියාසර කැර ඇත.
මීදුම හා දැඩි සුළඟ නිසා ඉතිරි ගමන්වාර පහේ මෙහෙයුම කල් ගියේය.
දොළොස්මහේ පැරැණි පහන තිබු ස්ථානයේදීද ඝණ්ඨාර කුලුන ඒ අසලින්ද පිහිටියේය.
ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාල කුලපති නා හිමියන්ගේ අනුශාසනා පරිදි මේ කටයුතු සිදු විණි.
\.gif)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කටයුත්ත සාර්ථකව සිද්ධ කර ගන්න සුමන සමන් දෙවියන්ගේ කරුණාව ආරක්ෂාව අපේ ගුවන් විරුවන්ට ලැබේවා. (ත)
මේ උතුම් කාර්යයට දායක වූ සියලු දෙනා ලොකු පිනක් කර ගත්තේ. (ත)
ලොකු පිනක් කරගන්නේ. (ත)
අනේ අපේ හාමුදුරුවනේ මේ වැඩෙන් පස්සෙ ඔය හෙලිකොප්ටර් ගේන එක නතර කරන්න.මොකද මෙච්චර කාලයක් ලස්සනට තිබ්බ තැනක්,කොන්ක්‍රීට් පුරවලා විනාශ කරන්න එපා.භක්තියක් තියන මිනිස්සුන්ට ඕව නැතත් කමක් නෑ. (දී)
කුසට අහරක් නොමෙති පීඩිත ජනතාව වෙනුවෙන් කරන මෙහෙවරකි.(ත)
සාධු සාධු සාධු (දී)
දැක්ක නේ. සොබා දහමෙන්ම කියනවා ඕක බොරු වැඩක් කියලා.(නදී)
මොනවා උනත් ශ්‍රී පායේ වැඩ සිටින අපේ හාමුදුරුවෝ කරන්න හදන වැඩේ උතුම් වැඩක්! (නදී)
සෝමපාල ඔයා හරියටම හරි. සොබා දහමෙන්ම කියනවා මෙතන බර පටවලා විනාශ කරන්න එපා කියල මෝඩයින්ට මේව තේරෙන්නෙ නෑ.(නදී)
සමනොල සිරසට අධික බරක් පැටවීම කදු මුදුන අස්ථාවර වෙන්න පුළුවන්. (නදී)
බුදුන් වහන්සේ තරම් ස්වභාව ධර්මයට ගෞරව කළ පුද්ගලයෙක් මේ මිහිපිට තවම ඉපදුනේ නැහැ. නමුත් මේ කටිටිය එකතුවෙලා අනාගත සංචාරක ව්‍යාපාරයකට සුභ මුහුර්තයෙන් අත ගසා තිබෙනවා. (නදී)
ඇත්ත. ශ්‍රි පාදයට හෙලිකොප්ටර් ගේන්න එපා. ඒක පූජනීය බවට හානියක්. (නදී)