IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ශූරයන්ගේ කුසලාන තරගාවලිය පැවතිය යුතු බව ඬේවිඞ් ගවර් කියයි

ශූරයන්ගේ කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලිය වෙනුවට ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ශූරතාවලියක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව මේ වන විට කරගෙන යනු ලබන සැලසුම් අතහැර දමන්න යයි එංගලන්ත පිලේ හිටපු නායකයකු වන ඬේවිඞ් ගවර් මහතා අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවෙන් ඉල්ලා සිටී.

එංගලන්තය සහ ඉන්දියාව අතර අද (23 වැනිදා) පැවැත්වීමට නියමිත ශුරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් තරගයෙන් අනතුරුව ශුරයන්ගේ කුසලාන තරගාවලිය මින් ඉදිරියට නොපැවැත්වීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව තීරණය කර තිබේ.

කි‍්‍රකට් කී‍්‍රඩාවේ ප‍්‍රධානතම ආකාර තුන වන ටෙස්ට්, එක්දින සහ විස්සයි/20 තරග සඳහා ලෝක ශූරතාවලි පැවැත්වීම අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ අදහසයි. මේ වන විට විස්සයි/20 සහ එක්දින තරග සඳහා ලෝක කුසලාන තරගාවලි පැවැත්වෙන නමුත් ටෙස්ට් තරග සඳහා ලෝක කුසලාන තරගාවලියක් නොපැවැත්වේ.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තර්කය වන්නේ අන්තර්ජාතික කි‍්‍රකට් තරග කාලසටහන ඉතාමත් කාර්ය බහුල වී ඇති බැවින් ශූරයන්ගේ කුසලාන තරගාවලිය හෝ ටෙස්ට් ශූරතාවලිය යන දෙකින් එකක් පමණක් පැවැත්විය හැකි බවයි. එහෙත් ඬේවිඞ් ගවර් මහතාගේ අදහස වන්නේ ශූරයන්ගේ කුසලාන තරගාවලිය දිගින් දිගටම පැවැත්විය යුතු බවයි.

”අද තරගයේ ප‍්‍රතිඵලය කුමක් වුවත්, ශූරයන්ගේ කුසලාන තරගාවලිය අභාවයට යන එක ගැන නම් මට කණගාටුයි” යයි එංගලන්තයේ ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත් පතට තීරු ලිපියක් ලියන ඬේවිඞ් ගවර් මහතා එහි සටහන් කර තිබේ.

”මගේ පි‍්‍රයතම එක්දින තරගාවලිය ශූරයන්ගේ කුසලාන තරගාවලියයි. එය ඉතා සංෂිප්තයි, තරගකාරීත්වය ඉතාමත් ඉහළයි. ලෝක කුසලාන තරගාවලිය වගේ හෙම්බත්වීමක් එහි නෑ”
”මේක ලෝක කුසලාන තරගාවලියක් වුණා නම් අප තවමත් අවසන් තරගයක් ගැන කතා කරන්නේ නෑ. එහෙනම් අප තවමත් මූලික වටයේ තරග අතර” යයි ගවර් මහතා ලියා තිබිණ.
”ශූරයන්ගේ කුසලාන තරගාවලිය වෙනුවට පවත්වන්න යන ලෝක ටෙස්ට් ශූරතාවලියක් ගැන දැනට තිබෙන සැලසුම් ගැන නම් මට ඒ තරම් පැහැදීමක් නෑ”

”සෑම ටෙස්ට් තරගයකටම වටිනාකමක් එක්වන පරිදි පැවැත්වෙන ටෙස්ට් ලීග් ශූරතාවලියක් තිබීම හොඳයි. එහිදී සෑම ටෙස්ට් තරගාවලියකටම වටිනාකමක් තියෙනවා. මා දැනට එතැනින් නවතින්නම්” (දැන් පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලිය එවැන්නකි)

”ටෙස්ට් තරගාවලියක ශුරයන් තීරණය කිරීමේදී අවසන් පූර්ව තරග සහ අවසන් තරග පැවැත්වීම වගේ ක‍්‍රමවේදයක් ගැන මට හිතන්න බෑ. මා හිතන විදිහට එවන් තත්ත්වයකදී තරගයේ ප‍්‍රතිඵලයට, සත්කාරකත්වයේ වාසිය, තණතීරු, කාලගුණය සහ ඒ වගේ වෙනත් බොහෝ කාරණා බලපානවා”

”අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට මේ ගැන හිතන්න තව කල් තියෙනවා. ලෝකය පුරා තියෙන පොදු මතය අනුව මගේ අදහස් වැදගත් විය නොහැකියි. ඒත් ටෙස්ට් ලෝක කුසලාන ශූරතාවලියක ඉරණම තීන්දු කරන්න එක තරගයක් ප‍්‍රමාණවත් නොවේ යයි හිතන අය තවත්  ඕන තරම් ඇති” යයිද ටෙස්ට් ලෝක කුසලාන ශූරතාවලිය සම්බන්ධයෙන් ගවර් මහතා වැඩිදුරටත් ලියා තිබිණ.

 

(●●)



අදහස් (0)

ශූරයන්ගේ කුසලාන තරගාවලිය පැවතිය යුතු බව ඬේවිඞ් ගවර් කියයි

පහන් Sunday, 23 June 2013 09:59 PM

ඔබ හරි (නි)

:       0       0

ලාල් මල්ලි වීරකැටිය Sunday, 23 June 2013 10:05 PM

ඔබේ අදහසට මමත් එකගයි ගවර් (නි)

:       0       0

මිලාන් Monday, 24 June 2013 05:36 PM

අපි ලංකාව ගැන හිතනකොට මොන හරි කියල හිතනවා (අ)

:       0       0

අමල් Monday, 24 June 2013 12:13 PM

ඔබ හරි (නි)

:       0       0

මහේෂ් Monday, 24 June 2013 06:47 PM

අපේ කාලේ වගේ නෙමේ දැන් ගවරා. ලෝකේ වෙනස්. කොහොම උනත් ටෙස්ට් තරගාවලියත් වටින වැඩක්. (නදී)

:       0       0

උදය Tuesday, 25 June 2013 12:01 PM

ශූරතාවය දිගටම ඉන්දියාවට තියා ගන්න වෙන එක ගැන මෙයලට අමාරුත් ඇති.(නදී)

:       0       0

ගෙරාද් Monday, 24 June 2013 02:12 PM

ලංකාවේ අය එක් දින තරඟ ගහන්නේ ටෙස්ට් වගේ නිසා ටෙස්ට් හොඳයි. (ස)

:       0       0

මංගල Monday, 24 June 2013 03:13 PM

ටෙස්ට් කිරිකට් කියන්නේ කාලෙ කන ක්‍රීඩාවක් ...මේක හොදයි, කාලය නිකම් නාස්ති කරන අයට. (ස)

:       0       0

සින්තක Tuesday, 25 June 2013 01:35 PM

අනිවාර්යෙන් ටෙස්ට් ක්‍රිකට් වර්ල්ඩ් කප් තියන්න ඕනෑ. එතකොට තමයි නියම දක්ෂයන් තේරෙන්නේ (නි)

:       0       0

ස්කා Tuesday, 25 June 2013 06:02 PM

ඒක හොදයි.මොකද ශ්‍රී ලංකාවෙ අය ගහන්නෙ ටෙස්ට් නෙ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 403 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 467 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 146 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1434 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1085 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 423 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site