IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ශ්‍රීලනිප මැයි රැලිය ගාල්ලේ : එජාපය කැම්බල් පිටියේ

130 වැනි වරටත් සැමරෙන ලෝක කම්කරු දිනයේදී කොළඹ නගරය ප්‍රධානව දිවයින පුරා මැයි රැලි හා පෙළපාලි රැසක් සංවිධානය කිරීමට විවිධ දේශපාලන පක්ෂ හා ඊට සම්බන්ධ වෘත්තිය සමිති කටයුතු සංවිධානය කරමින් සිටීයි.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහි සංවිධාන කටයුතුවල මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය විසිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ජාතික සේවක සංගමයේ මූලිකත්වයෙන් සංවිධානය වන එජාප මැයි රැලිය බොරැල්ල කැම්බල් පිටියේදී සවස 3.00 ට පැවැත්වීමට නියමිතය.

ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරෙන ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පෙළපාලිය පළමු වැනිදා දවල් 12.00 ට දෙහිවල එස් ද එස් ජයසිංහ පාසල් ක්‍රීඩා භූමියෙන් ආරම්භ වන අතර සවස 4.00 ට පෙළපාලිය පැවැත්වෙන්නේ කොළඹ බී.ආර්.සී ක්‍රීඩාපිටියේදීය.

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන මැයි රැලිය තිඹිරිගස්යාය හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙනි. ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශවිමුක්ති මහජන පක්ෂය,  ජාතික නිදහස් පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමය යන පක්ෂ ද එහි කොටස්කරුවෝ වෙති.

ජාතික වෘත්තිය සමිති පෙරමුණ සංවිධානය කරන රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශ වෘත්තිය සමිති ඒකාබද්ධ මැයි පෙලපාලිය දවල් 1.00 ට නාවල හංදියෙන් ආරම්භ වන අතර එම රැලිය සවස 3.00 ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ.

එක්සත් සමාජවාදී පක්ෂයේ මැයි දින පෙළපාලිය දවල් දකට මීතොටමුල්ල රජයේ ගබඩා සංකීර්ණය අසළින් ආරම්භව අවිස්සාවේල්ල පාර ඔරුගොඩවත්ත මංසන්ධිය ඔස්සේ ග්‍රෑන්ඩ්පාස් දක්වා පැමිණ සවස 4.00 ට කොස්ගස් හංදියේදී රැලිය පැවැත්වේ.  පක්ෂයට අනුබද්ධ නිදහස් වෘත්තිය සමිති මධ්‍යස්ථානය ඇතුලු සෙසු සංවිධාන සහභාගීත්වයෙන් ‘ගෝලීය ධනවාදයට ජාතිවාදයට හා හවුල් දේශපාලනයට එරෙහිව ගොවි කම්කරු ආණ්ඩුවක් සඳහා‘ මැයෙන් මෙවර රැලිය පැවැත්වේ.

දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය සහ මාතර මාධ්‍යවේදියෝ සංවිධානය කරන මැයි රැලිය උදේ 8.30ට ගාල්ල නගරයේදී පැවැත්වේ.

 

 



අදහස් (0)

ශ්‍රීලනිප මැයි රැලිය ගාල්ලේ : එජාපය කැම්බල් පිටියේ

නන්ද Tuesday, 26 April 2016 02:07 PM

අපේ කම්කරු සහෝදරයෝ අර පිලටයි මේ පිලටයි බෙදිලා. එයාලට තිබෙන කම්කරු ප්‍රශ්න ගැන එයාලට ගානක් වත් නැහැ. අර නායකයයි මේ නායකයයි පස්සේ යනවා. ඔය කිසි නායකයෙක් කම්කරු ප්‍රශ්න වලට විසඳුම් දීල තියෙනවද. ජුලි වර්ජකයන්ට මොකද වුනේ ? සේවක අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරලා මෑත අතීතයේ කී දෙනෙක් මිය ගියාද ? ඒ අහිංසකයන් වෙනුවෙන් ඔය නායකයන් මොනවද කරලා තියෙන්නේ ? හරියට බැලුවහම කම්කරුවෝ හැම දාම රැවටිලා. නියම සැලැස්මක් ඇතුව නායකයෝ කම්කරුවන්ව බේද බින්න කරලා. ඒ උගුලට කම්කරු සහෝදරයෝ අහුවෙලා. (බ)

:       0       0

ධම්ම Tuesday, 26 April 2016 02:09 PM

මැයි පලවනදාට දේශපාලකයින් මෙච්චර දඟලන්නේ ඇයි. (බ)

:       0       0

නිම්මි Tuesday, 26 April 2016 03:00 PM

එදටනම් ජනාධිපති තුමා පරිස්සමෙන් වැදගත් කතාවක් පවත්වන්න.(හේ)

:       0       0

කරූ Tuesday, 26 April 2016 09:12 AM

ඔර්ජිනල් ශ්‍රීලනිප මැයි රැලිය කිරුලපනේ... (ර)

:       0       0

හිරන්ත Tuesday, 26 April 2016 10:32 AM

ඇවිත් හු කියන නැති අය එන්න (හේ)

:       0       0

නිමල් Tuesday, 26 April 2016 12:46 PM

බඩගෝස්තරවාදී දේශපාලන බල පෙරේතයන් සහ ඔවුන්ගේ ගැත්තන් නිසා එදාට ගමන් බිමන් යන සාමාන්‍ය ජනතාවට දෙවියන්ගේම පිහිටයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 115 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 992 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 263 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 161 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 362 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 902 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site